"මුතු කුඩ ඉහලන"

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    "මුතු කුඩ ඉහලන"

    "මුතු කුඩ ඉහලන"

    Man+in+Rain.jpg


    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...

    මුතු කුඩ ඉහලන...//


    නිතර අහන්න නොලැබෙන එහෙත් ඇසූ අයගේ මුවින් නොගිලිහෙන මේ ගීතය රෝහණ වීරසිංහ මහතමයාගේ තවත් අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මේ ගීතය රසවීදීමේදී මැවෙන සිතුවමට කාටත් වඩා සෙන්කඩගල කන්ද උඩරට අයට විශේෂ‍ වෙනවා කියලයි මගේ හැඟීම. ඉතින් ගීතය ගැන විචාර, අර්තකතන බොහොමයක් මේ වෙනකොට බිහිවෙලා තිබුනත් පෞද්ගලික මගේ අදහස නම් ටිකක් වෙනස්, පෞද්ගලිකව මෙවන් අත්දැකීමක් නැතත් ගීතයේ මැවෙන රූපය සිතේ මැවෙන ආකාරය ඉතාම හැඟුම්බරයි. වළාකුලින් බරව මහ වැස්සක ලකුණු පෙන්වන මොහොතක ඔහු දකින එක් දසුනක් නිසා ඔහුගේ සිත දුක්මුසු අතීතයකට පිය මනින බවක් ගීතයෙන් අඟවනවා. ඒ ඔහු ආදරය කල යුවතිය තමා අසලින් ‍රථයක නැගී ගමන් කරන දසුනයි. ‍ගීතයේ අන්තරා කොටසට පිවිසෙත්ම මොවුන‍් පෙම්වතුන්සේ ගෙවුනු අතීතය මැනවින් පැහැදිලි කරන අතර ඒ සමගම ඔහුන් දෙදෙනා අද වනවිට ප්‍රේමය අවසන්ව මාවත් දෙකකට පිවිස ඇති බව පවසයි. ගීතයේ අවසානයේ දී එනම්

    "රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ..."

    යන පද පේලි වලදී මා හට හැඟීයන්නේ පෙම්වතාට දුකක් දැනුන මුත්, පෙම්වතියට එවන් පසුතැවිල්ලක් නොහැගෙන ලෙස ඉන්නා බවයි. එය රිය ඇතුලේ උණුසුම විදින පෙම්වතිය හා එම රිය පාරේ ගමන් කරන විට මහමඟ ඇති මඩ වතුරෙන් නැහැවීයන මෙම පුද්ගලාගෙනුත් අර්ථවත් කරයි. නමුත් පෙම්වතා සිදුවූ සියල්ල අමතක කීරීමට තමාගේ සිත නොරිදුනු බව අවසන් පද පේලි දෙකෙන් කීමට උත්සහ කරයි... නමුත් එය හුදු මුලාවක්ම පමණක් බව ඔහුට මෙන්ම අපට ද හැඟී යයි...


    ::::ගීතය මෙතනින් බාගන්න::::

    :love: :love: :love: :love: :love: :love: :love:
    Code:
    palpatha.blogspot.com
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28


    "රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ..."

    යන පද පේලි වලදී මා හට හැඟීයන්නේ පෙම්වතාට දුකක් දැනුන මුත්, පෙම්වතියට එවන් පසුතැවිල්ලක් නොහැගෙන ලෙස ඉන්නා බවයි. එය රිය ඇතුලේ උණුසුම විදින පෙම්වතිය හා එම රිය පාරේ ගමන් කරන විට මහමඟ ඇති මඩ වතුරෙන් නැහැවීයන මෙම පුද්ගලාගෙනුත් අර්ථවත් කරයි. නමුත් පෙම්වතා සිදුවූ සියල්ල අමතක කීරීමට තමාගේ සිත නොරිදුනු බව අවසන් පද පේලි දෙකෙන් කීමට උත්සහ කරයි... නමුත් එය හුදු මුලාවක්ම පමණක් බව ඔහුට මෙන්ම අපට ද හැඟී යයි...[/COLOR]



    විවාහය යන්න පෙම්වතියට සැපවත් බවක් දුන්නද, එම විවාහය ඇයගේ මුල් පෙම්වතාට කනගා‍ටුවක් ඇතිකර ඇත.

    ඇයගේ විවාහය = වාහනය
    වාහනය ඇයට උණුසුම නම් වූ සැපයක් දෙන මුත් ඔහුට මඩ වතුර නම් වු දුකක් ඇතිකරයි
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    me sinduwa mama bohodurata hamadama wage ahanawa.rohanage sindu echchara na.ewunath kiwwa ewa amaraneeyai.mara meaning ekak tiyena sinduwak.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    විවාහය යන්න පෙම්වතියට සැපවත් බවක් දුන්නද, එම විවාහය ඇයගේ මුල් පෙම්වතාට කනගා‍ටුවක් ඇතිකර ඇත.

    ඇයගේ විවාහය = වාහනය
    වාහනය ඇයට උණුසුම නම් වූ සැපයක් දෙන මුත් ඔහුට මඩ වතුර නම් වු දුකක් ඇතිකරයි

    :rolleyes: :rolleyes:

    me sinduwa mama bohodurata hamadama wage ahanawa.rohanage sindu echchara na.ewunath kiwwa ewa amaraneeyai.mara meaning ekak tiyena sinduwak.

    sirawatama machan