මිනිස්සුන්ට අමනුෂ්‍යයෝ උදව් කරනවා ද?

hpalpola

Well-known member
  • සමහරක් වෙලාවට සමහරු කියන කථාවක් තමයි අමනුෂ්‍යයො මිනිස්සුන්ට උදව් කරනවා කියන එක. මේකෙ ඇත්තක් නැත්තෙම නැහැ. බුදු දහමට අනුව ගත්තම හුඟක් වෙලාවට අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට උදව් කරන්නෙ අයහපත් වැඩ වලට. හැබැයි යහපත් වැඩ වලටත් අමනුෂ්‍යයො උදව් කරන අවස්ථා තියෙනවා. ත්‍රිපිටකයේ විනය පිටකයේ සේනාසනක්ඛන්ධකයේ තියෙනවා එහෙම අවස්ථාවක්. මේක හැමෝම වගේ අහලා ඇති. ඒත් කෙටියෙන් මතක් කරන්නම්.

    අනාථපිණ්ඩික සිටුතුමාට රජගහ නුවරදි තමයි මුලින්න බුදුරජාණන්වහන්සේ ගැන අහන්න ලැබෙන්නෙ. මේ නම ඇහුවට පස්සෙ ඔහුට බුදුරජාණන්වහන්සේව නොදැක ඉන්න බැරි වුනා. ඊළඟ දවසෙ එළිවෙනකන් හරි අමාරුවෙන් හිටියෙ. රාත්‍රියෙදි දැන් උදේ වෙලා යයි හිතන් සිටුතුමා බුදුරජාණන්වහන්සේව දකින්න යන්න ලෑස්ති වුනා. ඒ වෙනකොට බුදුරජාණන්වහන්සේ වැඩ සිටියේ ශීතවනයේ. විනය පිටකයේ සඳහන් වෙන්නේ අමනුෂ්‍යයෝ තමයි දොර ඇරලා දුන්නෙ කියලා (ඉක්බිති අනේපිඬු සිටු ශීතවනද්වාරය කරා එළඹියේ ය. අමනුෂ්‍යයෝ දොර විවරකළහ). ඒ වුනාට හැම තැනම කළුවරයි කියලා දැක්කම සිටුතුමාට බය හිතුනා. ඒනිසා සිටුතුමා ආපසු යන්න හැරුණා. මේ වෙලාවේ දී සීවක කියන යක්ෂයා නොපෙනී ඉඳිමින් මෙන්න මෙහෙම කියනවා.

    “ඇත්තු සියදහසෙක් ද අස්සු සියදහසෙක් ද මහඟු අසුන් යෙදු රිය සියදහසක් ද පළන් මිණි කොඩොල් ඇති කන්‍යාවෝ සිය දහසෙක් ද යන මොහු එක් පදව්‍යතිහාරයෙක (පිය වරෙක) සොළොස්වන කලාව ද නො අගිත් ය” යි.

    “ගැහැවිය ඉදිරියට යන්න, ගැහැවිය, ඉදිරියට යන්න. ඉදිරියට යෑම උතුමි, පෙරළා යෑම උතුම් නො වේ”

    මේ විදියට තුන් සැරයක් සිටුතුමා බය වෙලා ආපහු යන්න හැරුනා. තුන් සැරේම සීවක යක්ෂයා නොපෙනී ඉඳිමින් මේ කථාව කිව්වා සිටුතුමාට ඇහෙන්න. තෙවැනි වතාවේ තමයි අනාථ පිණ්ඩික සිටුතුමා ශීතවනය ඇතුළට යන්නෙ බය නැතුව. ඒ යන සිටුතුමාට බුදුරජාණන්වහන්සේ කථා කරනවා. ඒ කථාබහ එක්ක සිටුතුමා සෝවාන්ඵලයට පත්වෙනවා. ඊට පස්සෙ අපි දන්නවා සිටුතුමා බුදු සසුනෙ අග්‍ර දායකයා බවට පත්වුනා කියලා.

    ඉතින් විනය පිටකයේ සඳහන් මේ සිදුවීම අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට උදව් කිරීම ගැන හොඳ නිදසුනක්. කොහොමවුනත් මෙතැනදි මතක තියා ගන්න ඕනා වැදගත් දෙයක් තියෙනවා. අමනුෂ්‍යයෝ මිනිස්සුන්ට යහපත් දේ සඳහා උදව් කරන්නේ ඒ මනුස්සයා යහපත් නම් විතරයි. අපි හැමෝම අනාථ පිණ්ඩිකලා නෙමෙයිනෙ. මේක අමතක කරන්න හොඳ නැහැ. මිනිස්සු අයහපතට නම් වැඩියෙන් කැමැති අන්න ඒ වෙලාවට ඒ අයහපත් දේවල් සාර්ථක කර ගන්න අමනුෂ්‍යයො නොසෑහෙන්න උදව් කරනවා. මේ දේ අපි හොඳින් සිහියෙ තියා ගන්න ඕනා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    z_page-06-Not01.jpg


    බිරිඳට ගෙයක් ලබාගන්න පක්සෙට උදව්කරා වෙන්න බැරිද?
     
    • Like
    Reactions: Nidarshana_k

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අමුනුශ්‍යයෝ කියල ජාතියක් නෑ හරකෝ ඕව ආගම් වල එන මනස්ගාත
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    samyakdrushtika dewiwaru udaw karanawa, kathakaranawa.
    Ex. rajarata chronic kidney disease
    Bhawanawa diyunu aya ekka katha karanawa godak welawata. meka ithin api danna widyawen explain karanna be. pissu kiyala hithanne.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    අමුනුශ්‍යයෝ කියල ජාතියක් නෑ හරකෝ ඕව ආගම් වල එන මනස්ගාත

    මනුෂ්‍ය නොවන ඕනෑම දෙයක් අමනුෂ්‍ය වේ