"මුතු කුඩ ඉහලන"
"මුතු කුඩ ඉහලන"
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස පියා ඉගිලී
අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ...
මුතු කුඩ ඉහලන...//
නිතර අහන්න නොලැබෙන එහෙත් ඇසූ අයගේ මුවින් නොගිලිහෙන මේ ගීතය රෝහණ වීරසිංහ මහතමයාගේ තවත් අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මේ ගීතය රසවීදීමේදී මැවෙන සිතුවමට කාටත් වඩා සෙන්කඩගල කන්ද උඩරට අයට විශේෂ වෙනවා කියලයි මගේ හැඟීම. ඉතින් ගීතය ගැන විචාර, අර්තකතන බොහොමයක් මේ වෙනකොට බිහිවෙලා තිබුනත් පෞද්ගලික මගේ අදහස නම් ටිකක් වෙනස්, පෞද්ගලිකව මෙවන් අත්දැකීමක් නැතත් ගීතයේ මැවෙන රූපය සිතේ මැවෙන ආකාරය ඉතාම හැඟුම්බරයි. වළාකුලින් බරව මහ වැස්සක ලකුණු පෙන්වන මොහොතක ඔහු දකින එක් දසුනක් නිසා ඔහුගේ සිත දුක්මුසු අතීතයකට පිය මනින බවක් ගීතයෙන් අඟවනවා. ඒ ඔහු ආදරය කල යුවතිය තමා අසලින් රථයක නැගී ගමන් කරන දසුනයි. ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම මොවුන් පෙම්වතුන්සේ ගෙවුනු අතීතය මැනවින් පැහැදිලි කරන අතර ඒ සමගම ඔහුන් දෙදෙනා අද වනවිට ප්‍රේමය අවසන්ව මාවත් දෙකකට පිවිස ඇති බව පවසයි. ගීතයේ අවසානයේ දී එනම්
"රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ..."
යන පද පේලි වලදී මා හට හැඟීයන්නේ පෙම්වතාට දුකක් දැනුන මුත්, පෙම්වතියට එවන් පසුතැවිල්ලක් නොහැගෙන ලෙස ඉන්නා බවයි. එය රිය ඇතුලේ උණුසුම විදින පෙම්වතිය හා එම රිය පාරේ ගමන් කරන විට මහමඟ ඇති මඩ වතුරෙන් නැහැවීයන මෙම පුද්ගලාගෙනුත් අර්ථවත් කරයි. නමුත් පෙම්වතා සිදුවූ සියල්ල අමතක කීරීමට තමාගේ සිත නොරිදුනු බව අවසන් පද පේලි දෙකෙන් කීමට උත්සහ කරයි... නමුත් එය හුදු මුලාවක්ම පමණක් බව ඔහුට මෙන්ම අපට ද හැඟී යයි...
::::ගීතය මෙතනින් බාගන්න::::

Code:
palpatha.blogspot.com
minissunge hati me sinduwen godak pennanawa
shik rep denna balu ban 