මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් -- උඹ අහලා තියෙනවාද ජපානයට බෝම්බදාලා විනාශ උනා කියලා .... උන් නැත්තටම නැති උනා කියලා ...? ඒකෙන් දශමයක්වත් නොවුනු රට දාලා ලංකාවේ එවුන් රටින් යද්දී ඇයි ජපන්නු රට දාලා නොගියේ ?
ජෙපි වහලුන්ට අනුව රාජපක්ෂලා ජන්ද ගන්න රටේ ඇති කරපු මුස්ලිම් කලබලය ... කොහමද මහින්දයා ගහපු ගේම් .. ලපයාගේ වහල්ලු වෙච්ච පිම්පි අපිතමයි හොයාගත්තේ ..
1915 සිංහල සහ මුස්ලම් ජනතාව අතර ඇති වූ සිදුවීම එකවර ඇති වූ තත්වයක් නොව වසර ගණනාවක් තිස්සේ සිදු වූ සමාජ කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයකි. එනම් එය එක රැුයකින් සිදු වූ හුදෙකලා සිදුවීමක් නොවන බවයි. ඒ අනුව සිංහල මුස්ලිම් කෝලාහලය කෙරේ බලපෑ හේතු පිළිබඳව අධ්‍යනය කළ යුතුය. මන්ද බොහෝ මතු පිටින් අධ්‍යනය කිරීමේ දී හඳුනාගනු ලබන්නේ ගම්පොල ප‍්‍රදේශයේ පැවති බෞද්ධ පෙරහැරක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ සිදුවීමක් ලෙසයි. බොහෝ විචාරකයන් පෙන්වාදෙන්නේ මරක්කල නම් මුස්ලිම් ජන කොට්ඨාසයක් විසින් ඇති කළ ගැටලූවක් දුරදිගයාමක් වශයෙනි. තවත් පිරිසක් සඳහන් කරනුයේ බි‍්‍රතාන්‍යන් විසින් ගත් අදූරදර්ශී තීන්දු හේතුවෙන් ඇති වූවක් බවයි. ඉහතින් සඳහන් කළ පරිදි සිංහල මුස්ලිම් කෝලාහලයට සෘජුවම සම්බන්ධ මරක්කල ජනතාව හෙවත් හම්බයන් ලෙස සැලකූ පිරිස දෙස පිළිබඳව යම් අධ්‍යනයක යෙදීම උක්ත කරුණ වටහා ගැනීමට පහසු වෙයි.“ මේ කෝලාහලවලට සම්බන්ධ වූවෝ මුහුදුබඩ මුස්ලිම්වරුය. මොවුන් පොදු වශයෙන් හැඳින් වූයේ ”හම්බයෝ” යන නිමිනි. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළබඩ පෙදෙස්වලින් හම්බන් නැමති ඔරුවලින් මෙහි පැමිණි නිසා ඔවුන්ට මේ නම ලැබී තිබේ. මොවුන්ගේ ප‍්‍රධාන රැකියාව වූයේ කුඩා ප‍්‍රමාණයේ වෙළඳාමය.” යන්න හරහා ඔවුන් පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය. මොවුන් දේශීය මුස්ලිම්වරුන් මෙන් නොව ඉතා අමානුෂික කි‍්‍රයාවන් ඇති පිරිසක් වීය. ඒ බව තහවුරු කරන කේ. එම් ද සිල්වා මහතා මෙසේ සිය කෘතියේ දක්වනු ලබයි. “ඔවුහු ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කළාහු පමණක් නොවණි ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිස ද ස්වදේශික මුස්ලිම්වරුන්ට වඩා සාහසික ලෙස කි‍්‍රයා කළහ. මොවුන්ගේ මෙම අවිනීතභාවය හා අනෙකුත් ආගමික කොටස් සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීමම නිසාණි මෙවැනි අවධියෙකණි එනම්ණි බුදු සමයෙහි පුනරුදයක් ඇති වී ගිය කලෙක ඔවුහු සිංහල බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ.” යන පාඨය හරහා ගම්‍යමාන වන්නේ ඔවුන් වෙළඳාම සඳහා දැක් වූ ගිජු බව සහ අනෙක් ආගමිකයන් සමඟ පැවති ගට්ඨනකාරී තත්වයයි.
1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවීමට පෙර දේශීය ආගමිකයන් සමඟ විවිධ ගැටුම් ඇති කර ගන්නා ලදී. එවැනි අවස්ථාවන් කිහිපයකට නිදසුන් පහත අයුරින් දැක්විය හැකිය.
1 පෙරුමාල් කංකානි නම් හින්දු බැතිමතෙක් මහනුවර කෝවිලක පූජාවකට යමින් සිටිය දී දෙවරක්ම මහනුවර කාසල් වීථියේ රැුඳී සිටි මරක්කල පිරිසක් විසින් පහර දුන්හx මේ පිළිබඳව රජයේ වගකිව යුත්තන්ට මෙන්ම පොලීසියට ද පැමිණිලි කළ ද ඒ පිළිබඳව වග විභාගයක් වී නොමැත.
2 මහනුවර වත්තක සේවය කළ යාපනයේ ද්‍රවිඩයෙකු වූ වයිතිලිංගම් පොන්නයියා නම් මහතෙකු හින්දු කෝවිලේ පූජාවක් සඳහා ගිය අතර එක්තරා වීථියක දී මරක්කල ජාතික පිරිසක් ඔහුට ගල් ගසා හිරිහැරවලට ලක් කළහ.
3 මහනුවර බෞද්ධ සමිතියේ උප සභාපතිවරයෙකු වූ ඩබ්. පාවුළු ප‍්‍රනාන්දු මහතා වාර්ෂික වෙසක් දන්සැල සඳහා මහනුවර නගර සභාවෙන් බලපත‍්‍රයක් ලබා ගත්ත ද මුස්ලිම් ජාතික වෙළඳුන්ගේ ආපනශාලාවලට එය බාධාවක් වන බැවින් ඔවුන්ගේ මැදිහත්වීමෙන් එය වළක්වාලීම.
මේ ආකාරයට මුස්ලිම් ජාතිකයන් විවිධ අවස්ථාවන්හී දී අන්‍ය ආගමිකයන්ට කරදර හිරිහැර කරන ලදී.
අහිංසක ගැමි ජනයා සූරාකමින් පොහොසත් වූ “හම්බයන්’‘ 1915 මෙන් යුරෝපයේ ඇති වූ යුද්ධයක් නිසා ලංකාවේ අසාමාන්‍ය ලෙස බඩු මිල පවා වැඩි කිරීම මේ අප්‍රසාදය තව තවත් වැඩි වන්නටද විය. ජනතාව අසාමාන්‍ය ලෙස සූරා කමින් වෙළෙඳාම් කරන ලද මොවුන් ආකල්පමය වශයෙන්ද වෙනස් පිරිසකි. ඒ නිසාම සිංහල බෞද්ධ ජනයාගේ ආගමික නිදහසට පවා අත පෙවීමට තරම් ඔවුන් අවසානයේ තීන්දු කිරීම සිදු කරනු දක්නට ලැබුණි.
කෙසේවෙතත් මෙවැනි තත්වයක් යටතේ මුස්ලිම් බැතිමතුන් විසින් බෞද්ධ පෙරහැරක් වෙත පහර දීම සිංහල මුස්ලිම් කෝලාහලය වර්ධනය වීම කෙරේ හේතුවීය. වල්ලහාගොඩ දේවාල පෙරහැර අතීතයේ සිටම බෞද්ධයන් උත්කර්ශවත් ලෙස සිදු කළ පෙරහැරකි. එය ගම්පොල ප‍්‍රදේශයේ පැවතුණක් වීය. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය හෙනකඳ බිසෝ බණ්ඩාර නම් බිසවකට උපහාර වශයෙන් ඉදි කළ බවයි. කෙසේ වෙතත් වල්ලහාගොඩ දේවස්ථානයේ සිට ගංගාතිලක විහාරයට පැමිණීම සිදු වීය. වසර 800ක් පමණ කාලයක් මෙය පැවති අතර රාජාණ්ඩු යුගයේ ද පසුකාලනීව බි‍්‍රතාන්‍ය සමයේ ද එය සාර්ථක ලෙස ඉටු කර ගැනීමට අවශ්‍ය දායකත්වය සපයා දෙන ලදී. බස්නායක නිළමේ විසින් මාර්ගය තීන්දු කරනු ලදුව පසුව බි‍්‍රතාන්‍ය රජය විසින් ගමන් පහසුවට පොලිස් සහය ද ලබාදෙන ලදී. පසුකාලීනව පෙරහැර ගමන් කරවීම සඳහා එහි ප‍්‍රධානීන් විසින් බලපත‍්‍රයක් ලබාගත යුතු බව බි‍්‍රතාන්‍ය පාලනාධිකාරය දන්වා සිටින ලදී. මෙම පෙරහැර මාර්ගයේ අන්‍යාගමික දේවස්ථාන කිහිපයක් පැවති නමුත් කිසිදු දිනක එමඟින් බලපෑමක් ඇති නොකරන ලදී. ඒ බව ”එසේයාමේ දී මරක්කල පල්ලි දෙකක් සහ කි‍්‍රස්තියානි පල්ලියක් ද පසු කර යා යුතුය. ඉන් එක් පල්ලියක් මක්කම සොහොන්ගේ නමින් හැඳින් වේ. ලංකා මරක්කල නමින් හැඳින්වෙන ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් වූ මුස්ලිම්වරුන් විසින් මෙම පල්ලිය ඉදිකර ඇත්තේ සිංහල රජ කාලයේ ය. මෙම පල්ලියේ ආගමික කටයුතු කරනු ලබන මුස්ලිම්වරු වල්ලහාගොඩ දේවාල පෙරහැර එම පල්ලිය ඉදිරියෙන් තූර්ය වාදන සහිතව ගමන් කිරීම සම්බන්ධව කිසි දිනෙක විරෝධතාවයක් දක්වා නොමැත.” යනුවෙන් සඳහන් කොට ඇත.
1915 වර්ෂයට 30 වසරකට එපිටින් මුහුදු මරක්කලයන් විසින් පල්ලියක් ඉදි කළ අතර එය මෙම ගැටමුට පාදක වීය. 1907 වර්ෂයේ දී මෙම පල්ලිය පාදක කරගනිමින් පළමු වරට ගැටුමක් නිර්මාණය වූ අතර ගට්ටනයෙන් පසුව මුස්ලිම්වරුන් විසින් පල්ලියේ දෙපසින් යාර 100කට ඈතින් ලකුණු කොට ඒ පරාසය තුළ තූර්ය වාදන කිරීම නවත්වන ලෙස තර්ජනය කරන ලදීx එහි ප‍්‍රතිඵලයක් ලෙස 1911 පැරහැර නොපවත්වන ලදී. මෙවැනි සිදුවීම්වලින් පසුව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේවරයා වූ පී.බී නුගවෙල මහතා විසින් මුස්ලිම් පල්ලිය විසින් සිදු කර ඇති අවහිරතාවයන් ඉවත් කොට පෙරහැර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත‍්‍රය නිකුත් කරන ලෙස ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් එය පරීක්ෂා කළ මහනුවර ඒජන්තවරයා වූ ජී. එස් සැක්ස්ටන් විසින් බලපත‍්‍රය නිකුත් කරන ලද්දේ යාර 100 නීතිය යාර 50 දක්වා අඩු කරමිනි. ඔහු සිදු කළ යුතු වූයේ අදාල නීතිය ඉවත් කොට පෙරහැර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමයි. නමුත් එය එසේ නොවීය. නැවත වරක් නුගවෙල මහතා විසින් ඒ පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා දැනුම් දී සිටියත් මහනුවර ඒජන්තවරයා දන්වා සිටියේ අදාළ කොන්දේසිය ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොදකින බවයි. ඔහු ඉතා අමනෝඥ ලෙස දන්වා සිටියේ අදාළ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් පෙරහැර ගමන් කිරීම තහනම් බවයි. ඒ අනුව ඒ සඳහා නීතිමය පියවර ගත්ත ද එය අසාර්ථක වූ අතර මුස්ලිම්වරුන්ට වාසි සහගත ලෙස තත් යාර 100ක තහනම් කලාපය ඒ අයුරින්ම ඇති වීය.
මෙලෙස 1915 වර්ෂයේ වෙසක් පොහෝ දින වෙසක් පෙරහැර ගමන් ගත් අතර මහනුවර කාසල් වීදියේ මරක්කල පල්ලියක් ආසන්නයෙන් ගමන් ගැනීමේ දී නැවත ගට්ටනයක් ඇති වීය. ඒ අනුව වෙසක් කැරොල් රථ වීදි සංචාරයේ යෙදුණු අතර ඒ සමඟ බෞද්ධ ජනයා ද පසුපස එන්නට වීය. අදාළ කාසල් වීදියේ මරක්කල පල්ලිය ආසන්නයේ දී පොලීසිය විසින් වෙනත් මාර්ගයක් හරහා පෙරහැර යැවීමට කටයුතු කළ ද මුස්ලිම් ජාතිකයන් පල්ලියට යාර 120ක් තබා හූ කිමට මෙන්ම ගල් මුල්වලින් පහරදෙන්නට වීය. ඒ සමඟ මුස්ලිම් ජාතිකයන්ගෙන් පහර කෑම සමඟම බෞද්ධ පිරිස් ද පෙරලා ඔවුන්ට පහරදෙන්නට වීය. මුස්ලිම් පල්ලි තුළට පැමිණ එහි බඩු බාහිරාදිය විනාශ කරමින් විශාල හානියක් කරන ලදී. දරුණු ලෙස මුස්ලිම්වරුන්ට පහර දී ඔවුන්ට හිරිහැර කළ අතර ඔවුන්ගේ කඩ සාප්පු පවා විනාශ කරන ලදී. වහාම පොලිස් නිළධාරීන් කි‍්‍රයාත්මක වී තත්වය පාලනය කළ අතර එය සාර්ථක පාලනයක් නොවීය. කොළඹ ප‍්‍රදේශයෙන් මරක්කල පිරිසක් සිංහලයන්ට පහර දීමට පැමිණෙන බව අසා බොහෝ සිංහලයන් කලබලයට පත්වීය. මෙම සිදුවීම් මැයි 28 දින සිදුවූ අතර මැයි 30 වන දින රාත‍්‍රියෙහි මුස්ලිම් ජාතික වෙළෙන්දෙකු විසින් සිංහල ජාතික තරුණයෙකු පහර දී බරපතල තුවාල කරන ලදී. මේ සිදුවීම නිසා අලූ යට තිබූ ගිනි පුලිඟු මෙන් තත්වය තවත් දරුණු වීය. අදාල තරුණයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ අතර මේ නිසා බෞද්ධයන් නොසන්සුන් වීය. ඒ අනුව සමස්ත මහනුවර පුරාම අරගලය පැතිරී යන ලදී.
එම සටන නුවර ප‍්‍රදේශයට පමණක් සීමා නොවූ අතර කොළඹ ප‍්‍රදේශයේ ද ව්‍යාප්ත වීය. නුවර සිංහලයන්ට අත් විඳීමට වූ ඉරණම සහ කොළඹ ප‍්‍රදේශයේ වූ මුස්ලිම් ජාතිකයන් විසින් ඇති කළ පීඩනය එයට හේතු වීය පොන්නම්බලම් රාමනාදන් විසින් රචිත Riots and Martial Law in Ceylon කෘතියේ පළමු ලෝක යුද්ධයත් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයන් දේශීයයන් රැකියාවලින් ඇද දැමූ ආකාරයත් භාණ්ඩ ඉහළ මිල ගණන් වලට විකිණීම නිසා ජනතාව දැඩි පීඩනයකින් පසු වූ බව “ Since the war began and many people were thrown out of employment, Coast moors began to be too exacting and insolent towards those customers who were not regular in their payments and relations between the lower classes and artisans and the moors with whom they had dealing, became strained” මේ ආකාරයට මුස්ලිම් ජන කොටස් හට විශාල අලාභහානි සිදු කරන ලදී. මුස්ලිම් පල්ලිණි නිවාසණි කඩ සාප්පු විශාල ප‍්‍රමාණයක් මේ අනුව විනාශ කරන ලදී.
------ Post added on Jun 26, 2024 at 12:42 AM