මුලතිව් උණුසුම් වෙයි
ඕන් ඕකයි අපේ තත්වේ දැන්
ලතිව්,ඔඩ්ඩුසුඩාන්,තන්නිමුරුප්පු,කුරුන්දුර්මලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක්, පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ඊයේ (04) සවස උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.
මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ප්‍රදේශයේ පැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් කැලෑවෙන් වැසී තිබෙන අදාළ පුරාවිද්‍ය ස්ථානය එළි කිරීමට භික්ෂූන් වහන්සේලා දෙනමක්,පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ප්‍රදේශයේ දමිළ ජනතාව දැඩිලෙස නොසන්සුන්ව ඇති බවයි.
දමිළ ජනතාවගේ භූමියේ සිංහල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට හා සිංහල ජනාවාස ඉදිකිරීමට අවස්ථාවක් නොදෙන බවට මුලතිව් දමිළ ජනතාව සඳහන් කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කොට ඇති බවද මුලතිව් ආරක්ෂක අංශ පැවසූහ.
විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා හා උතුරු පළාත් සභා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.
අදාළ විරෝධතාවට එක්වු ටි.රවිහරන් මහතා පැවසූවේ මුලතිව් ප්‍රදේශයේ සංවර්ධනය මුවාවෙන් රජය සිංහල ජනාවාස හා බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කරමින් පවතින අතර, අදාළ වැඩසටහනට අනුව මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ නව බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ ඇති බවයි.
දමිළ ජනතාවගේ භූමිය වන මුලතිව් ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන අතර, අදාළ ක්‍රියාවලිය හේතුවෙන් මුලතිව් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින බවද හෙතෙම පැවසුවේය.
රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු අතර, එලෙස නොවුනහොත් රජයට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනු ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
මුලතිව් ජනතාවගේ විරෝධතාවය හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකිරීමට පැමිණ භික්ෂූවන් වහන්සේලා වෙත නැවත වැඩම කරවීමට සිදුවිණ.
මුලතිව් ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශයේ ආරක්ෂක අංශවල සහයෝගය මත මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනාවාස බිහිකිරීමට රජය ගන්නා උත්සහයට තමන් දැඩිලෙස විරුද්ධවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ පැරණි බෞද්ධ විහාරස්ථානයක් පැවති ස්ථානයක් පුරාවිද්‍ය නිළධාරීන් හා භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසක් පවිත්‍ර කිරීමට පැමිණ ඇති අතර, එහිදි ප්‍රදේශවාසීන් අදාළ ස්ථානයේ නව විහාරස්ථානයක් ඉදිකිරීමට සුදානම් වන බවට සැක සිතා විරෝධතාවයක් පැවැත්වු බවයි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හා පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු පිරිස දැනුවත් කොට තත්වය සමතයකට පත්කළ බවද පොලිසිය පැවසීය.

Last edited: