මින්ගි සම්ප්‍රදාය

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මින්ගි සම්ප්‍රදාය

    හැරී පෝටර් චිත්‍රපටියේ වොල්ඩර්මෝට් ගේ නම වගේ ඉතියෝපියාවේ ඔමෝ නිම්නයේ කාරා, හමාර්, බන්නා ගෝත්‍ර අතරත් මුවින් සඳහන් නොකළ යුතු ලෙස සැලකෙන නමක් තියෙනවා.ඒ තමයි "මින්ගි'. මේ මින්ගි සම්ප්‍රදාය රහසිගතව පවත්වාගෙන යන ප්‍රාථමික ගෝත්‍රික ජනයන් 225000 නිම්නයේ ජිවත් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

    මින්ගි කියන නමේ තේරුම තමයි "සාපලත්" කියන එක.ගෝත්‍රය රකින්නනම් මෙම දරුවන්න අනිවාර්යෙන් මරලා දාන්න ඕනේ.මේ සාපලත් දරුවන්න හොයන්නේ පුදුම විදිහකට.:no: දරුවාගේ යටි ඇන්දේ දත් වලට කලින් උඩු ඇන්දේ දත් ආවොත් හරි, දරුවා දතක් කඩා ගත්තොත් හරි නැත්තම් තමන්ගේ ලිංගික අවයව අනතුරකට භාජනය කරගත්තොත් හරි එහෙමත් නැත්තම් කසාඳ නොබැදපු ජෝඩුවකට හරි දරුවන් ලබන්න අවසර නොලැබුන ජෝඩුවකට හරි දරුවන් ලැබුනොත් එයාලා මින්ගි වෙනවා. මේ සම්ප්‍රදායට විරුද්ධ වන වැඩිහිටියන්ද මින්ගි ලෙස සලකා ගෝත්‍රයෙන් පිටුවහල් කරනවා.

    මේ මින්ගි දරුවන් මරන්න ගෝත්‍රය විවිධ ක්‍රම භාවිතා කරනවා. ගඟේ ගිල්ලවිම, සත්තුන්ට කන්න දැමීම, කන්දකින් පහලට දැමීම, කටට පස් දමා හුස්ම හිර කිරීම මින් අතරින් කිහිපයක්.ඔවුන් හිතන්නේ මේ දරුවන් නිසා ගෝත්‍රයට දුර්භික්ෂ, සාගත, ලෙඩ වගේ දේවල් ඇති වෙනවා කියලා.මේ නිසාම අවුරුද්දකට දරුවන් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් මෙලෙස මරා දමන බවයි පැවසෙන්නේ.

    දැන්නම් මේ සම්ප්‍රදායට ගෝත්‍රයේ තරුණ පිරිස් විරුද්ද වෙනවලු. ඒත් තවමත් රහසිගතව මෙලස දරුවන් මරා දමන බව වාර්තා වෙනවා.:no:


    video-undefined-1FAF14DF00000578-3_636x358.jpg
     
    • Like
    Reactions: other guy