මියගිය සැමියා පණපිටින් ගෙදර ඇවිත්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මියගිය සැමියා පණපිටින් ගෙදර ඇවිත්

කොළඹට ආසන්න ප‍්‍රදේශයක ජීවත්වූ යුවළක් සිය දරු දෙදෙනාත් සමඟ සෙනෙහසින් කාලය ගෙවනු ලැබුවේ අගහිඟකම් මැද්දේය.
මෙම කාන්තාවගේ සැමියා සේවයේ යෙදී සිටියදී විදුලි සැර වැදී ඇති බවට ලැබුණ පණිවිඩයෙන් දරාගත නොහැකි වේදනාවට පත්වූ අය සිය සැමියා සොයා රෝහල වෙත දිව ගියේ සිහිවිකල් වූ ලෙසය.
සැමියාගේ නෑ හිතවතුන්ටද මෙම අනතුර පිළිබඳව දැනුම් දුන් බිරිය රෝහලට ගොස් සැමියා පිළිබඳව සොයා බැලීමේදී ඔහු මියගොස් ඇති බව දැනගන්නට ලැබීමත් සමග අසල සිටි සියලූම නෑ හිතවතුන් වැළපෙන්නට වූයේ මියගිය පුද්ගලයාගේ ගුණවත්කම ගැන මෙනෙහි කරමිනි.
හදිසියේම බිරියගේ දුරකථනය නාදවූයේ සැමියාගේ දුරකථන අංකය ජංගම දුරකථන තිරයේ සටහන් කරමිනි.
මියගිය සැමියාගෙන් ලැබුණ දුරකථන ඇමතුමෙන් බියට පත් බිරිය තව තවත් හැඬුවා පමණය.
මම මැරිලා නෑ ගෙදර එනවා ඉක්මනට යයි සැමියා ඇමතුම් ගනිමින් පැවසුවද සිය සැමියාගේ නමත් හරි නම් මැරුණු පුද්ගලයා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීනම් සැමියාගෙන් දුරකතන ඇමතුම ඔස්සේ තමා අමතන්නේ කෙසේදැයි සිතාගත නොහැකි විය.

බිරියගේ සහ නෑයන්ගේ ඇස් ඇරුණේ මියගියා යැයි පැවසූ සැමියා රෝහලට සිනාසෙමින් පැමිණි විටය. පසුව සියල්ල පැහැදිලි විය. සැමියාගේ නම ඇති පුද්ගලයකු විදුලිසැර වැදී මියගොස් ඇත.
සිද්ධියෙන් පසුව මියගියා යැයි සිතූ සැමියාගේ හිතවතුන් ඔහුට හොල්මනක් යයි උසුලූ විසුලූ කරන බව දැනගන්නට ඇත.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෝඩ මනුස්සයා... මලා කියලා ගෑනි දන්නවා නං ආයේ මොකටෑ ගෙදර දුවන්නේ.... :0 :) :) :)
    ෆෆෆෆෆෆෆෆෆක්ක්ක්ක්ක්.. තෝ තමයි දවසකට හරි ඩයල් එක.. පට්ට යකෝ..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට පේන්නෙ ගෑනි මිනිහ මැරෙනකන් වගේ බලා ඉඳල තියෙන්නෙ. නැත්තං මිනිහ කෝල් දීල කියද්දිත් ;)