සමහරක් වෙලාවට සමහරු කියන කථාවක් තමයි අමනුෂ්‍යයො මිනිස්සුන්ට උදව් කරනවා කියන එක. මේකෙ ඇත්තක් නැත්තෙම නැහැ. බුදු දහමට අනුව ගත්තම හුඟක් වෙලාවට අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට උදව් කරන්නෙ අයහපත් වැඩ වලට. හැබැයි යහපත් වැඩ වලටත් අමනුෂ්‍යයො උදව් කරන අවස්ථා තියෙනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ සේනාසනක්ඛන්ධකයේ තියෙනවා එහෙම අවස්ථාවක්. මේක හැමෝම වගේ අහලා ඇති. ඒත් කෙටියෙන් මතක් කරන්නම්.
අනාථපිණ්ඩික සිටුතුමාට රජගහ නුවරදි තමයි මුලින්න බුදුරජාණන්වහන්සේ ගැන අහන්න ලැබෙන්නෙ. මේ නම ඇහුවට පස්සෙ ඔහුට බුදුරජාණන්වහන්සේව නොදැක ඉන්න බැරි වුනා. ඊළඟ දවසෙ එළිවෙනකන් හරි අමාරුවෙන් හිටියෙ. රාත්‍රියෙදි දැන් උදේ වෙලා යයි හිතන් සිටුතුමා බුදුරජාණන්වහන්සේව දකින්න යන්න ලෑස්ති වුනා. ඒ වෙනකොට බුදුරජාණන්වහන්සේ වැඩ සිටියේ ශීතවනයේ. විනය පිටකයේ සඳහන් වෙන්නේ අමනුෂ්‍යයෝ තමයි දොර ඇරලා දුන්නෙ කියලා (ඉක්බිති අනේපිඬු සිටු ශීතවනද්වාරය කරා එළඹියේ ය. අමනුෂ්‍යයෝ දොර විවරකළහ). ඒ වුනාට හැම තැනම කළුවරයි කියලා දැක්කම සිටුතුමාට බය හිතුනා. ඒනිසා සිටුතුමා ආපසු යන්න හැරුණා. මේ වෙලාවේ දී සීවක කියන යක්ෂයා නොපෙනී ඉඳිමින් මෙන්න මෙහෙම කියනවා.
“ඇත්තු සියදහසෙක් ද අස්සු සියදහසෙක් ද මහඟු අසුන් යෙදු රිය සියදහසක් ද පළන් මිණි කොඩොල් ඇති කන්‍යාවෝ සිය දහසෙක් ද යන මොහු එක් පදව්යතිහාරයෙක (පිය වරෙක) සොළොස්වන කලාව ද නො අගිත් ය” යි.
“ගැහැවිය ඉදිරියට යන්න, ගැහැවිය, ඉදිරියට යන්න. ඉදිරියට යෑම උතුමි, පෙරළා යෑම උතුම් නො වේ”
මේ විදියට තුන් සැරයක් සිටුතුමා බය වෙලා ආපහු යන්න හැරුනා. තුන් සැරේම සීවක යක්ෂයා නොපෙනී ඉඳිමින් මේ කථාව කිව්වා සිටුතුමාට ඇහෙන්න. තෙවැනි වතාවේ තමයි අනාථ පිණ්ඩික සිටුතුමා ශීතවනය ඇතුළට යන්නෙ බය නැතුව. ඒ යන සිටුතුමාට බුදුරජාණන්වහන්සේ කථා කරනවා. ඒ කථාබහ එක්ක සිටුතුමා සෝවාන්ඵලයට පත්වෙනවා. ඊට පස්සෙ අපි දන්නවා සිටුතුමා බුදු සසුනෙ අග්‍ර දායකයා බවට පත්වුනා කියලා.
ඉතින් විනය පිටකයේ සඳහන් මේ සිදුවීම අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට උදව් කිරීම ගැන හොඳ නිදසුනක්. කොහොමවුනත් මෙතැනදි මතක තියා ගන්න ඕනා වැදගත් දෙයක් තියෙනවා. අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට යහපත් දේ සඳහා උදව් කරන්නේ ඒ මනුස්සයා යහපත් නම් විතරයි. අපි හැමෝම අනාථ පිණ්ඩිකලා නෙමෙයිනෙ. මේක අමතක කරන්න හොඳ නැහැ. මිනිස්සු අයහපතට නම් වැඩියෙන් කැමැති අන්න ඒ වෙලාවට ඒ අයහපත් දේවල් සාර්ථක කර ගන්න අමනුෂ්‍යයො නොසෑහෙන්න උදව් කරනවා. මේ දේ අපි හොඳින් සිහියෙ තියා ගන්න ඕනා.