මිට්සුබිෂී මෝටර්
මිට්සුබිෂී මෝටර් රථ ඉතිහාසය
මිට්සුබිෂී මෝටර්ස් ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකක් හා ජපානයේ 6 වන මෝටර් රථ නිෂ්පාදකයායි.ඒ නිසාම මිට්සුබිෂී ඉතිහාසය ආරම්භ වූ ආකාරය ඉතා රසවත්ය.මෙම සමාගම 1870 දී Yataro Iwasaki විසින් ආරම්භ කරන ලද අතර මුලින් එය නැව් සමාගමක් ලෙස සංස්ථාගත කරන ලදී. එය පළමුව Mitsubishi Shipbuilding Co,Ltd හැඳින්වුණ නමුත් එය එසේ තිබියදී 1873 දී Mitsubishi Shoka නැව් සඳහා ගල් අඟුරු සැපයීම සඳහා ගල් අඟුරු කැණීම් ව්‍යාපාරයට එකතු විය.ඒ අනුව මිට්සුබිෂී සමාගම නාවික ප්‍රවාහන අංගන වෙත යකඩ සැපයීමට යකඩ මෝල් ආරම්භ කර එහි නිෂ්පාදන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමූද්‍ර රක්ෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන පසුව මිට්සුබිෂි රථ වල රථ වාහන අංශය 1917 දී ස්ථාපිත කරන ලදී.සමාගම ප්‍රසිද්ධ Mitsubishi Model A කාර් රථ වර්ගය හඳුන්වාදෙන විට මෙම වාහනය ජපානයේ ප්‍රථම මහා පරිමාණ මගී නිෂ්පාදන මෝටර් රථය විය.
ඉන් ටික කලකට පසු Mitsubishi Model A වෙළෙඳ නාමය යටතේ මෝටර් රථ නිෂ්පාදනය නතර දමා ආපසු මිට්සුබිෂී සමාගම නැවතත් සිය නැව් ව්‍යාපාරය වෙත මාරු විය.කෙසේ වෙතත් 1936 දී සමාගම ජපානයේ ප්‍රථම රෝද 4WD මෝටර් රථය වූ PX33 මෝටර් රථය හඳුන්වා දෙන ලදී.මෙය මිට්සුබිෂී 4WD තාක්ෂණයේ මූලාරම්භය වූ අතර නැවතත් සමාගම ටික කලකට මෝටර් රථ ව්‍යාපාරයෙන් අතුරුදහන් විය.
කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව වහාම නැවතත් වාහන නිෂ්පාදනයට පිවිසෙන මිට්සුබිෂී සමාගම වාහන නිෂ්පාදනය සඳහා වෙනම කර්මාන්තශාලාවක් ඇතිකර එහි වෙනම අංශයක් ලෙස මිට්සුබිෂි මෝටර්ස් 1970 දී නිර්මාණය කරන ලදී.
මිට්සුබිෂි ඉතිහාසයේ වැදගත් සිදුවීම්;
1960 දශකය ආරම්භ වන විට ජපානයේ ආර්ථිකය එතරම් හොඳ එකක් නොවීය.වියදම් ඉහළ යමින් රැකියා අනාරික්ෂිත වූ අතර පසුබෑම් හා දුෂ්කරතා මතුවිය.Shin Mitsubishi විසින් බර වාහන රථ කර්මාන්ත පාරිභෝගිකයන්ගෙන් නැගී එන ඉල්ලීම් හමුවේ ප්‍රසිද්ධ Mitsubishi 500 මෝටර් රථය හඳුන්වා දෙන්නේ මේ කාලය තුළදීය.මෝටර් රථ කර්මාන්තයතුල වසර තුනක් ඇතුලත වාර්ෂික ප්‍රතිධානය වාහන 75,000 කට අධික විය.
1969 දී මිට්සුබිෂී සමාගමේ තවමත් හොඳම නිර්මාණ සහ මෝටර් රථ වාහන වෙළෙඳපොළ තුළ තවත් සාර්ථකත්වය අත්කරගත් Pajero මෝටර් රථය හඳුන්වා දෙන ලදී. එම වසරේ දීම සමාගමේ රතු දියමන්ති තුනක් මිට්සුබිෂී ලාංඡනය ලෙස තීරණය කල අතර වාහන සඳහා අවසානයේ වෙනම අංශයක් 1970 දී නිර්මාණය කරන ලද අතර ඒ අනුව මිට්ෂුබිෂී මෝටර් රථ ඉක්මනින් සහ හොඳින් ස්ථාපිතවූ අතර විදේශීය සමාගම් සමග සන්ධානගත විය.
ඒ නිසා 1971 දී සමාගම සිය කොටස් වලින් 15% ක් රථ වාහන ක්ෂෙත්‍රයේ දැවනතයෙකු වන ක්‍රයිස්ලර්(Chrysler)මෝටර් රථ සමාගම වෙත විකුණා මිට්සුබිෂි රථ (ක්‍රයිස්ලර් සන්නාම නාමය යටතේ) එක්සත් ජනපදය තුළ වාහන අලෙවි කිරීමට හැකිවිය.එම වසරේ දී එක්සත් ජනපදය තුළ අලෙවි කරනු ලබන පළමු මිට්ෂුබිෂී නිෂ්පාදනය වූ Dodge Colt හඳුන්වා දෙන ලදී.1977 වන විට මිට්ෂුබිෂී වාර්ෂික මෝටර් රථ නිෂ්පාදනය ඒකක 500,000 සිට 965,000 දක්වා දක්වා වර්ධනය විය.
මේ වනවිට සමාගම සිය මෝටර් රථ කෙලින්ම විකිණීමට තීරණය කරන ලද අතර 1980 දී මිට්සුබිෂී මෝටර් රථ මිලියනයක වාර්ෂික නිෂ්පාදනය වේගයක් කරා ළඟාවීය.කෙසේ වෙතත් මේ කාලය තුළ දී සමාගමේ හවුල්කරැ වූ ක්‍රයිස්ලර් මෝටර් රථ සමාගම බංකොලොත්වීමට ආසන්න වූ බැවින් ක්‍රයිස්ලර් සමාගම ඕස්ට්‍රේලියානු මිටිසුබිෂී මෝටර්ස් සමාගමට විකුණා තිබේ.
ඉන් පසුව මෙම නව අංශය මිට්සුබිෂී මෝටර්ස් ඕස්ට්රේලියානු සමාගම(Mitsubishi Motors Australia Limited-MMAL)ලෙස නම් කරන ලදී.1982 දී මිට්සුබිෂී වෙළඳ නාමය ප්‍රථම වරට ඇමරිකානු වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලදී. එය Cordia හා Tredia සෙඩාන් බව නිවේදනය කරන ලදී.මෙම වාහන එක්සත් ජනපදය පුරා ජනපද විසිදෙක අලෙවි නියෝජිතයන් හැත්තෑවක් මගින් අලෙවි විය.1980 දශකයේ අවසාන භාගය වන මිට්සුබිෂී සාර්ථකව ලෝකය පුරා සිය 340 වන අලෙවි නියෝජිත ජාලය පුලුල් කිරීමට හැකි වූ අතර නිෂ්පාදනය අනුපාතය ඒකක මිලියන 1.5 ක් ඉක්මවා ඇත.
1990 දශකයේ දී මිට්ෂුබිෂී එහි ජනප්‍රිය GT 3000 මෝටර් රථය හඳුන්වා දෙන ලද අතර එය වැඩි වේගයේදී පහලට යොදන බලය(down force)වැඩි කරන ක්‍රියාකාරී විද්‍යානූකූල වායුගති තාක්ෂණය(active aerodynamics technology)යොදාගත් ජපානයේ පළමු මෝටර් රථය විය.එය All wheel steering, Electronically Controlled Suspension (ECS)සහ twin-turbo engine සහිත විය.එම වසරේම මිට්ෂුබිෂී ටර්බෝචාර්ජ් 4G63 එන්ජිම සහිත සියලු 4WD විශේෂාංග ඇතුලත් Eclipse මෝටර් රථය එක්සත් ජනපදයට නිකුත්කරන ලදී.1991 දී GT 3000 වසරේ ආනයන හොඳම මෝටර් රථ සම්මානය දිනාගත් අතර විවිධ තාක්ෂණික දියුණුව සහිත නව මිට්සුබිෂී මෝටර් රථ වාහන පෙලක් ඉදිරිපත් කරන ලදී. උදාහරණ ලෙස Active Trac 4WD with Multimode ABS මෝටර් රථය දැක්විය හැකිය.1992 වසරේදී සමාගම විසින් ලෝක රේස් කාර් තරඟවලට ඉදිරිපත් වූ අතර Lift Electronic Control සමඟ MIVEC සහ මිට්සුබිෂී Valve Timing තාක්ෂණය හඳුන්වා දී ඇත.
1990 දශකයේ අවසාන භාගය වන විට මිට්සුබිෂී පැය 24 දී කිලෝ මීටර් 2,000 ආවරණය කල(ලෝක වාර්තාවකි)විදුලි කාර් හඳුන්වා දෙන ලදී.2003 වසරේදී සමාගම විසින් වසරේ මෝටර් රථය සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිය ලාන්සර් පරිණාමය වන Lancer Evolution හදුන්වාදෙන ලද අතර වසර දෙකකට පසුව 4th generation eclipse නිවේදනය කල අතර එහි දී කර්මාන්ත නිර්මාණ විශිෂ්ටතා සම්මානය(Industry Design Excellence Award)දිනාගන්නා ලදී.
2006 2nd generation Outlander හඳුන්වා දුන් අතර ඒසමග 30 GB HDD නැවිගේෂන් පද්ධතිය මැග්නීසියම් පැඩල් ෂිෆ්ට්,සැහැල්ලු ඇලුමිනියම් වහලය සහ පරිසර හිතකාමී PZEV V6 එන්ජින් ඇතුලත්වීය.2011 දී විදුලි වාහන තාක්ෂණය කරා යන ගමනට i-MiEV විදුලි මෝටර් රථය එක්සත් ජනපදය තුල හඳුන්වා දෙන ලදී.
අද මිට්සුබිෂී මෝටර්ස් විදුලි වාහන තාක්ෂණයේ ප්‍රමුඛතම නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර 2012 දී Model of the Year සම්මානය දිනාගැනීමට සමත් විය.මෙම සමාගම 2015 වන විට ලොව පුරා සේවකයන් 30,498 කට වඩා වැඩි සේවක සංඛාවක් සමග යෙන් බිලියන 118.170 ක ශුද්ධ ආදායමක් ද උපයා තිබේ. මිට්සුබිෂී මෝටර් රථ සමාගම මේ වන විට ලොව පුරා රටවල් 160 ක් එහි මෝටර් රථ අලෙවි කරන දැවන්ත සමාගමකි.
මිට්සුබ්ෂි රථ මෝටර්ස් රටවල් 10 සහ කලාප තුළ මෝටර් රථ නිෂ්පාදන පහසුකම් සහිත ව්‍යාපාර හවුල්කරුවන් 11 කට වඩා තිබේ.එය පහසුකම් 8 ක් සහිතව රටවල් 5 ක් තුළ සම්ප්‍රේෂණ,එන්ජින්,අමතර කොටස් සහ රටවල් 4 ක් තුල පර්යේෂණ හා සංවර්ධන පහසුකම් 7 ක් ඇත.මීට අමතරව එම සමාගම සිය වෙළෙඳ නාමය යටතේ ඒකාබද්ධ අනුබද්ධිත සමාගම් 51 කට වඩා තිබේ.
මිට්සුබිෂී මෝටර් සන්නාම නාමය වසර 45 ක් පුරා ඇති නමුත් සමාගම ලොව පුරා මෝටර් රථ වෙළෙඳපොළ තුළ ඇදහිය නොහැකි තරම් ශක්තිමත් තත්ත්වයක් උපයා ඇත.ඒ නිසා ඕනෑම සමාගමක් තම ගමන් මගෙහි සාර්ථකත්වයක් බලාපොරොත්තුවනනනේනම් ඒසඳහා මිට්සුබ්ෂී කදිම ආදර්ශයකි.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
26/09/2017