

එහෙම එකක් නැහැ බන්...ඇන වල බලයක් තිබ්බේ නැහැ...



සාමාන්‍ය ඇන තමයි ගැහුවේ...කුරුසියේ ඇන ගසා මැරීම කියන්නේ ජුදා සමාජයේ සාමන්යෙන් තිබ්බ මරණීය දණ්ඩනය දෙන ක්‍රමය...හරියට අපේ හිස් ගසා දැමීම වගේ...
ජේසුස් වහන්සේ කියන්නේ මරණය පරාජය කරපු කෙනෙක්...මරණයට පත් කරලා, තුන් දිනකින් නැවත උත්ඨාන වුනා..එක තමයි කතෝලික ආගමේ ප්‍රභලම දේ...
උඹ කියන දේ හරි,


ජේසුස් වහන්සේ ට තිබුන කුරුසියේ ඇන ගහනකොටම මැජික් එකක් දාල පැනල යන්න...පොතේ හැටියට යන්න බැරි කමක් තිබ්බේ නැහැ නේ? කුරුසියේ ඇන ගහල මරන්නත් හේතු වුනේ උන් වහන්සේ ගේ දේශනා, ඒ වගේම උන් වහන්සේ කරපු ප්රාතිහාර්ය, උන් වහන්සේ පසු පස්සේ ගියපු මිනිස්සු ගැන ඒ කාලේ ජුදා පූජකයෝ දැකල බය වෙච්ච නිසා...ඒ පූජය්කයෝ දකින්නට ඇති ජේසුස් වහන්සේ මළවුන් නැගිටුවනවා, ලෙඩුන් සුව කරනවා, අන්ධයන්ට පෙනීම දෙනවා..එතකොට මේ දේවල් කරා නම්, ඒ දේවල් නිසා මරණයට පත් කරන්නට ඒ කාලේ නායකයෝ බිය වුනානම්, ඒ වෙලාවේ මරණයෙන් ගැලවෙන්න ඕනේ තරම් ජේසුස් වහන්සේට හැකියාවක් තිබ්බ....
නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ යම්කිසි අරමුණකින්, ඒ දෙවියන් හා මිනිසා අතර ඒ වෙද්දී බිඳිලා තිබුන සම්බන්දතාවය අලුත් කරන්න, ඉතින් උන් වහන්සේ එක කරා...අනිත් කාරණය කියන්නේ අපි උඹ වගේ සාමාන්‍ය මනුස්සයෙක් මරණය හමුවේ පැනල යන්නේ අපිට මරණයෙන් ජයගන්න බැරි නිසා...එහෙම නෙමෙයිද? එත් මරණය පරාජය කරන්න පුළුවන් කමක් තිබ්බ කෙනෙක් වුන ජේසුස් වහන්සේට එහෙම කරන්න ඕනේ කමක් නැහැ...ජේසුස් වහන්සේ මරණයට පත් වෙලා දින තුනකින් නැවත උත්ඨාන වෙලා මිනිසුන් අතරට ආව....දැන් මෙහෙම හිතහන්කෝ...උඹ වලියක් යනවා...උබට ගහන්න එන්නේ උබට වඩා පොඩි, ශක්තිය අඩු එකෙක් නම් උඹ ඌට ගහනවා මිසක, පැනල යන්නේ නැහැනේ? පරාජය කරන්න පුළුවන් කියල පෙනෙද්දී මොකටද පැනල යන්නේ ? ඒ වගේ....

ජේසුස් වහන්සේ මරණය ට පත් වෙලා, නැවත උත්ඨාන වීම තුලින් උන් වහන්සේ මේ ලෝකෙට ආපු කාරණාව තවත් ඉෂ්ට වීමක් විතරයි වුනේ...උන් වහන්සේ මේ ලෝකය තුල හිටපු කාලයටත් වඩා ලොකු පිරිසක් ඒ මරණ, උත්තානය කියන දෙයින් පස්සේ උන් වහන්සේ විශ්වාස කරන්න පෙළඹුනා...එක තමයි හේතුව....