මිග්‍රේන් හෙල්ප්

dickensian

Well-known member
  • මිග්‍රේන් හෙල්ප්

    මචංලා, මට මිග්‍රේන් තියෙනවා.
    ලංකාවේ කවුද හොද සිංහල වෙද මහත්තයෙක් ඉන්නෙ මිග්‍රේන් වලට බෙහෙත් කරන්න පුලුවන්.
    ඉංග්‍රීසි බෙහෙත් කලා කලා වැඩක් නෑ ඒවට හොද වෙන්නේ නෑ.
    මිග්‍රේන් හොදටම හොද කරන්න දන්න ඩොක්ටර් කෙනෙක් දන්නවනම් මට පොඩ්ඩක් කියන්න.
     

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ආහ් රෙඩ් ෆ්‍රේම්. උඹ නේද අර එක පාරක් රෙඩ් ෆ්‍රේම් උඹටයි උඹෙ බොසාටයි තුවක්කුවක් දික් කලා කියලා පොයි ඇරියේ සංවාද මණ්ඩපයෙ
     

    zk8er

    Member
    Dec 12, 2018
    16
    3
    0
    matath migrain tibba bn pattama amarui hedunama dawas ganan tiyenwa..english beth gaththta weedak ne ...ubata puluwan nm kanannke innwa sinhala wedek ..man ehen gaththa mata den boho durata hodai machan awurudu dekatama thwama eka parai heduneh issara maseta parak wage hedenwa..eyage gawa kudak tiyenwa nahayata adinna denwa eken heduna welwata hoda wenwa eddama..ubata muladi lee pirisidu wenna beth dei eka bila aye palayan eya athi kiyanakam..hebei den eh wedamahaththaya innwada danne eyage golayoda danne beth denneh kokatath gihin balapan
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ආහ් රෙඩ් ෆ්‍රේම්. උඹ නේද අර එක පාරක් රෙඩ් ෆ්‍රේම් උඹටයි උඹෙ බොසාටයි තුවක්කුවක් දික් කලා කියලා පොයි ඇරියේ සංවාද මණ්ඩපයෙ


    මරු ආතල් ටිකක් නේද දුන්නේ....:lol:ඇයි රෙඩ් ෆ්රෙම්ගේ හෝටලේ...:lol::lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    leech therapy :yes:
    බොරැල්ලෙ ආයුරුවේදෙ කරනවා...
    බෙහෙත් කූඩැල්ලො අරන් ආවොත් නොමිලේ.. නැත්තම් 600ක් ගන්නවා උන්ට... (200x3)
    මටනම් ඒකට සෑහෙන්න අඩු උනා..
    ගිහින් බලහන්.. :yes:
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    මටත් තියනවා, ඒ උනාට කලින් වගේ නෑ කලාතුරකින් හැදෙන්නෙ.
    මම බෙහෙත් ගත්තෙ නාවින්නෙ හොරිවිල වෙදමහත්තයාගෙපුතෙක්ගෙන්.
    මට කරන්න දුන්නා බෙහෙත් 2ක්.
    1. කපු පහන්තිරයක් කහ තලතෙල් මිශ්‍රණයක පොගවලා ඒක පත්තු කරන්න ඕනෙ. ඒකෙ ගින්දර පත්තු උනාම නිමලා ඒකෙන් එන දුම නාස් පුඩු දෙකට මාරුවෙන් මාරුවට අල්ලන්න ඕනෙ(හිතෙන තරම් ලේසි නෑ, හරි අමාරුයි මේක. අනික කපු පහන්තිරයක් හරි කපු රෙදි කෑල්ලක් විතරක් ගන්න, නයිලෝන් නැති, නැත්තන් ව්වෙන ලෙඩක් හැදෙයි)
    2. එයා දුන්නා තෙලක්(නැත්තන් ඕන බෙහෙත් තෙලක්) අරන් දෙහි ඉස්ම බින්දු කිහිපයක් මිශ්‍ර කරලා හිස මුදුනට දාලා සම්බාහනය කරන්න(මුලු ඔලුවටම දාන්න ඕනෙ නෑ)

    මේකෙදි වෙන්නෙ අපේ ඔලුවෙ තියන ස්නායු තදවීමක් කියලා තමා මම අහලා තියෙන්නෙ

    මේක ඇතිවෙන්න හේතු
    විවිද අයට විවිද හේතු. සමහර අයට වෙලාවට නොකෑම, සමහර අයට නින්ද අඩු වීම, සමහර අයට කෝපි, මගෙ යාලුවෙක් හිටියා එයාට චොකලට්, සමහර අයට මානසික ආතතිය, පෝෂණ ඌනතා
    අපේ හේතුව හොයාගන්න පුලුවන් නම් ඒක තමා හොද. මට ගොඩක් වෙලාවට වෙන්නෙ නින්ද අඩු උනාම. රෑ නැගිටගෙන පාඩම් කරන්න මට බෑ. මම ඒකෙන් වැලකිලා ඉන්නවා.
    ෆේස්බුක් එකේ මම දැක්කා අපේ ඇගේ කොපර් සාංඝටකය අඩු උනාමත් වෙනවා කියලා. ඒකට කලු තල කන්න කියලා.

    මීට අමතරව හැදීගෙන එද්දි(ඇස් වල තරු පේන්න ගනිද්දි, මිග්‍රේන් තියන අය දන්නවා තරු මොනාද කියලා) ෆ්ලුනරිසින් කියලා ටැබ්ලට් එකක් තියනවා බොන්න. ඒක බිව්වම අඩු වෙනවා.හොදටම හැදුනට පස්සෙ බිව්වට වැඩක් නෑ.


     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    සිංහල වෙදකම ගෘප් එකේ පලඋන ලිපියකි..

    අපේ මොලේ වේදනා සංවේදක නියුරෝන නැහැ. ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕනි අපිට මේ දැනනෙ වේදනාව මොලේ ඇතුලතින් එන එකක් නොවන බව,

    මේ වේදනාව එන්නේ මොළයට පිටතින් ඇති ධමණි වලින්. ධමණි පිටත තියෙනවා වේදනා සංවේදක නියුරෝන. ඒවා තියෙන්නේ එම ධමනි වලට වැඩි පීඩණයක් ආවොත් උත්තේජනය වෙලා වේදනවාක් ගෙන දෙන්නයි. දැන් මේ දැනෙන වේදනාව ඒ සිග්නල් එක බව අපි දන්නේ නැහැ. ඉතින් වේදනා නාශකයක් භාවිතා කරලා කැක්කුම නැති කරගන්නවා. හරි ලේසියි නේද?

    අපි සොයා ගන්නට ඕනි ඇයි මේ රුධිර පීඩණය වැඩි වුනේ කියලා.

    අපේ ශරීරයේ ඕනිම පේශියක් සංකෝචනය වන්නට කැල්සියම් අවශ්‍ය වෙනවා. නැවත ඒ හැකිළුණු පේෂිය දිග හරින්නට මැග්නීසියම් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් හැකිළුණු පේෂියක් දිග හැරගන්නට බැරි වුනාම මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. මම හිතන්නේ මේ කියවන සියලුම දෙනාට කෙණ්ඩා පෙරලිලා ඇති. එය කෙතරම් වේදනා සහගත දැයි ඔබ දන්නවා. මේ තත්වයම තමයි ධමණි ඇතුලටත් බලපාන්නේ.

    මෙතනටම තවත් කෙටි එක් කිරීමක් කරන්නම්. ඔසප් වීමේදී ඇතිවන වේදනාවත් මේකමයි. ඝර්භාෂයේ බිත්ති සංකෝචනය වෙලා දිගහැරෙනනට බැරි වීම නිසා හටගන්නා වේදනාව තමයි ඒ කාලයට දැනෙන්නේ. ඉතිං කරන්නට තියෙන්නේ කැලිසියම මැගිනීසියම් වැඩිපුර තියෙන කෑම හොයාගෙන කන එකයි. නැතිව පේන් කිලර් ගහලා හරියන්නේ නැහැ.. ඒකත් මතක් වුනා මේක ලියන කොට.

    හරි අපි මෙහෙම හිතලා බලුමු. එකම විශ්කම්භය ඇති රබර් හෝස් එකකුයි පිවීසී බටයකුයි සමාන දිගක් අරගෙන පයිප්ප දෙකකට සම්බන්ධකරලා එකම ජල ධාරාවක් එකම වේගයකින් පිටතට එන්නට සැලැස්වුවහොත් කිනම් බටයේ පීඩණය වැඩිවෙයිද? මොකද හිතන්නේ. රබර් බටයේ පීඩණය අඩුයි නේද? මොකද ඒක රබරි නිසා බටය විස්තාරනය වෙලා පීඩණය අඩු කරගන්නවා. දැන් හිතා බලන්න අපේ ධමණි වල පීඩනයටත් මේතත්වය බලපානවා නේද කියලා. ධමණියේ ඉලාස්ටිසිටි එක. නැතිනම් නම්‍යතාවය නැති වුවහොත් කුමක් වේද? ධමණිය පීවීසී බටේ වගේ ඝන වෙනවා නේද? ඉතින් රුධිර පීඩණය වැඩි වෙනවා. එය වේදනා සංවේදක නියුරෝන වලට දැනෙනවා. ඉතිං රිදෙනවා. අපි වේදනාව නැති කරගන්නට බෙහෙත් බොනවා. අපි කෙතරම් නුවනක්කාරද කියලා දැන් හිතලා බලන්න. මේ නම්‍යතාවය පවත්වාගෙන යන්නට අපි දිනපතා ආහාර සමග කොපර් නැතිනම් තඹ කියන ඛණිජ ලවනය ගත යුතුයි. ඉතිං කොපර් නැතිනම් රබර් හෝස් එක පීවිසි බටයක්බවට පත්වේවි.

    කැල්සියම් මැග්සීසියම් ගැන තවම කිව්වේ නැහැනේ.

    වෙදමහත්තයා කවදා හරි ඔබගේ නාඩි බලලා තියෙනවාද? නාඩි කියන්නේ මොනවාද? නාඩි කියන්නේ හදවතේ ගැස්ම කියලා නේද හිතන්නේ. නැහැ. ඒ ගැස්ම හදවතේ ගැස්මට සමානයි. නමුත් ඒ හදවතේ ගැස්ම නෙවෙයි. අපේ හදවතෙන් පිටත් වෙන රුධිරය ධමණි මගින් ක්‍රමාංකුංචනය කියන යාන්ත්‍රනය මගින් ඉිදිරියට තල්ලු කරනවා. එක තැනක් සංකෝචනය වෙලා ඉදිරිපැත්ත ඉහිල් වෙනවා. ඉතිං ඒඅතර ඇති රුධිරය ඉදිරියට තල්ලු වෙලා යනවා. මේ විදිහට මුළු ශරිරයේම රුධීරය ඉිදිරියට ගෙනියනවා. හරි අපූරුයි නේද? මේ ගෙනියන දුර කිලොමීටර් 25000 කට වැඩියි. අපේ ශරිරයේ ඇති සියළු රුධිර නාල එක්කරලා ගත්තොත් මේලෝකේ වටේ තුන් පාරක් ඔතන්න පුලුවන්. ධමණි ගැනනේ අපි මේ කතා කරන්නේ. මොකද ශිරාවල නාඩි වැටෙන්නේ නැහැනේ.
    ධමණි වල රුධරය ඉදිරියට තල්ලු කර හරින්නේ ධමණිය සංකෝචනය වෙලා. ඉතිං ධමණියේ පේශි සංකෝචනය වෙන්න ඕනි. මේකට මම කලින් කිව්වො වගේ කැලිසියම් තියෙන්න ඕනි. කැල්සියම් අපිට සාමාන්‍යයෙන් අඩු වෙන්නේ නැහැ මොකද අපේ අස්ථිවල තියෙන කැල්සියම් හරි අරං අපිට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය මේන්ටේන් කරන ක්‍රමයක් අප ශරීරය සතුයි. මේ ගැන වෙන වෙලාවක කතා කරමු. දැන් මේ ගැන කතා කරමු.

    දැන් ඉතින් හැකුළුනු ධමණිය දිගහරින්න එපැයි නේද? ඒකට දැං මැග්නීසියම් අවශ්‍ය වෙනවා. අපිට මැග්නීසියම් අඩු වුනොත් නං සංචිත නැහැ. පිත්තාශයේ විතරයි ටිකක් හරි තියෙන්නේ. ඉතිං අපි අපේ ආහාර වේලට මැගිනීසියම් එක්කරගන්නේ නැතිනම් මොකද වෙන්නේ අපේ හැකිළුණු පේශි දිගහැර ගන්නට බැරි වෙනවා. කෙණ්ඩා පෙරලෙන්නට හේතුවමේකයි. දැන් ධමණියට මෙය කෙසේ බලපායිද? දැං හැකිළුණු ධමණිය දිග හැරගන්නට බැරුව ඉන්නවා. හරියට රබර් හෝස් එක අගින් මිරිකං ඉන්නවා වගේ කියලා හිතන්නකො. මොකද වෙන්නෙ. පීඩණය වැඩිවෙනවා නේද? මෙන්න මේ පීඩණය අර ධමණි වලට පිටතින් ඇති වේදනා සංවේදක නියුරෝන වලට දැනනෙවා. ඉතිං වේදනාව හටගන්නවා. මේක නැතිකරන්නට අපි වේදනා නාශක බොනවා. අපි හරිම ස්මාට් කියලා තමයි හිතාගෙන ඉන්නේ. අමු මෝඩයෝ අපි. ශරීරය අපිට ස්වභාව ධර්මයෙන් දෙන සිග්නල් එකක් තේරුම්ගන්නට බැරි මෝඩ රැලක් අපි. හා කමක් නැහැ ඉදිරියට යමුකෝ.

    දැන් කාරණා කිහිපයක් කතා කලා. එකක් කොපර් නැතිවීම. අනික මැග්නීසියම් නැතිවීම. තවත් කාරණා කිහිපයක් තියෙනවා. එන් ප්‍රධානම එකක් තමයි ධමණි වලට මෙවැනි පීඩණයක් ඇතිවූ විට හෝමෝනයක් මගින් අපගේ ධමණි ටිකක් පුම්බලා විස්තාරනය කරලා ඉඩ අරං දෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ හෝමෝනය නිපදවන්නට බැරිනම් ඒත් අර ගැටළුවම එනවා.ඒ හෝමෝනය තමයි ප්‍රොස්ටග්ලැනිඩිංස් කියන්නේ. ඉතින් අපි මේ හෝමනෙය නිපදවන්නට හැකි ආහා ගන්නත් වෙනවා.

    තවත් කාරණාවක් තමයි රුධිරයේ ඝණතිවය වැඩිවීම. මේකට හේතු ගණණා වක් තියෙනවා. මෙය වෙනමම පාඩමක්. ඒත් සරලව කතාකරන්නම්. රුධිර පීඩණය වැඩිවන්නට බලපාන ප්‍රධානම කරුණු තමයි

    දුම්පානය
    රුධිරයේ හෝමෝ සිස්ටීන් වැඩි වීම
    රුධිරයේ ඔක්සිකරණය වූ කොලෙස්ටරෝල් වැඩි වීම.

    මේවායින් අත්මිදෙන්නට නම්

    දුම්පානය. නතර කල යුතුයි

    හෝමෝ සිස්ටීන් යනු අපගේ සෛල අභ්‍යන්තර ක්‍රියාවලිකයදී ඇතිවන අපද්‍රව්‍යයකි. මෙය අඩු කරගැනීමට පහත ඇති පෝෂණ කොටස් ලබා දිය යුතුයි.

    Selenium

    Vitamin B 6

    Vitamin B 12

    Folic Acid

    N-Acytel-Cysteine

    Alpha Lipoic Acid

    මේවා අපි ආහාරයට ගන්නවා නම් අර අපේ රුධිරයේ ගණත්වය වැඩි කරන හොමෝ සිස්ටීන් කියන අපද්‍රව්‍යය ග්ලූටතයොන් නැමති හෝමෝනය බවට පෙරලයි. බලන්නඅපේ ශරීරය කෙතරම් විශ්මිතද කියලා. දැන් ටික දිනක ට පෙර ග්ලූටතයොන් ගැන ගැටලුවක් තිබුනා නේද? කවුරුවත් මේ නිකං ගන්න පුලුවන් ග්ලූටතයොන් ගැන කතා කලේ නැහැ. සල්ලි දිලා පිටන් ගන්න කෘත්‍රීම ග්ලූටතයොන් ගැන තමයි උනන්දු වුනේ. කමක් නැහැ දන්නේ නැති කමට වෙන්න ඇති.

    ඔක්සිකරණය වීම නවත් වන්නට නම් ප්‍රතිඔක්සිකාරක ඇති ආහාර දෛනිකව අප ගතයුතුයි. ඒ ගැන මම දීර්ඝ ලෙස කොලේස්ටරෝල් ගැන කතා කරන විට විග්‍රහ කල ා. ඒ ලිපිය බලන්න.

    තවත් එක් පෝෂ්‍ය කොසක් දෙන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි ඔමේගා. 3,6,9 . මේතුන නැති වුනාමත් ධමණි තුල සුමටව රුධිරය ගමන් කරන්නට බැරි වෙනවා.

    දැන් අපි මේ පෝෂ්‍ය කොටස් ටික දෙන්නේ කොහොමද කියලා විතරයි දැනගන්නට ඇත්තේ. මම ඉහල කමෙන්ට්එකක් දැම්මා මිග්රේන් මාසදෛකක් ඇතුලත සුව කල හැකියි කියලා. ඒත් ඒ කොහොමද කියලා මම ප්‍රසිද්ධීයේ කතා කලේ නැහැමොකද වෙළද නාමයක් ගැන කතා කරන්නට වෙන නිසා. අවශ්‍ය වුනොත් මම එය මෙහිම පල කරන්නම්

    ගොඩක් අය ඉන්බොක්ස් ඇවිත් අහන නිසා මෙහි පල කරන්නම්. වෙබ් සයිට් එකට ගිහින් විස්තර ලබා ගන්න. ගොඩක් සප්ලිමන්ට් වර්ග තියෙනවා ඒවායින් මේ සප්ලිමන්ට් එක තමයි මේකට ගන්න ඕනි.

    මේ සප්ලිමන්ට් එක මාස දෙකක බෝතලයක් අරං පාවිච්චි කරලා බලන්න. සති දෙකක් යනවිට සාමාන්‍යයෙන් සුව අතට හැරෙනවා. මාස දෙකකට පස්සේ නවත් වන්න එපා තව මාස දෙකක් වත් ගන්න වෙනවා.මොකද අපේ ශරීරයේ නව පඨක නිපදවන්නට මාස තුනක පමණ කාලයක් ගතවෙන නිසා. ( වැඩි විස්තර අවශ්‍ය නම් අජන්ත මහතාට කතා කරන්න. 0777316629)

    මීට අමතරව කළු තල මේස හැදි දෙකක් විතර දවසකට කන්න. වැඩිපුර කොපර් ටිකක් සිරුරට එක් කරගන්නට.

    තවත් දෙයක් කියන්න ඕනි. මෙම රෝගී තත්වය පමණක් නොව සියළු දෙනාම මේ ආහාර ටික අත්හරින්න ඕනි. ඒ වගේ ම මෙම පුරුදු ඇති කරගන්න වෙනවා. නැතිනම් මොන බෙහෙත කලත් වැඩක් නැහැ.

    පාන්පිටි වලින් හදන කෑම
    ගැඹුරු තේල් බදින කෑම
    බාබකියු කරල ලද කෑඹ
    මයික්රෝ වේව් අවන් වල දාලා රත්කරන කෑම
    මාගරින්
    නයිට්රේට් අඩංගු මස් වර්ග ( සුපර්මාර්කට් වල තියෙන පැකට් කරලා තියෙන මස් රතු පාටට තියෙන්නේ නයිට්රේට් නිසා)
    සොසේජස් වර්ග
    මොනෝ සෝඩියම් ග්ලූටමේට් අඩංගු ආහාර
    කාබනේටඩ් බීම වර්ග

    රාත්‍රී නින්ද හරි වැදගත්. පැය හතහමාරක් වත් නිදා ගන්න.
    ජලය යහමින් බොන්න
    රාත්‍රී කාලයේ නාන්න එපා


    https://vitaegene.com/product/vitae...mA8IRcil-mrxaEGfKD6naF9hAXrfbIhdkCIruurvjJZcY
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මටත් තියනවා, ඒ උනාට කලින් වගේ නෑ කලාතුරකින් හැදෙන්නෙ.
    මම බෙහෙත් ගත්තෙ නාවින්නෙ හොරිවිල වෙදමහත්තයාගෙපුතෙක්ගෙන්.
    මට කරන්න දුන්නා බෙහෙත් 2ක්.
    1. කපු පහන්තිරයක් කහ තලතෙල් මිශ්‍රණයක පොගවලා ඒක පත්තු කරන්න ඕනෙ. ඒකෙ ගින්දර පත්තු උනාම නිමලා ඒකෙන් එන දුම නාස් පුඩු දෙකට මාරුවෙන් මාරුවට අල්ලන්න ඕනෙ(හිතෙන තරම් ලේසි නෑ, හරි අමාරුයි මේක. අනික කපු පහන්තිරයක් හරි කපු රෙදි කෑල්ලක් විතරක් ගන්න, නයිලෝන් නැති, නැත්තන් ව්වෙන ලෙඩක් හැදෙයි)
    2. එයා දුන්නා තෙලක්(නැත්තන් ඕන බෙහෙත් තෙලක්) අරන් දෙහි ඉස්ම බින්දු කිහිපයක් මිශ්‍ර කරලා හිස මුදුනට දාලා සම්බාහනය කරන්න(මුලු ඔලුවටම දාන්න ඕනෙ නෑ)

    මේකෙදි වෙන්නෙ අපේ ඔලුවෙ තියන ස්නායු තදවීමක් කියලා තමා මම අහලා තියෙන්නෙ

    මේක ඇතිවෙන්න හේතු
    විවිද අයට විවිද හේතු. සමහර අයට වෙලාවට නොකෑම, සමහර අයට නින්ද අඩු වීම, සමහර අයට කෝපි, මගෙ යාලුවෙක් හිටියා එයාට චොකලට්, සමහර අයට මානසික ආතතිය, පෝෂණ ඌනතා
    අපේ හේතුව හොයාගන්න පුලුවන් නම් ඒක තමා හොද. මට ගොඩක් වෙලාවට වෙන්නෙ නින්ද අඩු උනාම. රෑ නැගිටගෙන පාඩම් කරන්න මට බෑ. මම ඒකෙන් වැලකිලා ඉන්නවා.
    ෆේස්බුක් එකේ මම දැක්කා අපේ ඇගේ කොපර් සාංඝටකය අඩු උනාමත් වෙනවා කියලා. ඒකට කලු තල කන්න කියලා.

    මීට අමතරව හැදීගෙන එද්දි(ඇස් වල තරු පේන්න ගනිද්දි, මිග්‍රේන් තියන අය දන්නවා තරු මොනාද කියලා) ෆ්ලුනරිසින් කියලා ටැබ්ලට් එකක් තියනවා බොන්න. ඒක බිව්වම අඩු වෙනවා.හොදටම හැදුනට පස්සෙ බිව්වට වැඩක් නෑ.



    Aura එක.. :dull::dull:

    මේකෙ ගනන් මිනුම් කොහොමද බන්? ඕනෙම ෆාමසියක තියෙනවද?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපෝ මටත් තියෙනවා මට ටැබ්ස් 3ක් දීල තියෙනවා හැදෙන්න පටන්ගද්දීම ගන්න, ගත්ත ගමන් අඩු වෙනවා
     

    dickensian

    Well-known member
  • හෙනයා;24065529 said:
    leech therapy :yes:
    බොරැල්ලෙ ආයුරුවේදෙ කරනවා...
    බෙහෙත් කූඩැල්ලො අරන් ආවොත් නොමිලේ.. නැත්තම් 600ක් ගන්නවා උන්ට... (200x3)
    මටනම් ඒකට සෑහෙන්න අඩු උනා..
    ගිහින් බලහන්.. :yes:

    බෙහෙත් කූඩැල්ලන්ගෙන් මොනවද බං කරන්නේ.:confused:
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    හෙනයා;24065680 said:
    Aura එක.. :dull::dull:

    මේකෙ ගනන් මිනුම් කොහොමද බන්? ඕනෙම ෆාමසියක තියෙනවද?

    Flunarizine hydrochloride
    C26H28Cl2F2N2

    Loku ganak na. lagadi lankawen aran naha, 200Rs-300Rs wei man hithanne