මචන් වෘත්තීය ජීවිතේදී මුනගැහෙන ආශ්‍රය කරන බහුතරයක් දෙනා යාලුවෝ නෙමෙයි බන්, හුඟක් අය වාසියක් ගන්න බලාගෙන ආශ්‍රය කරන්නෙ. ඇත්තටම තමන්ට වැරදුනාම තමයි වටේ ඉන්න අයගෙ සැබෑ ගතිගුන දැකගන්න පුලුවන් වෙන්නෙ. ඒනිසා අනිවා ජීවිතයේ එක පාරක් හරි වරදින්න ඕන එතකොට තමයි තරම තේරුම් යන්නෙ. නැත්නම් මුලු ජීවීතේම රැවටිල්ලක් විතරයි.
ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නෙ?
ඇත්තටම මෙහෙම වෙන්න හේතු තියෙනව. හුඟක් අයට කාලයත් එක්ක/තත්වෙන් ඉහලට යන්කොට/ ගෑනු පරානයක් මුන ගැහුනම ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙ හිටපු අවන්කම යාලුවො පවා අමතක වෙනව/කරනව. එක අතකට ඒකට මොකුත් කියන්න බැහැ. ඉස්කෝලෙ කාලෙ මුන් ගැහුන අවන්ක යාලුවො තරම් හොඳ යාලුවො ආයෙ ජීවිතේ මුන ගැහෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒත් අවාසනාවකට හුඟක් අය එයාලව නැති කරගන්නව.අනික හුඟක් වෙලාවට අපේ සතුට ගෙන හිතල සතුටු වෙන්න වගේම අපේ දුක ගැන අවන්කවම දුක් වෙන්නත් එයාලට පුලුවන්.මේ ගතිය වෘත්තීය ජීවිතේ හම්බුවෙන බහුතරයක් දෙනා ලඟ නැහැ







