මිහින් ලන්කා දෙපාරක් බස්සයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිහින් ලන්කා දෙපාරක් බස්සයි..

    මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වූ මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 305 දරණ ගුවන්යානය ධාවන පතයට ඇතුළුවී ගුවන්ගතවීමට සූදානම් වෙත්ම එහි එන්ජිමෙහි කොටසක කාර්මික දෝෂයක් ඇති බවට සංඥාවන් නිකුක් වීම නිසා එම යානය ගුවන්ගතකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
    ඒ 320 මාදිලියේ මිහින් ලංකා සතු හොඳම ගුවන්යානය වන මෙය අද දහවල් 12.30 ට මගීන් 173 ක් රැගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වී ඇත.
    යානය ගුවන්ගත වීමට ධාවන පතය දිගේ ගොස් වේගය වැඩිකරනවිට ඇන්ජිමේ කොටසක දෝෂයක් ඇති බවට සංඥාවක් නිකුත් වීම හේතුවෙන් ගුවන් නියමුවෝ යානය ගුවන්ගත කිරීමෙන් වැලකී සිටියහ. පසුව ඉංජිනේරුවන් විසින් එන්ජිමෙහි දෝෂය ඇති කොටස ඉවත්කොට අළුතෙන් එම කොටස සවිකොට නැවත පිටත්වීමට සූදානම් වෙද්දී තවත් තාක්ෂනික දෝෂයක සංඥාවක් නැවත නිකුත්වීම නිසා යානය ගුවන් ගත කිරීම නවතා ඇත.
    මේ වන විට යානයේ දෝෂය නිවැරදි කිරීම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින බවත් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මදුරෙයි බලා යාමට වෙනත් ගුවන්යානයක් යොදා ගන්නා බව මිහින් ලංකා උසස් නිලධාරියෙක් කීවේය.
    මදුරෙයි ගුවන්තොටුපොළෙහි ගොඩ බෑ හැක්කේ ඒ 320 දරණ ගුවන් යානා පමණක් බවත් මිහින් ලංකා සතුව ඇත්තේ ඒ320 වර්ගයේ මෙම යානාව පමණක් බැවින් මේ සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ යානවක් යෙදවීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.
    මේ වන විට මින් මගීන් 150 ක් අද රාත‍්‍රී 11.30 ට ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් මදුරෙයි බලා පිටත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉතුරු 23 දෙනාද හැකි ඉක්මනින් පිටත් කරන බවද කීය.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ayyio salli

    Mihin lanka Airways nimi Fault Lanka Airways

    ඔවල යන උන්ට ගහන්න ඔනා බූවලු තුනක් එකට තියලා.. ඇති ලාබෙකුත් නැ, මොන කෙන්ගෙඩියකට යනවද? නිකමට ඔය ලයිට් එක උඩදි පත්තු උනානම් මොනවා කරන්නද?
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔවල යන උන්ට ගහන්න ඔනා බූවලු තුනක් එකට තියලා.. ඇති ලාබෙකුත් නැ, මොන කෙන්ගෙඩියකට යනවද? නිකමට ඔය ලයිට් එක උඩදි පත්තු උනානම් මොනවා කරන්නද?

    කුමන කතාද. බලපංකො අර flydubai එකට දාල තියන comment ටික. ඇයි බන් මිනිස්සු මෙච්චර මෝඩ.. :no::no: