මුඛ පිළිකාව
මීට වසර කීපයකට පෙර අපේ රටේ හඳුනා ගත් පිළිකා රෝගීන්ගෙන් විශාල පිරිසකට මුඛ පිළිකා වැළදී තිබුණද පසුගිය වසර කිහිපය තුළ එම ප්‍රමාණයේ සැළකිය යුතු අඩු වීමක් දක්නට තිබෙනවා.නමුත් අදටත් එය අපේ රටින් තුරන් වූ පිළිකා වර්ගයක් නම් නෙවෙයි.
මුඛ පිළිකා රෝගීන් බොහෝ අවස්ථා වලදී ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය සළකිය යුතු තරමට වර්ධනය වූ පසුවයි.රෝග පිළිබද දැනුවත් වීමක් නොමැතිකම මීට ප්‍රධාන හේතුව වෙනවා.රෝගයේ මුල් අවධියේදි ලේ වහනය වීමක් හෝ වේදනාවක් ඇති නොවීමත්,මුඛයේ ක්‍රියාකාරිත්වයට එතරම් බලපෑමක් ඇති නොවීමත් නිසා බොහෝ දෙනා ප්‍රතිකාර සදහා යොමු වන්නේ නැහැ.
මුඛ පිළිකා රෝගීන් බොහෝ අවස්ථා වලදී ප්‍රතිකාර සඳහා යොමු වන්නේ රෝගය සළකිය යුතු තරමට වර්ධනය වූ පසුවයි.රෝග පිළිබද දැනුවත් වීමක් නොමැතිකම මීට ප්‍රධාන හේතුව වෙනවා.රෝගයේ මුල් අවධියේදි ලේ වහනය වීමක් හෝ වේදනාවක් ඇති නොවීමත්,මුඛයේ ක්‍රියාකාරිත්වයට එතරම් බලපෑමක් ඇති නොවීමත් නිසා බොහෝ දෙනා ප්‍රතිකාර සදහා යොමු වන්නේ නැහැ.
මුඛ පිළිකා වර්ග
- තොල් වල ඇතිවන පිළිකාව
- දිවේ ඉදිරිපස ප්‍රදේශයේ ඇතිවන පිළිකාව
- හනු ආශ්‍රිතව ඇතිවන පිළිකාව
- චාර්වක දත් පිටුපස ප්‍රදේශයේ ඇතිවන පිළිකාව
- උඩු තල්ලේ ඇතිවන පිළිකාව
- කම්මුල ප්‍රදේශයේ ඇතිවන පිළිකාව
- මුඛය පතුලේ ඇතිවන පිළිකාව
හේතුව නිශ්චිතව පැවසිය නොහැකි වුවත් ඒ සඳහා හේතු විය හැකි සාධක බොහොමයක් තියෙනවා.බුලත් විට සැපීම ඉන් ප්‍රධානයි.දුම් පානය දෙවැන්නයි.කවර ආකාරයේ දුම් වැටි භාවිතා කළද පෙණහළු පිළිකා මෙන්ම මුඛ පිළිකා සඳහා දුම් පානය අවධානම් සාධකයක් ලෙස සදහන් කළ හැකියි.ශරීරය තුළට ගමන් කරන දුම් වැටි වල ඇති අහිතකර ප්‍රමාණය අනුව පිළිකා සෑදීමේ අවදානම තීරණය වෙයි.අධික මත්පැන් පානය ද මුඛ පිළිකාවට හේතුවක්.
මුඛ පිළිකාව සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ මුඛයේ ඇති ශ්ලේශ්මල පටලය මගිනි.එය ඇති වීමට මාස කිහිපයක සිට හෝ වසර කිහිපයක සිට විවිධ වෙනස්කම් මුඛය තුළ දක්නට හැකියි.මේවා හඳුන් වන්නේ පූර්ව පිළිකා ලක්ෂණ ලෙසයි.එහෙත් සමහර මුඛ පිළිකා වර්ග මෙවැනි පූර්ව පිළිකා ලක්ෂණ නැතිවත් ඇති වෙනවා.
පූර්ව පිළිකා ලක්ෂණ
- දිවේ හෝ මුඛයේ ඇතුළු ආස්තරයේ පිහිටි සූරා ඉවත් කළ නොහැකි සුදු ලප
- මුඛයේ දිගු කළක් සුව නොවී පවතින තුවාල
- දිව නැවීමේ හෝ මුඛය විවෘත කිරීමේ අපහසුතා
මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීම ඉතා වැදගත්.මුඛ පිළිකාවේ පසු ලක්ෂණ ඇති අවධියේ පවා පිළිකාව පැතිරී ඇති ප්‍රමාණය අනුව ප්‍රතිකාර මගින් සමහර මුඛ පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගත හැකියි.
මුඛ පිළිකාවේ පසු අවධියේ දක්නට ලැබෙන ලක්ෂණ
- මුඛයේ දැවිල්ල
- මිරිස් හා කුළුබඩු සහිත ආහාර ගැනීමට අපහසු වීම
- ආහාර සැපීමේ අපහසුතාවය
- කතා කිරීමට අපහසු වේ
- ඇඟ කෙට්ටු වීම
- තොල් හිරි වැටීම
- මුඛයේ දුර්ගන්ධය
- රක්තහීනතාවය
- පිළිකාව ඇති ප්‍රදේශය අසල දත් සෙලවීම
- බෙල්ලේ කුද්දැටි ඇතිවීම
- දිව නැවීමේ හෝ මුඛය විවෘත කිරීමේ අපහසුතා
මුඛ පිළිකාව වැළදුණු රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී කරුණු කීපයක් සැළකිල්ලට ගනු ලබයි.එනම් රෝගියාගේ වයස,පිළිකාව මුඛයේ ඇති ස්ථාන එහි ප්‍රමාණය හා පැතිරී ඇති ප්‍රමාණය,අවට කුද්දැටි ඇති හෝ නැති බව සහ පිළිකාවේ වර්ගයයි.මුල් අවධියේදී මුඛ පිළිකා ශල්‍යකර්ම මගින් සුව කළ හැකි නමුත් ඇතැම් විට පිළිකා නාශක ඖෂධ හා විකිරණ ප්‍රතිකාර ද මේ සඳහා යොදා ගනී.
මුඛ පිළිකාවෙන් වැළකීමට
- බුලත් විට සැපීමෙන් වළකින්න
- පුවක් හා පුවක් අශ්‍රිත නිෂ්පාදන සැපීමෙන් වළකින්න
- දුම් පානයෙන් හා මත් වතුර පානයෙන් වළකින්න
- එළවලු හා පලතුරු සහිත සමතුලිත් ආහාරයක් ගන්න
- මානසික ආතතියෙන් තොර සැහැල්ලු ජීවිතයක් ගත කරන්න
- වසරකට වරක් දන්ත වෛද්‍යවරයෙක් ලවා මුඛය පරීක්ෂා කරගන්න
Last edited:

