මුම්බායි සහ අලි දුපත
මේ ගමන ගිහින් නම් ටිකක් කල් වෙනවා .. මගේ පරණ එළකිරි account එකට කිසිම හේතුවක් නැතුව කෙලවී ඇති නිසා අලුත් එකෙන් මොකුත් දාන්න හිතුනෙම නෑ ,, මේ ගමන ගියෙත් office එකේ වැඩකට තනියම .. ගොඩක් වෙලාවට තනියම රට යන වැඩ වලට සෙට් වෙන්නේ මම තමයි ... නොදන්නා නගර වලට තනියම යන්න ගොඩක් උන් බය ගතියක් තියන නිසා.. ඔන්න මේ පාර යන්නේ මුම්බායි ..
Mumbai නැත්තම් බොම්බේ ,, ඉන්දියාවේ ලොකුම , වැඩිම ජනගහනයක් වෙසෙන නගරය .. මුළු ලංකාවෙන් බාගයකටත් වැඩි ජනතාවක් මුම්බා යි වල ජීවත් වෙනවා .. ඒ වගේම ලෝකයේ ලොකුම slum එක Dharavi තියෙන්නෙත් මේ නගරයේ ..
දවසක් දා හැන්දෑවක බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන පහුවදා උදේ පාන්දරම 5.30 ජෙට් airways යානයකින් ලංකාවෙන් පිටත් උනා .. පැය 3 කට විතර පස්සේ මුම්බායි airprort එකට ගොඩ බැස්සා .. airport එකනම් සුපිරියට තියනවා .. 2014 දී හදපු අලුත් airport එකක් ,,
වැඩිය ෆොටෝ කැලි නම් ගහන්න හම්බුනේ නෑ .. මොකද පරක්කු වෙලා තිබුන නිසා .. අනික හද්ද පරණ point & shot cam එකකින් මොන ෆොටෝද ?
ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන air port එකෙන් එලියට එනකොට ම දැක්කේ මෙන්න මේක තමා ..
කොහොම හරි taxi කාරයෙක් ව හොයගෙන හොටෙල් එකට යන්න පටන් ගත්තත් , වටේ පිටේ පෙනෙන දේවල් වලින් නම් ඉදිරි දින කිහිපය ගෙවා දැමීම ඉතා දුෂ්කර බවක් පෙනෙන්න තිබුනා .. ඒ තරමටම ජරා වුනු පරිසරයක් ...
එදිනම අදාල වැඩ ටික ඉවර කරගෙන ,, ලොකු විවේකයක් ගත්තේ ,, ඉදිරි දින තුන පුරාවට නගරය පුරා ඇවිදීමට ලොකු බලාපොරොත්තුවකුත් එක්කයි ..
මුම්බායි වලට එන දේශීය විදේශීය හැම සංචරකෙය්ම India gate බලන්න අනිවාර්යෙන් යනවා .. ආදී කාලයේ මුම්බායි වලට එන නැව් තොටුපලක් උන නිසා . India gate ලෙස මෙම ස්ථානය හදුන්වනවා .. අදටත් අවට කුඩා දුපත් වලට යන කුඩා බෝට්ටු සේවාවක් මෙම ස්ථානයේ සිට ක්රියාත්මක වෙනවා .
india gate වලට ගිනිකොන දිසාවෙන් The Taj Mahal Palace හෝටලය දකින්න පුළුවන් .. මේකත් ගොඩක් පරණ හෝටලයක් කියලා තමයි කියන්නේ
මෙතනින්ම තමයි මුම්බායි අලි දුපතට යන ferry service එක පටන් ගන්නෙත් ..
අලි දුපතට යන අතරතුර
දැන් ගොඩ බහින්නයි හදන්නේ
දුපතේ කඩයක්
අයෙත් යනවා දුපතේ ඇතුලටම
පිහිටි ගලේ ම කරපු නිර්මාණ .. සොරි .. කැමරාව හොඳ මදි .

තව ෆොටෝස් ගොඩාක් තියනවා පස්සේ දාන්නම් .
මේකම ඉස්සරහට

Last edited: