බීජිං වෙතට පියඹන අතරේ.....
අතුරුදන්වූ අහස් යන්තරේ...
හොයලා බැලු වතුරේ...කෑල්ලක් වත් නෑ මිතුරෙ...
මොකද උනේ මටද නොතේරේ........
මෙම ත්රෙඩ් එක බලලා... උපුටා ගත් දෙය සොයලා...
කියනෙමි විස්තර කරලා......
හොද හැටි ගලපාලා.. විකාර ඉවතට දාලා...
ගයන්නෙ මම අසන්න ඔබලා...
දෙදහස් දාහතරේ වරුසේ..
මාර්තු හත් වෙනි දවසේ......
උනු දෙය අසන්න අහසේ...
තරංග නිසි සේ
නොලැබී ගියාලු දුක සේ...
M H ත්රී සෙවන්ටි රහසේ.....
ඉන්දුනීසියා අහසේ
මේ ශනිදා දවසේ......
උදේ රැයින් නැගුනු යන්තරේ.....
පාලණ කුළුනේ..
සංවාදයයි නතර වුනේ...
ඊට පසුව මොනවද කෙරුනේ ?
බීජිං වෙතට පියඹන අතරේ.....
විවිධ රටවල මිනිසුන්
දෙසිය තිස් නවයක්...
තත්පරේට නැතිවිය රහසින්...
මුහුදට වැටුනේ නැතිනං...
ගොඩබිම හොයලා බැරිනං...
මොකක්ද මෙහි විය හැකි දෙය නම් ?
එදා බදාදා දිනේ
මැලේියාවෙන් පිටතක් වුනේ...
චීනයේ බීජින් වෙත යන්නේ.....
කිසි කෙනෙක් නොදන්නේ...
අතුරුදන් වෙන්නයි යන්නේ...
පූරුවෙ කල කරුමයක්ද මේ..
සිග්නල් නැතිවෙලා ගිහිං
සිටි තැන නැවත හරවමින්...
යානය ගෙනගොස් ඇත ගුවනින්...
පැය ගැනක් ගෙවෙමින්..
එන්ජින් එවු විස්තරයෙන්...
දැන ගත්තේ එලෙසයි එය මං...
පුරා සතියක් තිස්සේ...
හැම දෙන මුහුදක් අස්සේ..
හෙව්ව නමුත් නෑ ථලක්වුනේ...
ලෝකෙම සැලෙනා..
ඇමරිකානුවන් පැරදුනා..
යුධ නැව් ආපසු හැරුනා....
පිටසක්වල පැත්තේ
අරගෙන ගියාද මේ දේ....
හිතෙනවා දැන් දැන් අපිට....
මත්තල පැත්තේ
ගොඩ බෑවාද යන්තරේ...
සමහරු බැලුවයි රහසේ...
පිළිතුරක් සොයමිනා
ඇතැමෙක් කුරුම්බා ගෙනා...
මාරු වෙවී බෝට්ටු පැද්දේ...
අනාවැකි කියා...
තම කම දාගනිම් කියා....
සමහරු ලියුම්ද ලිව්වේ.....
මව් පියන් නැති වෙලා..
දූ දරු දුකෙන් තැවෙනවා...
පිළිතුරු එයි බලා සිටිනවා.....
ෆෝන් වදිනවා..
ෆේස්බුක් චැටින් ඉන්නවා..
රිප්ලයි නැතුව හොයනවා....
ඇන්ටන් ජෝන්ස් ට කියලා කියවමුකො
