මටත් තියනවා, ඒ උනාට කලින් වගේ නෑ කලාතුරකින් හැදෙන්නෙ.
මම බෙහෙත් ගත්තෙ නාවින්නෙ හොරිවිල වෙදමහත්තයාගෙපුතෙක්ගෙන්.
මට කරන්න දුන්නා බෙහෙත් 2ක්.
1. කපු පහන්තිරයක් කහ තලතෙල් මිශ්රණයක පොගවලා ඒක පත්තු කරන්න ඕනෙ. ඒකෙ ගින්දර පත්තු උනාම නිමලා ඒකෙන් එන දුම නාස් පුඩු දෙකට මාරුවෙන් මාරුවට අල්ලන්න ඕනෙ(හිතෙන තරම් ලේසි නෑ, හරි අමාරුයි මේක. අනික කපු පහන්තිරයක් හරි කපු රෙදි කෑල්ලක් විතරක් ගන්න, නයිලෝන් නැති, නැත්තන් ව්වෙන ලෙඩක් හැදෙයි)
2. එයා දුන්නා තෙලක්(නැත්තන් ඕන බෙහෙත් තෙලක්) අරන් දෙහි ඉස්ම බින්දු කිහිපයක් මිශ්ර කරලා හිස මුදුනට දාලා සම්බාහනය කරන්න(මුලු ඔලුවටම දාන්න ඕනෙ නෑ)
මේකෙදි වෙන්නෙ අපේ ඔලුවෙ තියන ස්නායු තදවීමක් කියලා තමා මම අහලා තියෙන්නෙ
මේක ඇතිවෙන්න හේතු
විවිද අයට විවිද හේතු. සමහර අයට වෙලාවට නොකෑම, සමහර අයට නින්ද අඩු වීම, සමහර අයට කෝපි, මගෙ යාලුවෙක් හිටියා එයාට චොකලට්, සමහර අයට මානසික ආතතිය, පෝෂණ ඌනතා
අපේ හේතුව හොයාගන්න පුලුවන් නම් ඒක තමා හොද. මට ගොඩක් වෙලාවට වෙන්නෙ නින්ද අඩු උනාම. රෑ නැගිටගෙන පාඩම් කරන්න මට බෑ. මම ඒකෙන් වැලකිලා ඉන්නවා.
ෆේස්බුක් එකේ මම දැක්කා අපේ ඇගේ කොපර් සාංඝටකය අඩු උනාමත් වෙනවා කියලා. ඒකට කලු තල කන්න කියලා.
මීට අමතරව හැදීගෙන එද්දි(ඇස් වල තරු පේන්න ගනිද්දි, මිග්රේන් තියන අය දන්නවා තරු මොනාද කියලා) ෆ්ලුනරිසින් කියලා ටැබ්ලට් එකක් තියනවා බොන්න. ඒක බිව්වම අඩු වෙනවා.හොදටම හැදුනට පස්සෙ බිව්වට වැඩක් නෑ.