හිතන්න උන්වහන්සේ ඇස්කිමෝවරයෙක් වෙලා ඉපදුනා කියලා. ඒ සමාජයේ ඔය උච්ඡේදවාදය, ශාස්වතවාදය, භෞතිකවාදය, විඥාණවාදය වගේ දේවල් ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. එහෙම තැනක ඉන්දන් මධ්‍යම ප්‍රතිපදාවක් නිර්මාණය කරගන්නේ කොහොමද?
එස්කිමෝවරු ඉපදෙන්නේ මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැත්ද? එස්කිමෝවරු දිව පිනවන්න රසවත් මස් මාංශ ගන්නේ නැත්ද? කය පිනවන්න සිනිදු ලොම් ඇදුම් අදින්නේ නැත්ද? එස්කිමෝවරු , වැද්දෝ , අපි, ඉන්දියානුවෝ , සියලුම මිනිස්සු කරන්නේ/වෙන්නේ ඔය ටික තමයි. සිදුහත් කුමාරයා එස්කිමෝවරයෙක් වුනත් එයාට සත්‍යය අවබෝධ කරගන්න බැරි වෙන්නේ නෑ.
ඇස්කිමෝ සමාජයේ සංසාරයක් ගැන කිසිම අදහසක් තිබුනේ නෑ. එහෙම සමාජයක උන්වහන්සේ හිටියනම් සංසාරයක් නැතිව නිවනක් ගැන හිතන්නේ කොහොමද? අපිට කියන්න බෑ එහෙම වුනානම් උන්වහන්සේ මුලින් සංසාරය ප්රත්යක්ශව දැනගෙන ඊට පස්සේ නිවන් මාර්ගයේ ගිහින් බුදු බව ලබා ගනිවි කියලා. ඔයා දන්නව ඇති උන්වහන්සේ බුදු බව ලබාගත්ත දවස වෙනකම්ම පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන තිබුනේ නෑ කියලා.
බුද්ධිමත් කෙනෙක්ට යම් දෙයක් දැන ගන්න ඒ දේ ගැන සංකල්පය ඉස්සර ඉදන්ම තියෙන්න ඕනද? නිව්ටන් , ගැලීලියෝ වගේ අය එයාලගේ සොයා ගැනීම් කරේ එදා සමාජයට ඉදිරියෙන් ඉදගෙන. එයාලගේ සමාජය හීනෙන් වත් නොහිතපු දේවල් තමයි එයාලා සමාජයට ඉදිරිපත් කරේ.
ඔයාගේ අදහසේ හැටියට උන්වහන්සේ පස්මහ බැලුම් බැලුවේ ඇයි කියලා කියනවද?
පස්මහ බැලුම් කියන්නේ කාලය දීපය දේශය , කුලය සහ මව නේ
බුදු බව ලබාගන්න නම් ඔය එකක් වත් ඕන නෑ. අපි බලන්න ඕන බුදුකෙනෙක් ගේ කාර්යය මොකක්ද කියලා. බුදුකෙනෙක් කරන්නේ තමන් දන්නදැනුම අනිත් අයට බෙදා දෙන එක.ඒක නිසා තමයි පස් මහ බැලුම් බැලුවේ.
කාලය >> මම හොයා ගන්න දැනුම ඉදිරිපත් කරන්න සුදුසු කාලයක් ද?
දීපය, දේශය >> මම ඉදිරිපත් කරන දැනුම අවබෝධකරගන්න පුලුවන් අය ඉන්නේ මොන ප්‍රදේශයේද
කුලය >>> එදා සමාජ සම්මතයන් අනුව සාමාන්‍ය ජනතාව පිලිගන්නේ කුමන කුලයේ කෙනෙක් කියන දේවල්ද? (අමතක කරන්න එපා සිදුහත් කුමාරයා ශුද්‍ර කුලයේ ඉපදුනා නම් මිනිස්සු ඔහු කියන දේවල් පිලිගන්නේ නැතුව ඉන්න තිබුනා මෙන්න ශුද්‍රයෙක් වංශක්කාර අපිට
උපදෙස් දෙන්න එනවා කියලා , ශාක්යයොත් මුලදි බුශුහාමුදුරුවෝ පිලිගත්තේ නෑ නේ )
මව >>> මරියකඩේ ජොසපින් වගේ අම්ම කෙනෙක්ට දාව ඉපදුනොත් ඉතින් ....
පස්මහ බැලුම් හෝ එදාතිබුන දර්ශන වාද සමග බුදු දහමේ සම්බන්ධයක් නෑ. බුදු දහමේ සම්බන්ධය තියෙන්නේ චතුරාර්ය සත්‍යය සමග.බුදුහාමුදුරුවෝ එස්කිමෝ ජාතිකයෙක් වුනා නම් එස්කිමෝවරුන්ගේ දේව විශ්වාස වල දුර්වලතා පෙන්නලා ධර්ම දේශනා කරාවි. හැබැයි ඒක එච්චර සාර්ථක, වැඩි දෙනෙක්ට නිවණ අවබෝධ කරවන ක්‍රියාවක් නම් වෙන්නේ නෑ