මචන්ලා, මැලේසියා අයි ටී ජොබ් කරන අය කවුරු හරි ඉන්නවද? සාමන්යයෙන් කීයක් විතර මාසෙට වියදන් වෙනවද ( කපල් එකක් ගියොත් සහ තනියම. ගෙවල් කුලී, කෑම වියදම්, ගමන් වියදම් වගේ දේවල් තමයි දැනගන්නෝනා. ) සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ගේ මාසේ පඩිය කොහොමද? මාසෙකට MYR10000ක් කියන ගාන ඇතිද? තව දෙයක්, මුල මාස 6 ටැක්ස් එක 30% කියන්නේ ඇත්තද? මාස 6ට පස්සේ ඒක 10% වලට අඩු වෙනවද?