මුඛ පිළිකා රෝගයක් හඳුනා ගන්නේ කෙසේද
ලංකාවේ ප්‍රධානම බහුලම සෞඛ්‍ය ප්‍රශ්නයක් තමයි මේ මුඛ පිළිකා කියන්නේ. ලෝකයෙන්ම ගත්තාම මේ මුඛ පිළිකා ලෝකයේ 6වෙනි ස්ථානය ගන්නා පිළිකාවක්. සාමානයෙන් අවුරුද්දකට මුඛ පිළිකා රෝගීන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ රෝගීන් අපට හමුවෙනවා. නමුත් මෙම සම්පුර්ණ මුඛ රෝගීන් සංඛ්‍යාවෙන් 2/3 ක්ම අපිට දක්නට ලැබෙන්නේ දියුණු වන රටවලයි. ලංකාවේ ගත් විට මෙය තමයි පිරිමි අය හට බහුලම වැළඳෙන පිළිකාව.
පිරිමි සහ ගැහැණු අය ගත විට 2:1 වගේ තමයි මෙම පිළිකාව වැළඳෙන්නේ. අපේ රටේ අවුරුද්දකට සාමානයෙන් 2500 ක් පමණ මුඛ පිළිකා වැළඳුන රෝගීන් හමුවෙනවා.
මුඛ පිළිකාවක් වැළදුන කෙනෙක්ට අවුරුදු 5ක් ජිවත් වීමේ සම්භාවිතාව 5% ලෙසට සංඛ්‍යා ලේකන වලින් අපිට පෙන්නුම් කරයි. එනම් මුඛ පිළිකා රෝගීන් 100 ගත්තොත් එයින් අවුරුදු 5ක් ජිවත් වෙන්නේ භාගයයි. මුඛ පිළිකා කියන්නේ ඉතාම භයානක සහ ඉතා සුලභ රෝගයක් කියලා අපට හඳුවන්න පුළුවන්.
ඇයි මුඛ පිළිකා වැළඳෙන්නේ ?
මේ මුඛ පිළිකා සඳහා ලංකාවේ වැඩිපුරම හේතු කාරක වන්නේ බුලත්විට – බුලත්විට ගත්තාම අපි දන්නවා එයට සංඝටක 4ක් අඩංගු වෙනවා බුලත්කොළ, දුම්කොළ, හුණු සහ පුවක්. සමහරු හිතාගෙන ඉන්නවා බුලත්කොළ ප්‍රශ්නයක් නෑ, පුවක්වල ප්රශ්නය නෑ කියලා හුණු සහ දුම්කොළ වල තමයි ප්‍රශ්නයක් වෙන්නේ කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. අලුත්ම සොයාගැනීම අනුව මෙම සංඝටක 4ම පිළිකාකාරක ලෙසට සොයාගෙන තිබෙනවා.
දුම්කොළ ආශ්රිත නිෂ්පාදන
දුම්කොළ ආශ්රිත නිෂ්පාදන කියන්නේ සිගරට්, සුරුට්ටු, බීඩි ඒ වගේම අපේ තරුණ පරම්පරාව දැන් ඇබ්බැහි වෙලා තියනවා බාබුල් වගේ දේවල්. එයත් ඉතාම භයානක පිළිකා කාරකයන් වෙනවා.
මත්පැන් පානය
මත්පැන් පානය ද භයානක පිළිකා කාරකයක් වෙනවා.
විටමින් වර්ග ඌනතාවය, වෛරස් ආසාදන නිසා ද මුඛ පිළිකා ඇතිවිය හැක. මුඛ පිළිකා ගත්තම විවිධාකාරයි. අපේ මුඛයේ ඇති විවිධාකාර පටක වර්ග නිසා මුඛ පිළිකා ඇති වෙන්න පුළුවන්. සමහර මුක පිළිකා ඉතාම භයානකයි. මුඛ පිළිකා වර්ගය සහ එයින් ඇති වෙන හානිය නිසා එහි භයානකත්වය තීරණය වේ. දිවට යටින් ඇති කොටස සහ දිවේ පිටිපස ඇතිවන මුඛ පිළිකාවන් ඉතාම දරුණුගනයේ පිළිකා වේ.
මුඛ පිළිකාවක් ඇති බවට සැක කල යුතු ලක්ෂණ
සනීප නොවන තුවාලයක් ඔබේ මුඛයේ තිබෙනවා නම් එය සති තුනකටත් වඩා තියනවා නම් විශේෂයෙන් වේදනාවක් දෙන්නෙත් නැත්නම් එය සැක කටයුතු ලක්ෂණයක්. එවැනි අවස්තාවක වෛද්‍යවරයෙකු හමු වී වහාම පරික්ෂා කර ගත යුතුයි.
හේතුවක් නොමැතිව මුඛයේ හෝ මුහුණේ ඇතිවන වේදනාව. සමහර විට එය අපේ දතක කැක්කුමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දත් බුරුසුව කටේ වැදිලා එයින් අත්ගි වුන වේදනාවක් විය හැකියි.
දීර්ඝ කාලයක් හෝ සුදු පැල්ලම්. එහෙමත් නැත්නම් රතු සුදු මිශ්‍ර පැල්ලම්. මෙය මුඛ පිළිකා වල මුලික ලක්ෂණයි. මෙම පැල්ලම් මුඛ පිළිකා සැදීමට ඇති සම්භාවිතාව වැඩියි. එම නිසා වෛද්‍යවරයකු ලවා අනිවාර්යෙන් පරික්ෂා කර ගන්න.
සමහර වෙලාවට අපිට කට අරින්න අපහසුතාවයක් තියනවනම්, එහෙමත් නැත්නම් හපන්න අපහසුතාවයක් තියනවා නම්, හේතුවක් නැතිව ලේ ගලනවා නම් එයද මුඛ පිළිකාවක මූලික ලක්ෂණ විය හැකියි.
http://thewoman.lk/archives/5918

Bump
