මචෝ කිවුවට තරහ වෙන්න එපා, ආදරේට කියන්නෙ. උඹ ඔය වැඩේ පටන්ගත්තොත් උඹට ත්රෙඩ් එක දාන්න වෙන්නෙ වැලිකඩ ඉඳන්. අත්දැකීමෙන් කියන්නෙ, මිනිස්සු චෙක් දෙන්න සත පහක බයක් නෑ. ඕවා කරන එවුන් නඩු දදා සල්ලි රිකවර් කරගන්නෙ නෑ. කටට පිස්තෝලේ තියල තමයි ආපහු ඉල්ලන්නෙ. උඹට එහෙම හයියක් තියනවනම්. සල්ලි පොලියට දීපන්.
උඹ දියුණු වෙන්න උතසහ කරන කොල්ලෙක් හින්ද කියන්නෙ. අනුන්ව විශ්වාස කරලා අතේ තියන සබ්බ සකලමනාවම රිස්ක් කරන එකකට ඇත ගහන්න එපා. උඹ ලී බදු බිස්නස් එකක් පටටං ගත්තොත් උඹට බිස්නස් එකට යොදවපු සල්ලි වලට හරියන්න ලී බඩු ස්ටොක් එකක් හරි ළඟ තියනවා. උඹ 4% ගන්න බලාගන සල්ලි ලක්ෂ ගණන් වලින් තව එකෙකුට දුන්නම සෙකියුරිටි එකට උඹ ළඟ මොනවද තියෙන්නෙ?!
පර්සනලී දන්න කෝටිපතියෝ ඉන්නවා චෙක් වලට සල්ලි දාන්නෙ නැතුව සල්ලි දුන්න එකාව වාත කරන. උඹට තාම මුණගැහිලා නැද්ද චෙක් එකට නඩු දාන්න, දාලා පුළුවන් දෙයක් කරන්න කියන මිනිස්සු?!
මිනිස්සු උඹව සීරියස් ගන්න එකත් නවතිනවා උඹේ මේ වගේ බිස්නස් අයිඩියාස් වලින්. උඹ ඕක කරොත් අනිවාර්යෙන් රිමාන්ඩ් වෙලා නවතින්නෙ.
උඹේ ත්රෙඩ් එක චාටර් කරන්න නෙමේ මේවා දාන්නෙ. අවංකවම උඹට නොපෙනෙන පැත්ත පෙන්නන්න.
කලින් කමෙන්ට් එකක මම කිව්වා රිස්ක් එක නැතිවෙන්නේ ඇයි කියලා. .
"මූලික අදියරේ රිස්ක් එකක් ඇත්තෙම නෑ. . ලක්ශ 50යිනේ යොදවන්නේ. . අම්මගේ සහෝදර සහෝදරියෝ 11ක් ඉන්නවා ලී බඩු ෆීල්ඩ් එකේ. . ඒගොල්ලන්ගේ ලමයිනුත් ලී බඩු බිස්නස්මයි කරන්නේ. . එතනින් දෙතුන් දෙනෙක්ට දුන්නනම් රිස්ක් නෑ. . "
මට අවුරුදු 29ක් වෙනවා තේරෙන දවසේ ඉදන් මේ ෆීල්ඩ් එකේමයි ඉන්නේ. .
මම දන්න දේ. . අතේ තියෙන බිස්නස් එක. . මම විතරක් නෙවෙයි මගේ නෑයෝ වෙන කීප දෙනෙකුත් මේ බිස්නස් එක කරනවා. . මම අදුරන කීප දෙනෙකුත් කරනවා. . මට හම්බවෙන චෙක් මාරුකරන් තියෙනවා මොරටුවේ චෙක්මාරු කරන ප්රදාන 5 දෙනාගෙන්ම. . සිස්ටම් එක හොදටම දන්නවා. . තව එකෙක්ව වලට දාලා මමත් වලේ වැටෙන්නේ නෑ කොහොමත්. . එහෙම අවදානම් දෙයක් නම් මන් මෙතන කියන්නෙත් නෑ. .
කිරියෙන් නම් කෙනෙක්ව සෙට් වෙන එකක් නෑ. . මෙහෙට ඇවිත් නොබලා මේ වැඩේ තේරෙන්නෙත් නෑ. .


