මුදල් උපයමු! *2*

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචෝ කිවුවට තරහ වෙන්න එපා, ආදරේට කියන්නෙ. උඹ ඔය වැඩේ පටන්ගත්තොත් උඹට ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ වැලිකඩ ඉඳන්. අත්දැකීමෙන් කියන්නෙ, මිනිස්සු චෙක් දෙන්න සත පහක බයක් නෑ. ඕවා කරන එවුන් නඩු දදා සල්ලි රිකවර් කරගන්නෙ නෑ. කටට පිස්තෝලේ තියල තමයි ආපහු ඉල්ලන්නෙ. උඹට එහෙම හයියක් තියනවනම්. සල්ලි පොලියට දීපන්.
    උඹ දියුණු වෙන්න උතසහ කරන කොල්ලෙක් හින්ද කියන්නෙ. අනුන්ව විශ්වාස කරලා අතේ තියන සබ්බ සකලමනාවම රිස්ක් කරන එකකට ඇත ගහන්න එපා. උඹ ලී බදු බිස්නස් එකක් පටටං ගත්තොත් උඹට බිස්නස් එකට යොදවපු සල්ලි වලට හරියන්න ලී බඩු ස්ටොක් එකක් හරි ළඟ තියනවා. උඹ 4% ගන්න බලාගන සල්ලි ලක්ෂ ගණන් වලින් තව එකෙකුට දුන්නම සෙකියුරිටි එකට උඹ ළඟ මොනවද තියෙන්නෙ?!
    පර්සනලී දන්න කෝටිපතියෝ ඉන්නවා චෙක් වලට සල්ලි දාන්නෙ නැතුව සල්ලි දුන්න එකාව වාත කරන. උඹට තාම මුණගැහිලා නැද්ද චෙක් එකට නඩු දාන්න, දාලා පුළුවන් දෙයක් කරන්න කියන මිනිස්සු?!
    මිනිස්සු උඹව සීරියස් ගන්න එකත් නවතිනවා උඹේ මේ වගේ බිස්නස් අයිඩියාස් වලින්. උඹ ඕක කරොත් අනිවාර්යෙන් රිමාන්ඩ් වෙලා නවතින්නෙ.

    උඹේ ත්‍රෙඩ් එක චාටර් කරන්න නෙමේ මේවා දාන්නෙ. අවංකවම උඹට නොපෙනෙන පැත්ත පෙන්නන්න.

    කලින් කමෙන්ට් එකක මම කිව්වා රිස්ක් එක නැතිවෙන්නේ ඇයි කියලා. .
    "මූලික අදියරේ රිස්ක් එකක් ඇත්තෙම නෑ. . ලක්ශ 50යිනේ යොදවන්නේ. . අම්මගේ සහෝදර සහෝදරියෝ 11ක් ඉන්නවා ලී බඩු ෆීල්ඩ් එකේ. . ඒගොල්ලන්ගේ ලමයිනුත් ලී බඩු බිස්නස්මයි කරන්නේ. . එතනින් දෙතුන් දෙනෙක්ට දුන්නනම් රිස්ක් නෑ. . "

    මට අවුරුදු 29ක් වෙනවා තේරෙන දවසේ ඉදන් මේ ෆීල්ඩ් එකේමයි ඉන්නේ. .
    මම දන්න දේ. . අතේ තියෙන බිස්නස් එක. . මම විතරක් නෙවෙයි මගේ නෑයෝ වෙන කීප දෙනෙකුත් මේ බිස්නස් එක කරනවා. . මම අදුරන කීප දෙනෙකුත් කරනවා. . මට හම්බවෙන චෙක් මාරුකරන් තියෙනවා මොරටුවේ චෙක්මාරු කරන ප්‍රදාන 5 දෙනාගෙන්ම. . සිස්ටම් එක හොදටම දන්නවා. . තව එකෙක්ව වලට දාලා මමත් වලේ වැටෙන්නේ නෑ කොහොමත්. . එහෙම අවදානම් දෙයක් නම් මන් මෙතන කියන්නෙත් නෑ. .

    කිරියෙන් නම් කෙනෙක්ව සෙට් වෙන එකක් නෑ. . මෙහෙට ඇවිත් නොබලා මේ වැඩේ තේරෙන්නෙත් නෑ. .
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    උඹ හොයාගන්නෙ හරිම අවධානම් බිස්නස් නෙ
    හිරෙ නොගිහින් බෙරුනොත් ඇති

    ලංකාවෙ මිනිස්සු සල්ලි ගන්න තියෙන උනන්දුව
    ආපහු දෙද්දි එන්නෙ නෑ බන්

    කෝල් 100 දීල, පින්සෙන්ඩු වෙලා, තග දාල තමයි ආයෙ අයකරගන්න වෙන්නෙ
    ඒකයි ඔය කොම්පැනනි වලත් රිකවරි වලට මැරයො වගෙ උන් තියන් ඉන්නෙ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපේ තාත්තා හොදට පොලු කෑවා ඔය පොලියට චෙක් මාරු කරන්න ගිහින්. මාසෙකට 5%. තාමත් කලාතුරකින් ගන්නවා කිව්වට අහන් නෑ. ඉස්සර වගේ ගොඩක් කරන්නෙ නෑ. දැන් කාලේ විස්වාසයි කියලා කෙනෙක් නෑ විශෙශයෙන් කොරෝනා හින්දා හැමොම නට්ටන් වෙලා ඉන්නකොට තවත් රිස්ක් එක වැඩියි. දැන් කාලෙ ගොඩක් එවුන් බලන්නෙ ලොකු පොල්ලක් හරි තියලා ගෙවල් හදාගන්න වාහන ගන්න කඩවල් දාගන්න. මම කවදාහරි තනියෙන් බිස්නස් කරන කාලෙට කවදාවත් චෙක් මාරු කරන් නෑ මොකද මන් දැක්කා තාත්තට වුනු පාඩුව. පොලිය සාක්කුවට චෙක් එක කුනුගොඩට යන්නෙ
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    අවදානම් වැඩක්,, ආයෙම හිතල බලන්න, මම යාලුවෙක්ට දුන්න 25000/= ඉල්ලුවට දෙන්නෙ නෑ තවම, ඉතින්,,,,
     
    • Like
    Reactions: XibitZ and Fbfocus

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    චූටී පුතේ ඔය සිස්ටම් ඒක තියන්නේ මොරටුවේ විතරක් නේමේ මහරගම රෙදි බිස්නස් කරන්නෙත් කොටුවේ මැනිං මාරක්ට් එක දුවන්නේත් ඔහොම කොටින්ම කිව්වොත් බිස්නස් කරන හැමතැනම දුවන්නේ ඩේලි දෙන එකයි චෙක් වලිනුයි තමයි ඔවාගෙන් ගේම ගහන්නේ හිතක් පපුවක් නැති මිනිස්සු. තිරිසන් වෙන්න පුළුවන් නම් කරපං බැරිනම් නිකන් හිටපං. අනුන්ගේ සල්ලි වලින් කරන්න එපා
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් කිව්වා හරි. . වැඩේ අල්ලලා දාපන්කෝ මොකද මට ඔන්ලයින් පීනන්න පුරුදු කරන්න බෑනේ. . චෙක් එකක නීතිමය තත්වය දන්නේ නෑනේ කට්ටිය. . අව්ලක් නෑ මන් මේ ත්‍රේඩ් එක දාපු එක හොදයි. . මගේ අනාගතයට මේක වැදගත් වෙනවා. . අනාගතේ දවසක කමෙන්ට් එකක් දාන්නම්කෝ. .
     
    • Like
    Reactions: asylum

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    පිස්සුද බං එක එකට සල්ලි දෙන්න ... ඉඩමක් වහනයක් අරං විකුන පං .... කසන සල්ලි තියේනම් කිය පං Account No. දෙන්නම්
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    oka machan join wela karanna puluwan deyak neme.. invest karana ekata risk ekata 50% wath enna ona. Netham 24% podi buying and selling karath hoya ganna puluwan.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Sira katawa muta lajjawak na
    ikmanata salli hoyana yanawa
    ita pase kelo gannawa
    ugat padam komisama mataka na

    උබ මොකක් ගැන කියනවද කියලා මට අදහසක් නෑ. .
    මම හවුල් වයාපාර කරලා නෑනේ බන්? :confused:
    ඉක්මනට සල්ලි හොයන දේවල් කිසි දෙයක් කරලත් නෑනේ? :dull:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    හදිසියේ මුදල් සොයන්නට යන්නා,
    නිවී හැනහිල්ලේ පසුතැවේ.....
     
    • Love
    Reactions: ChoronaSottiya

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පොඩි අවස්තාවක් තියෙනවා සල්ලි තියෙන කෙනෙක්ට බිස්නස් එකක් කරන්න පුලුවන්. . මුලින්ම මේක බලන්න. .
    http://elakiri.com/threads/මුදල්-උපයමු.1821543/

    අපිට 4% මාසික පොලියට චෙක්පත් වට්ටම් කරන්න පුලුවන්. . බිස්නස් ලයින් එක මට හැදිලා තියෙන්නේ ලක්ශ 50ක් වුනත් මූලික අදියරේ යොදවන්න පුලුවන්. .
    සල්ලි යොදවන කෙනාට 2% දෙන්න පුලුවන් ඉතිරිය මට සහ රජයේ බදු. .

    සරලවම කිව්වොත් වැඩේ වෙන්නේ මේ විදියට. .
    2020/11/02 දින 2020/12/02 දින යෙදු රු. ලක්ශයක චෙක්පතක් මාරුකරනවා යයි සිතන්න. .
    එවිට ඔබට එම ලක්ශයක චෙක් පත ලැබෙනවා ඔබ රු, 98000 ඒ මොහොතේ ලබාදෙනවා. . එවිට මසකින් පසු ඔබ ලබාදුන් 98000 සහ පොලිය වුනු 2000 එකතුව වන ලක්ශය ලැබෙනවා. .

    මෙතනදි විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ව හොයාගන්න එකයි අමාරුම ඒ කොටස මම කරන නිසා සල්ලි යොදවන කෙනාට කිසිම අව්ලක් වෙන්නේ නෑ. .
    අවමය ලක්ශ 20 යොදවන්න පුලුවන් වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. . ගනුදෙනු කරන අතරතුරේදි යොදවන මුදල වැඩි කරන්න පුලුවන්. .


    තව පැහැදිලි කරන්න. ඇයි එහෙම කෙනෙක් චෙක් දෙන්නේ ?