මිනිසා_හඳට නොයන්නේ අැයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මිනිසා_හඳට නොයන්නේ අැයි

    මිනිසා හඳට නොයන්නේ පිටසක්වළයන් නිසාද?

    image_abfd35f145-637x425.jpg

    “සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්‍රයිස් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඩ් කියයි.

    පළමු වරට මිනිසා සඳ මත පය තැබුවේ 1969 වසරේ ජූලි 29 වැනිදා ය. ඒ, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කිරීමෙන් පසු, මුලින්ම එයින් පිටතට පැමිණ, සඳ මත පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහු සමඟ එඩ්වින් ඕල්ඩ්‍රින් ද සඳට පය තැබුවේය. තෙවැනියා වූයේ මයිකල් කොලින්ස් ය. ඔහු සඳුගේ කක්ෂයේ මවු යානයට වී සිටියේය.

    පසුගිය දා, සඳ තරණයේ 48 වැනි වසර නිමිත්තෙන්, නීල් ආම්ස්​ෙට්‍රා්ං සඳට ගොස් සඳේ දූවිලි සහ පස් එක් රැස් කරගෙන ආපසු පෘථිවියට ගෙනා කුඩා මල්ල ද වෙන්දේසි කෙරුණි. ඒ, නිව් යෝක් නුවරදීය. මල්ල වෙන්දේසි වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1.8 කටය. එයින් අදහස් වෙන්නේ අද පවා සඳ තරණ වික්‍රමය ගැන අප තුළ උනන්දුවක් සහ කුහුලක් ඇති බවය.

    ඇමෙරිකානුවන් ඇතුළු බටහිර වැසියන් පවසන්නේ ‘සඳේ හාවකු සිටිනවා’ කියා නොව ‘සඳේ මිනිසකු සිටිනවා’ කියාය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන් සහ විද්වතුන් පෙන්වා දෙන්නේ සඳේ පිටසක්වළයන් සිටිනවා හෝ සිටින්න ඇතැයි කියාය. මිනිසා යළි සඳට නොයන්නේ මෙම පිටසක්වළයින්ට ඇති බිය නිසා හෝ පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ වෙනත් කාරණාවක් නිසා හෝ යැයි ද පැවසෙයි. දශක ගණනාවක් තිස්සේ හඳුනා නොගත් ආකාශය සඳ අසලින් ගමන් කරන ඡායාරූප හරහා දකින්න ලැබී ඇත. එපමණක් නොව, සඳ මතුපිට අසාමාන්‍ය ඉදිකිරීම් පවා දකින්න ලැබී ඇත. ඒ, දුරේක්ෂ ආධාරයෙන් ලබා ගත් අති පැහැදිලි ඡායාරූප මගිනි.තාක්ෂණයේ මහා දියුණුවක් නොලැබූ 60 සහ 70 දශකයේ මිනිසා සඳට ගියේ නම්, අද වසර 48 කට පසු, තාක්ෂණයේ දියුණුවට මිනිසා ළං වී ඇති අවස්ථාවක, යළි සඳට නොයන්නේ ඇයි ද යන්න කුතුහලයක් ඇති කරන පැනයකි. ඇමෙරිකාවේ නාසා ආයතනයත්, රුසියානු අභ්‍යවකාශ ආයතනයත් ඊට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ අධික පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් සඳ තරණයක් සිදු කිරීමට නොහැකි බවය. තාක්ෂණ දියුණුවක් ලබා ඇති අවස්ථාවක, යළි සඳට යෑමේ අදහස අත්හැර ඇති ඇමෙරිකාව උත්සාහ ගන්නේ අඟහරු බලා මිනිසකු යැවීමටය.

    ඇමෙරිකාවේ රහස් කුමන්ත්‍රණ නිරන්තරයෙන් හෙළි කරන කණ්ඩායම් පවසන්නේ එදා, සඳ තරණ මෙහෙයුම්වලදී ඇමෙරිකා ගගනගාමීන් ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ පිපිරීම් හෝ සඳ මත රහසේ සිදු කළ බවය. එම පිපිරීම් නිසා සිදුවුණු හානිය හේතුවෙන් විකිරණ කාන්දුවීමක් සිදුවී ඇති බවත් එම නිසා සඳට යෑමට ඇමෙරිකානුවන් අදිමදි කරන බවත් ඇතැම් විද්‍යාඥයෝ පවසති. සඳට වායුගෝලයක් නොමැත. ඒ අනුව, න්‍යෂ්ටික පර් යේෂණ හෝ අත්හදා බැලීම් හෝ පිපිරීම් හෝ සිදුවූයේනම් විකිරණ දිගටම සඳේ රැඳී සිටීමට හැකියාවක් නැතැයි ද පැවැසෙයි.

    පිටසක්වළ ජීවීන් සොයමින් අප විශ්වයේ ඈත කෙළවරට නෙත් හෙළද්දී, පිටසක්වළයන් පෘථිවි අපට සමීපව, සඳේ සිටිනවා විය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. එම පිටසක්වළයින් අප දෙස නෙත් හෙළනවා විය හැකිය. දශක ගණනාවක් තිස්සේ පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් පැවැසුවේ සඳ අසලින් නොයෙක් විදියේ අමුතු පියාඹන වස්තූන් ගමන් කරනවා දකින්න ලැබී ඇති බවය. සඳ මතුපිට ඉදිකිරීම් පවා දකින්න ලැබෙන බව පැවැසෙයි. එම ඉදිකිරීම් ස්වභාවිකව නිර්මාණය වූ ඒවා නොවන බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. නීල් ආම්ස්ට්‍රෝන් සඳට පය තැබූ ස්ථානය ආසන්නයේ ද මෙවැනි අබිරහස් ඉදිකිරීමක් දකින්න ලැබෙන බව පැවැසෙයි.

    සඳේ පිටසක්වළ ජීවීන් සිටිනවාද? අතීතයේ පිටසක්වළයින් සඳේ සිටියාද? යන්න සම්බන්ධයෙන් නොයෙක් මත පළ වී තිබේ. ඇමෙරිකාවේ නාසා ආයතනය සෘජුවම පවසන්නේ, සඳේ කිසිවකු නොමැති බවය. වායු ගෝලයක් නොමැති නිසා ජීවය පැවැතිය නොහැකි බවය.

    image_b163e28132-637x357.jpg

    “සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්‍රයිෂ් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ් හොග්ලෑන්ඞ් කියයි. හොග්ලෑන්ඩ්, නාසා ආයතනයේ හිටපු උපදේශකවරයෙකි. එපමණක් නොව, ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ ස්ප්‍රින්ග් ෆීල්ඩ් විද්‍යා කෞතුකාගාරයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේ ද මොහුය.

    ඇපලෝ සඳ මෙහෙයුම් සිදුවෙද්දී, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් සේවයේ උපදේශකවරයකු ලෙසත් ඔහු කටයුතු කළේය. අවුරුදු 40 කට කලින් මිනිසුන් සහිතව හෝ රහිතව සිදුකළ ගගන මෙහෙයුම් ගැන ඔහු ඉතා හොඳින් අධ්‍යයනය කර තිබේ. සඳේ පිටසක්වළ ශිෂ්ටාචාරයක් තිබුණැයි රිචඩ් හොග්ලෑන්ඩ් පවසන්නේ ඔහුට ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි.

    “සඳුගේ කක්ෂයේ සිට ලබාගත් ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙනවා, සඳමත පුරාණ නගරයක නටබුන් තිබෙන බව. සඳට පා තැබූ ගගනගාමීන් පවා ඒවායේ ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒවා හරිම පුදුමාකාරයි. මේ දේවල් පිටසක්වළ ජීවීන්ගේ අති දියුණු තාක්ෂණය පුරාණයේ තිබුණු බවට හොඳ සාක්ෂියක් වෙනවා” යැයි හෙතෙම කියා සිටී. රිචඩ් හොග්ලෑන්ඩ් මේ සම්බන්ධයෙන් ‘ඩාර්ක් මිෂන්’ සීක්රට් හිස්ට්‍රි ඔෆ් නාසා’ යන නමින් නාසා ආයතනය ඇමෙරිකා ජනතාවගෙන් වසන් කළ රහස් ගැන පොතක් ද රචනා කර තිබේ.

    සඳේ පිටසක්වළ ජීවීන් හෝ ඔවුන්ගේ ඉපැරණි ශිෂ්ටාචාරයක නටබුන් තිබෙනවා නම් ඇපලෝ මෙහෙයුම යටතේ සඳ මත පා තැබූ ගගනගාමීන් ඒවා දැක්කේ නැද්ද? ඔවුහු ඒවා දැක නිහඬව සිටියහද? නාසා ආයතනයෙන් ඔවුන්ට බලපෑම් එල්ල වුණාද? ඇපලෝ 14 චන්ද්‍ර මෙහෙයුම යටතේ සඳට ගොස් සඳ මත පා තැබූ සය වැන්නා එඩ්ගර් මිචෙල් ය. ඔහු පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් පෘථිවියට මුවාවී සැඟවී සිටින්න සඳ යොදා ගන්නවා බවය.

    ලුසිත ජයමාන්න අන්තර්ජාල පුවත් ඇසුරිනි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සැහෙන්න ලොකු මාතෘකාවක් ඕක.:yes::yes:

    මටත් මතුවුණා සැකේ තමයි ඕක .ලෝකේ රටවල් කොටවල බලය අල්ලගන්න නොකරන දෙයක් නැති ඇමරිකාව හදට හිහින් එකපාරටම හදට යන එක නවත්වුවේ ඇයි ?

    හැදෙ බේස් එකක් ගැහුවනම් ලෝකෙටම කෙලින්න් පුළුවන් නේ :yes:?

    අනික හැදෙ තියෙන කනිජ වර්ග ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.

    ඔව් වෙන්න පුළුවන් .එත් මෙච්චර විශාල විශ්වයක ඉන්න හැම ජීවියම ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ කියල කොහොමද කියන්නේ ?

    අනික දුමකෙතුවල පොළොවේ හිටපු නැති ක්ෂුද්‍ර ජීවීන් හම්බවෙලා තියෙනවනේ .ඉතින් උන් මේ සුර්යා වටා යන ගමනේදී ඔක්සිජන් නැතිව අපි දන්නා ජීවයට අවශ්‍ය කසිම සාදකයක් නැතිව ජීවත් වෙලා ඉදල ති යෙනවනේ :yes:

    ඔතන ජීවින් ඉන්නවා කියල අදහස් කරලා තියෙන්නේ සද තුල හදාගත්ත පරිසර තුල කියන එක හරියට අපි ඇද ජාත්‍යන්තර මද්යස්තානේ වගේ ..

    තවත් දෙයක් අපිට වඩා දියුණු ජීවින් ඉන්නවනම් ඔවුන් ඉන්නේ අපිට පෙන්න නෙමේ නේ .අපේ තියෙන ඔය චිනේ හයිකලා කියන රිපිටර් වලට අහුනොවී ඉන්න උන්ට මහලොකු දෙයක් නෙමේ නේද ?

    කොටින්ම ස්ටේල්ත් තක්ශනේ ඇද අපිත් පටන් අරන් නේ තියෙන්නේ ..

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉවසලා හිටපල්ලාකෝ චීනේ හඳට යනකම්.හීලියම්-3 කනින්න උන් ලෑස්ති වෙන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉවසලා හිටපල්ලාකෝ චීනේ හඳට යනකම්.හීලියම්-3 කනින්න උන් ලෑස්ති වෙන්නේ
    :shocked:

    ඉන්දියාවත් පොඩි ටුවර් එකක් දැම්ම නේ ..එත් රියල් ගේමට බහින්නේ චීනා ?:shocked:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මරුසිරා;22038111 said:
    ඔව් වෙන්න පුළුවන් .එත් මෙච්චර විශාල විශ්වයක ඉන්න හැම ජීවියම ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ කියල කොහොමද කියන්නේ ?

    අනික දුමකෙතුවල පොළොවේ හිටපු නැති ක්ෂුද්‍ර ජීවීන් හම්බවෙලා තියෙනවනේ .ඉතින් උන් මේ සුර්යා වටා යන ගමනේදී ඔක්සිජන් නැතිව අපි දන්නා ජීවයට අවශ්‍ය කසිම සාදකයක් නැතිව ජීවත් වෙලා ඉදල ති යෙනවනේ :yes:

    ඔතන ජීවින් ඉන්නවා කියල අදහස් කරලා තියෙන්නේ සද තුල හදාගත්ත පරිසර තුල කියන එක හරියට අපි ඇද ජාත්‍යන්තර මද්යස්තානේ වගේ ..

    තවත් දෙයක් අපිට වඩා දියුණු ජීවින් ඉන්නවනම් ඔවුන් ඉන්නේ අපිට පෙන්න නෙමේ නේ .අපේ තියෙන ඔය චිනේ හයිකලා කියන රිපිටර් වලට අහුනොවී ඉන්න උන්ට මහලොකු දෙයක් නෙමේ නේද ?

    කොටින්ම ස්ටේල්ත් තක්ශනේ ඇද අපිත් පටන් අරන් නේ තියෙන්නේ ..

    ඒක තීරණය වෙන්නේ සතාගේ තරම අනුව කොටින්ම physical body එකක් නැති කෙනෙක් අපට touch වෙන්න නම් අනිවාර්යයෙන්
    creatures magnetic waves තියෙන්න ඔනේ. එහෙම නැති එකෙක් හඳට තියා අපේ ගෙදරට ආවත් අපෙන් උටත් ගෙන් අපිටත්
    කිසිම දෙයක් හුවමාරු කරන්න බැහැ.
    නමුත් අපිට සමාන ඒ කියන්නේ ත්‍රිමාණ ජීවියෝ නම් තවම අබපිට කිට්ටුව නැහැ. මම නෙවෙයි හොප්ස්කින් මහත්තයාත් කියනවා.
    මම හිතන්නේ කෙප්ලර් බී කියන ග්‍රහලෝකය අවුරුදු 1000ක් orbiting වෙනවා. එතන අවුරුදු 400 කාලයක් තියෙනවා ප්‍රථවිය වගේ දේශගුණයක් තියෙන.
    අන්න ඒ කාලයේ අපිට හුරු සත්තු ඇතිවෙනවා ඒ ග්‍රහ ලෝකයේ... ගුගල් කරලා හොයාගන්න. 600 වැනි අවුරුද්ද වෙනකොට එකේ තියෙන සේරම ගොඩබිම වතුර වෙනවා.
    පස්සේ ඉරට ලංවෙනකොට ආයෙත් ලාවා වෙලා ටික ටික සිසිල් වෙනවා. ඔක තාමයි කථාව.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.
    මිනිස්සුන්ට ඔක්සිජන් ඕන උනාට පිටසක්වල ජීවින්ට ජීවත් වෙන්න වායුවක් ඕන කියන්නෙ කොහොමද?
    භෞතික ඉදිකීරිම් කරන්න බැහැ කියන්නෙ කොහොමද?
    ඇයි උන් ඉන්විසිබල් වෙන්න ඕන කියන්නෙ

    මචන් අපේ ලෝකේ දැනුමෙන් උන්ව විස්තර කරන එක විහිළුවක් :lol::lol:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මිනිස්සුන්ට ඔක්සිජන් ඕන උනාට පිටසක්වල ජීවින්ට ජීවත් වෙන්න වායුවක් ඕන කියන්නෙ කොහොමද?
    භෞතික ඉදිකීරිම් කරන්න බැහැ කියන්නෙ කොහොමද?
    ඇයි උන් ඉන්විසිබල් වෙන්න ඕන කියන්නෙ

    මචන් අපේ ලෝකේ දැනුමෙන් උන්ව විස්තර කරන එක විහිළුවක් :lol::lol:

    Oya magule mokekwath naha ban.Habai kawadahari Earth ekata attack karana aliens enawanam mulinma enne moon or Jupiter. Ethana idan thmai apita hujja yanna game denne. Lapai sipai wada karana Aliens la universe eke naha hadata awilla athal ganna boruwata. NASA kiyana eka pattakata daala mamakiyana de wiswasa karahan.:)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක මහා බොරුවක්.... සඳ ගවේෂණයට මිනිස්සු යවනවා කියන්නේ තේරුමක් නැති වැඩක්... මොකද හඳේ සොයන්න තරම් දෙයක් නොමැතිකමයි.... මම හිතන්නේ ඇමරිකාව එතනින් එහා විශ්වය ගැන වැඩි අවධානයක් යොමු කරනවා... මොකද කවදා හරි පෘථිවියට කෙළවෙනවා කියන්නේ හඳටත් කෙළවෙනවා කියන එකයි.... ඒ හින්ද වඩා ප‍්‍රායෝගික දේ කරන්න උන් ට‍්‍රයි කරනවා ඇති....
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කවුරුවත් හඳට යන්නේ නැත්තේ වියදම වැඩි නිසා,ඒ වියදම උපයාගන්න විදියක් නැති නිසයි, චීන්නුන් යාවි, උන්ට ඇති වෙන්න සල්ලි තියෙනවා, ඒ විතරක් නෙවෙයි කොච්චර වියදං කරත් හූනෙක් වත් විරුද්ධව චුක් ගාන්නේ නැහැ.