මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ඒ අතර දඹදිව ඇති වුනේ බ්‍රඃමන් පිළිබඳ සංකල්පය. බ්‍රඃමන් කියන්නේ ඉතාමත්ම සංයුක්ත සංකල්පයක්. එහෙම වුනේ දඹදිව තිබුනේ සංයුක්ත චින්තනයක් නිසා. බුදු දහමත් වියුක්ත ආගමක් නෙවෙයි. ඉතින් මැද පෙරදිග තිබුණ සංස්කෘතිය සහ චින්තනය දඹදිව සංස්කෘතිය සහ චින්තනයට වඩා විශාල වශයෙන් වෙනස්. ආගමක් විසින් සංස්කෘතියක් වෙනස් කෙරෙන බව ඇත්ත. එහෙත් මූලික වශයෙන් ආගමක් ඇති කෙරෙන්නේ යම් සංස්කෘතියක් විසිනුයි. ඒක නිසා තමයි මම කිව්වේ මැද පෙරදිග පහළ වෙච්ච වියුක්ත ආගම් පුරාණ දඹදිවටත්, දඹදිව පහල වුන සංයුක්ත ආගම් පැරණි මැද පෙරදිගටත් ගැලපෙන්න විදියක් නෑ කියලා.

බුද්ධ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ සත්ත්වයාට දුකින් නිදහස් වීමට තියෙන මාර්ගය. ඒක මැද පෙරදිග සංස්කෘතියවත්, දඹදිව සංස්කෘතියටවත් සම්බන්ධ නෑ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
gonbass said:
එහෙත් මූලික වශයෙන් ආගමක් ඇති කෙරෙන්නේ යම් සංස්කෘතියක් විසිනුයි.

අනිත් ආගම් සංස්කෘතියක් මත ඇතිවුනාද නැද්ද මං දන්නෑ..ඒත් බුද්ධ ධර්මයට ඔය කියන කතාව අදාල නෑ. බුද්ධ ධර්මය කියන්නේ බුදු කෙනෙකුන් විසින් සාක්ෂ්‍යවත් කරගන්න, ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය මිස, ඔය කියන විදියට එක එක සංස්කෘති මත ඇතිවුන දෙයක් නෙමේ.
 
gonbaas

Banned
Dec 9, 2009
242
11
0
බුද්ධ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ සත්ත්වයාට දුකින් නිදහස් වීමට තියෙන මාර්ගය. ඒක මැද පෙරදිග සංස්කෘතියවත්, දඹදිව සංස්කෘතියටවත් සම්බන්ධ නෑ.

අනිත් ආගම් සංස්කෘතියක් මත ඇතිවුනාද නැද්ද මං දන්නෑ..ඒත් බුද්ධ ධර්මයට ඔය කියන කතාව අදාල නෑ. බුද්ධ ධර්මය කියන්නේ බුදු කෙනෙකුන් විසින් සාක්ෂ්‍යවත් කරගන්න, ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය මිස, ඔය කියන විදියට එක එක සංස්කෘති මත ඇතිවුන දෙයක් නෙමේ.

ඔය යාළුවා මගේ සම්පූර්ණ පෝස්ට් ටිකම කියවල බලන්න. මම කියපු දේවල් හේතු සහිතව පෙන්වල තියනවා. ඔයා ඒක පිළිගන්නේ නැතිනම් හේතු සහිතවම තර්ක කරන එක තමයි හොඳ. එහෙම නැතිව මේ විදියට ඔය යාළුවාගේ නිගමන විතරක් කිව්වොත් අපිට සංවාදයක් කරන්න බැරි වෙනවා.

මම කියපු දේවල් තව ටිකක් විස්තර කරන්නම්. පොඩ්ඩක් හිතන්න බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් බලලා ඇයි දඹදිවම ඉපදුනේ කියලා. උන් වහන්සේ ඒ කාලයේ අරාබිවරයෙක් හරි ඇස්කිමෝවරයෙක් හරි වෙලා ඉපදුණානම් බුදු බව ලබාගන්න පුළුවන් වෙවිද? ඒ වහේම උන් වහන්සේ ඒ කාලයේ නොඉපදී වර්තමානයේ ඇමරිකා එ. ජනපදයේ ඉපදුනානම් බුදු බව ලබාගන්න පුළුවන් වෙයිද? ඒ කාලයේ දඹදිව උච්ඡේද වාදය/ ශාස්වත වාදය, භෞතික වාදය/විඥාණවාදය සහ අත්ථකිලමථානුයෝගය/කාමසුඛල්ලිඛානුයෝගය වැනි දේවල් ගැන දැනුම් නිර්මාණය වෙලා තිබුණා. මේ දැනුම් නැති තැනක උන් වහන්සේ හිටියානම් මධ්‍යම ප්‍රතිපදාව හොයාගන්න පුළුවන් වෙයිද?

නිවන ප්‍රත්‍යක්ශ කරගත් පසු ඒක සංස්කෘතියට හෝ මනසට සාපේක්ශ දැනුමක් නොවන බව ඇත්ත. එහෙත් ඒ දක්වා යන ගමනේදී සංස්කෘතියට සහ මනසට සාපේක්ශ විවිධ දැනුම් පිළිගැනීමට අපට සිදුවෙනවා. කාලාම සූත්‍රයේ පෙන්වලා දීලා තියෙන්නේ බෞද්ධ ධර්මය සහ සංස්කෘතිය මත පිහිටා සිට මේ දැනුම් වල සත්‍ය - අසත්‍ය බව තෝරා බේර ගන්න හැටි තමයි.
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මම කියපු දේවල් තව ටිකක් විස්තර කරන්නම්. පොඩ්ඩක් හිතන්න බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් බලලා ඇයි දඹදිවම ඉපදුනේ කියලා. උන් වහන්සේ ඒ කාලයේ අරාබිවරයෙක් හරි ඇස්කිමෝවරයෙක් හරි වෙලා ඉපදුණානම් බුදු බව ලබාගන්න පුළුවන් වෙවිද? ඒ වහේම උන් වහන්සේ ඒ කාලයේ නොඉපදී වර්තමානයේ ඇමරිකා එ. ජනපදයේ ඉපදුනානම් බුදු බව ලබාගන්න පුළුවන් වෙයිද? ඒ කාලයේ දඹදිව උච්ඡේද වාදය/ ශාස්වත වාදය, භෞතික වාදය/විඥාණවාදය සහ අත්ථකිලමථානුයෝගය/කාමසුඛල්ලිඛානුයෝගය වැනි දේවල් ගැන දැනුම් නිර්මාණය වෙලා තිබුණා. මේ දැනුම් නැති තැනක උන් වහන්සේ හිටියානම් මධ්‍යම ප්‍රතිපදාව හොයාගන්න පුළුවන් වෙයිද?

බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණු වාද වලින් බුද්ධ ධර්මයට කිසි බලපෑමක් වුනේ නෑ. බුද්ධ ධර්මය කියන්නෙ අර කලින් පෝසට් එකේ කිව්වා වගෙ දුක නැති කිරීම අරමුණු කොට ගත් දහමක් මිස ඔය එක එක වාද වල සංකලනයක් නෙමේ. උච්ඡේද වාදය, අහේතුක වාදය වගෙ දේවල් බුද්ධ ධර්මයට contribute කරපු කිසි දෙයක් නෑ. ඔයා කියන විදියට ඔය දැනුම් තිබීම බුදුදහම බිහිවීමට ඉවහල් වුනානං, සිද්ධාර්ථ කුමාරයාට රජ මාලිගාවෙ ඉදන්ම ඒ ඒ වාදයන් සංසන්දනය කරලා නිගමනයට එන්න තිබ්බා. ඒත් ඒක නෙමේ වුනේ. සතර පෙර නිමිතීන්ගෙන් කලකිරිලා තමයි සිද්ධාර්ථතුමා දුකින් මිදීමේ මාර්ගය සොයා ගෙන ගියේ. ඒ කාලේ තිබුණු වාද හා චතුරාර්ය සත්‍ය අතර කිසි සම්බන්ධතාවයක් නෑ.

මේ ඔක්කොම කරුණු වලින් තේරෙන්නෙ එකල දඹදිව තිබුණු වාදයන් නොතිබුණත් බෝසතාණන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පුලුවන්කම තිබුණු බව.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මේ දැනුම් නැති තැනක උන් වහන්සේ හිටියානම් මධ්‍යම ප්‍රතිපදාව හොයාගන්න පුළුවන් වෙයිද?

පුලුවන්..ඇත්තටම වුනෙත් ඒකම තමයි. සිද්ධාර්ථ කුමාරයා ඔය දැනුම් ප්‍රතික්ෂේප කරා. මන්ද දුකින් මිදීමේ ක්‍රමය ඒ දැනුම් තුල තිබ්බෙ නැති නිසා. ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර වගෙ එතුමාගෙ ගුරුවරු කියපු දේ පවා ප්‍රතික්ෂේප කලේ එතුලද දුකින් මිදීම ගැන කිසිදෙයක් නැතිනිසා.

මෙතනදි එක දෙයක් තේරෙනවා.

යම් දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දේ ප්‍රයෝජනයක් නැති නිසා. ඉතිං ප්‍රයෝජනයක් නැති දෙයක් භෞතිකව තිබුණත් ඒකෙ ගත හැකි දෙයක් නෑ.(තිබ්බත් නෑ වගෙ).
 
බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණු වාද වලින් බුද්ධ ධර්මයට කිසි බලපෑමක් වුනේ නෑ. බුද්ධ ධර්මය කියන්නෙ අර කලින් පෝසට් එකේ කිව්වා වගෙ දුක නැති කිරීම අරමුණු කොට ගත් දහමක් මිස ඔය එක එක වාද වල සංකලනයක් නෙමේ. උච්ඡේද වාදය, අහේතුක වාදය වගෙ දේවල් බුද්ධ ධර්මයට contribute කරපු කිසි දෙයක් නෑ. ඔයා කියන විදියට ඔය දැනුම් තිබීම බුදුදහම බිහිවීමට ඉවහල් වුනානං, සිද්ධාර්ථ කුමාරයාට රජ මාලිගාවෙ ඉදන්ම ඒ ඒ වාදයන් සංසන්දනය කරලා නිගමනයට එන්න තිබ්බා. ඒත් ඒක නෙමේ වුනේ. සතර පෙර නිමිතීන්ගෙන් කලකිරිලා තමයි සිද්ධාර්ථතුමා දුකින් මිදීමේ මාර්ගය සොයා ගෙන ගියේ. ඒ කාලේ තිබුණු වාද හා චතුරාර්ය සත්‍ය අතර කිසි සම්බන්ධතාවයක් නෑ.

මේ ඔක්කොම කරුණු වලින් තේරෙන්නෙ එකල දඹදිව තිබුණු වාදයන් නොතිබුණත් බෝසතාණන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පුලුවන්කම තිබුණු බව.
ගොන්බාස් යමක් කමක් දන්න කෙනෙක් බව පේනවා.නමුත් එයාගෙ දැනුම පැටළුන නූල් බෝලයක් වගේ.ඔයා මෙච්චර කියද්දිත් පටළවාගෙන නන්දොඩවනවා.බුදුරජාණන් වහන්සේ කවුද-ඒ සම්බුද්ධත්‍වය-චතුරාර්‍ය සත්‍යය ගැන නොදැන නිරවුල්ව දහම් කරුනු දකින්න බැරි බව එයාට අවබෝධ කරන්න බෑ.පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි
(මේ විවාදය නිසා ඔබ අතින් වටිනා කරුනු ලියවිලා තියනවා):)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

නිවන ප්‍රත්‍යක්ශ කරගත් පසු ඒක සංස්කෘතියට හෝ මනසට සාපේක්ශ දැනුමක් නොවන බව ඇත්ත. එහෙත් ඒ දක්වා යන ගමනේදී සංස්කෘතියට සහ මනසට සාපේක්ශ විවිධ දැනුම් පිළිගැනීමට අපට සිදුවෙනවා.

:shocked: සංස්කෘතියෙ තියෙන්නෙ බොහෝ දෙනාගෙ අයහපතට හේතු වෙන දෙයක් නං..:shocked:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

පෘථඃජන පුද්ගලයකුට ලෝභ, ද්වේශ මෝහ නරක දේවල් බව ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වෙලා නෑ. ඔහු එය දැනගන්නේ ඔහුගේ මනසට, උගත් දේට සහ සංස්කෘතියට සාපේක්ශවයි.

ඉතිං..සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙත් ලෝභ, ද්වේශ, මෝහ /හොද,නරක පිළිබද ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝදයක් නැති පෘථඃජනයන්ගෙ ඇදහිලි, විශ්වාස මතනෙ. එහෙම එකේ සංස්කෘතියට සාපේක්ෂව බලන එක හරිද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ගොන්බාස් යමක් කමක් දන්න කෙනෙක් බව පේනවා.නමුත් එයාගෙ දැනුම පැටළුන නූල් බෝලයක් වගේ.ඔයා මෙච්චර කියද්දිත් පටළවාගෙන නන්දොඩවනවා.බුදුරජාණන් වහන්සේ කවුද-ඒ සම්බුද්ධත්‍වය-චතුරාර්‍ය සත්‍යය ගැන නොදැන නිරවුල්ව දහම් කරුනු දකින්න බැරි බව එයාට අවබෝධ කරන්න බෑ.පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි
(මේ විවාදය නිසා ඔබ අතින් වටිනා කරුනු ලියවිලා තියනවා):)

එවන් අයට අනුකම්පා කල යුතුයි.:)
 
gonbaas

Banned
Dec 9, 2009
242
11
0
බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණු වාද වලින් බුද්ධ ධර්මයට කිසි බලපෑමක් වුනේ නෑ. බුද්ධ ධර්මය කියන්නෙ අර කලින් පෝසට් එකේ කිව්වා වගෙ දුක නැති කිරීම අරමුණු කොට ගත් දහමක් මිස ඔය එක එක වාද වල සංකලනයක් නෙමේ. උච්ඡේද වාදය, අහේතුක වාදය වගෙ දේවල් බුද්ධ ධර්මයට contribute කරපු කිසි දෙයක් නෑ. ඔයා කියන විදියට ඔය දැනුම් තිබීම බුදුදහම බිහිවීමට ඉවහල් වුනානං, සිද්ධාර්ථ කුමාරයාට රජ මාලිගාවෙ ඉදන්ම ඒ ඒ වාදයන් සංසන්දනය කරලා නිගමනයට එන්න තිබ්බා. ඒත් ඒක නෙමේ වුනේ. සතර පෙර නිමිතීන්ගෙන් කලකිරිලා තමයි සිද්ධාර්ථතුමා දුකින් මිදීමේ මාර්ගය සොයා ගෙන ගියේ. ඒ කාලේ තිබුණු වාද හා චතුරාර්ය සත්‍ය අතර කිසි සම්බන්ධතාවයක් නෑ.

මේ ඔක්කොම කරුණු වලින් තේරෙන්නෙ එකල දඹදිව තිබුණු වාදයන් නොතිබුණත් බෝසතාණන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පුලුවන්කම තිබුණු බව.

පුලුවන්..ඇත්තටම වුනෙත් ඒකම තමයි. සිද්ධාර්ථ කුමාරයා ඔය දැනුම් ප්‍රතික්ෂේප කරා. මන්ද දුකින් මිදීමේ ක්‍රමය ඒ දැනුම් තුල තිබ්බෙ නැති නිසා. ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර වගෙ එතුමාගෙ ගුරුවරු කියපු දේ පවා ප්‍රතික්ෂේප කලේ එතුලද දුකින් මිදීම ගැන කිසිදෙයක් නැතිනිසා.

මෙතනදි එක දෙයක් තේරෙනවා.

යම් දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ ඒ දේ ප්‍රයෝජනයක් නැති නිසා. ඉතිං ප්‍රයෝජනයක් නැති දෙයක් භෞතිකව තිබුණත් ඒකෙ ගත හැකි දෙයක් නෑ.(තිබ්බත් නෑ වගෙ).

මම කිව්වේ බුදු දහම ඒ කාලයේ තිබුණ ආගම් වල සංකලනයක් කියල නෙවෙයි. බෝසතාණන් වහන්සේ ඒ කාලයේ තිබ්බ දර්ශණ ප්‍රතික්ශේප කරල නව දර්ශණයක් නිර්මාණය කළ බව ඇත්ත.

ඒත් ඒ කාලයේ ඔය දර්ශණ තිබුනේ නැතිනම් ඒවායේ වැරදි හඳුනාගෙන නව දර්ශණයක් ගොඩනැගීමට නොහැකි වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව ඒකට එක උදාහරණයක්. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කාමසුඛල්ලිඛානුයෝගය-අත්ථකිලමථානුයෝගය අතර මැද මාවත පමණක් නොවෙයි. ඒක උච්ඡේදවාදය - ශාස්වතවාදය සහ භෞතික වාදය-විඥාණවාදය අතරත් මැද මාවතක්.

හිතන්න උන්වහන්සේ ඇස්කිමෝවරයෙක් වෙලා ඉපදුනා කියලා. ඒ සමාජයේ ඔය උච්ඡේදවාදය, ශාස්වතවාදය, භෞතිකවාදය, විඥාණවාදය වගේ දේවල් ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. එහෙම තැනක ඉන්දන් මධ්‍යම ප්‍රතිපදාවක් නිර්මාණය කරගන්නේ කොහොමද?

ඇස්කිමෝ සමාජයේ සංසාරයක් ගැන කිසිම අදහසක් තිබුනේ නෑ. එහෙම සමාජයක උන්වහන්සේ හිටියනම් සංසාරයක් නැතිව නිවනක් ගැන හිතන්නේ කොහොමද? අපිට කියන්න බෑ එහෙම වුනානම් උන්වහන්සේ මුලින් සංසාරය ප්‍රත්‍යක්ශව දැනගෙන ඊට පස්සේ නිවන් මාර්ගයේ ගිහින් බුදු බව ලබා ගනිවි කියලා. ඔයා දන්නව ඇති උන්වහන්සේ බුදු බව ලබාගත්ත දවස වෙනකම්ම පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන තිබුනේ නෑ කියලා.

ඔයාගේ අදහසේ හැටියට උන්වහන්සේ පස්මහ බැලුම් බැලුවේ ඇයි කියලා කියනවද?
 
gonbaas

Banned
Dec 9, 2009
242
11
0
:shocked: සංස්කෘතියෙ තියෙන්නෙ බොහෝ දෙනාගෙ අයහපතට හේතු වෙන දෙයක් නං..:shocked:

"නිවන දක්වා යන ගමනෙදි" කියල මම ඔතන කියල තියනවනේ. නිවන දක්වා යන්නේ බෞද්ධ අයනේ. මුස්ලිම් ස්ංස්කෘතියක් ගැන නෙවෙයි ඔතන කියන්නේ.

ඉතිං..සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙත් ලෝභ, ද්වේශ, මෝහ /හොද,නරක පිළිබද ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝදයක් නැති පෘථඃජනයන්ගෙ ඇදහිලි, විශ්වාස මතනෙ. එහෙම එකේ සංස්කෘතියට සාපේක්ෂව බලන එක හරිද?

අපි කැමති වුනත් අකැමැති වුනත් අපි හැම දෙයක්ම දකින්නේ අපේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට සහ සංස්කෘතියට සාපේක්ශවයි. එහෙම සාපේක්ශ නැතිව දකින්න පුලුවන් නිවන හැර වෙනත් දෙයක් තියෙනවනම් කියන්න.

ඔය යාළුවා පොඩ්ඩක් හෙමිහිට මගේ පෝස්ට් ටික කියවලා බලන්න. මේ උත්තර දෙකෙන් මට නම් පෙනෙන්නේ ඔයාට මම කියන දේ තේරුම් ගන්න අවශ්‍ය නෑ වගේ දෙයක්. මෙතන මගේ අදහස කෙටියෙන් කියල තියෙනව. පුලුවන්නම් ඒකටවත් හරි උත්තරයක් දෙන්නකෝ:

අපි නිවන් අවබෝධ කරල නැති නිසා ලෝභ, ද්වේශ මෝහ අකුසල් කාරක බව අපට ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගන්න විදියක් නෑ. (එහෙම විදියක් තියෙනවනම් කරුණාකරල කියන්න ). එතකොට කාලම සූත්‍රයේ කියන විදියට අපිට කරුණු ගොඩනගන්න වෙන්නේ ප්‍රත්‍යක්ශ වශයෙන් දැනගන්න බැරි දෙයක් සත්‍ය බවට පිලිගැනීමෙන් අනතුරුවයි. "ලෝභ, ද්වේශ මෝහ යනු අකුසල් කාරක වේ" යන්න සත්‍ය වන්නේ බුදු දහමට හා බෞද්ධ හෝ ඒ ආසන්න සංස්කෘති වලට සාපේක්ශවයි. ඒක විශ්ව සත්‍යයක් කියල කියන්න අපිට බෑ.
 
Last edited:

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
ගොන්බාස් යමක් කමක් දන්න කෙනෙක් බව පේනවා.නමුත් එයාගෙ දැනුම පැටළුන නූල් බෝලයක් වගේ.ඔයා මෙච්චර කියද්දිත් පටළවාගෙන නන්දොඩවනවා.බුදුරජාණන් වහන්සේ කවුද-ඒ සම්බුද්ධත්‍වය-චතුරාර්‍ය සත්‍යය ගැන නොදැන නිරවුල්ව දහම් කරුනු දකින්න බැරි බව එයාට අවබෝධ කරන්න බෑ.පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි
(මේ විවාදය නිසා ඔබ අතින් වටිනා කරුනු ලියවිලා තියනවා):)

මම මොනවද පටලවාගෙන තියෙන්නෙ කියල කියන්නකෝ බලන්න. ඒක කියන්නැතිව මේ වගේ කතා කියන ඔයා තමයි නන්දොඩවන්නේ.
 
Jan 24, 2009
3,532
130
0

හිතන්න උන්වහන්සේ ඇස්කිමෝවරයෙක් වෙලා ඉපදුනා කියලා. ඒ සමාජයේ ඔය උච්ඡේදවාදය, ශාස්වතවාදය, භෞතිකවාදය, විඥාණවාදය වගේ දේවල් ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. එහෙම තැනක ඉන්දන් මධ්‍යම ප්‍රතිපදාවක් නිර්මාණය කරගන්නේ කොහොමද?

එස්කිමෝවරු ඉපදෙන්නේ මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැත්ද? එස්කිමෝවරු දිව පිනවන්න රසවත් මස් මාංශ ගන්නේ නැත්ද? කය පිනවන්න සිනිදු ලොම් ඇදුම් අදින්නේ නැත්ද? එස්කිමෝවරු , වැද්දෝ , අපි, ඉන්දියානුවෝ , සියලුම මිනිස්සු කරන්නේ/වෙන්නේ ඔය ටික තමයි. සිදුහත් කුමාරයා එස්කිමෝවරයෙක් වුනත් එයාට සත්යය අවබෝධ කරගන්න බැරි වෙන්නේ නෑ.

ඇස්කිමෝ සමාජයේ සංසාරයක් ගැන කිසිම අදහසක් තිබුනේ නෑ. එහෙම සමාජයක උන්වහන්සේ හිටියනම් සංසාරයක් නැතිව නිවනක් ගැන හිතන්නේ කොහොමද? අපිට කියන්න බෑ එහෙම වුනානම් උන්වහන්සේ මුලින් සංසාරය ප්‍රත්‍යක්ශව දැනගෙන ඊට පස්සේ නිවන් මාර්ගයේ ගිහින් බුදු බව ලබා ගනිවි කියලා. ඔයා දන්නව ඇති උන්වහන්සේ බුදු බව ලබාගත්ත දවස වෙනකම්ම පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන තිබුනේ නෑ කියලා.
බුද්ධිමත් කෙනෙක්ට යම් දෙයක් දැන ගන්න ඒ දේ ගැන සංකල්පය ඉස්සර ඉදන්ම තියෙන්න ඕනද? නිව්ටන් , ගැලීලියෝ වගේ අය එයාලගේ සොයා ගැනීම් කරේ එදා සමාජයට ඉදිරියෙන් ඉදගෙන. එයාලගේ සමාජය හීනෙන් වත් නොහිතපු දේවල් තමයි එයාලා සමාජයට ඉදිරිපත් කරේ.

ඔයාගේ අදහසේ හැටියට උන්වහන්සේ පස්මහ බැලුම් බැලුවේ ඇයි කියලා කියනවද?
පස්මහ බැලුම් කියන්නේ කාලය දීපය දේශය , කුලය සහ මව නේ
බුදු බව ලබාගන්න නම් ඔය එකක් වත් ඕන නෑ. අපි බලන්න ඕන බුදුකෙනෙක් ගේ කාර්යය මොකක්ද කියලා. බුදුකෙනෙක් කරන්නේ තමන් දන්නදැනුම අනිත් අයට බෙදා දෙන එක.ඒක නිසා තමයි පස් මහ බැලුම් බැලුවේ.
කාලය >> මම හොයා ගන්න දැනුම ඉදිරිපත් කරන්න සුදුසු කාලයක් ද?
දීපය, දේශය >> මම ඉදිරිපත් කරන දැනුම අවබෝධකරගන්න පුලුවන් අය ඉන්නේ මොන ප්‍රදේශයේද
කුලය >>> එදා සමාජ සම්මතයන් අනුව සාමාන්ය ජනතාව පිලිගන්නේ කුමන කුලයේ කෙනෙක් කියන දේවල්ද? (අමතක කරන්න එපා සිදුහත් කුමාරයා ශුද්‍ර කුලයේ ඉපදුනා නම් මිනිස්සු ඔහු කියන දේවල් පිලිගන්නේ නැතුව ඉන්න තිබුනා මෙන්න ශුද්‍රයෙක් වංශක්කාර අපිට
උපදෙස් දෙන්න එනවා කියලා , ශාක්යයොත් මුලදි බුශුහාමුදුරුවෝ පිලිගත්තේ නෑ නේ )
මව >>> මරියකඩේ ජොසපින් වගේ අම්ම කෙනෙක්ට දාව ඉපදුනොත් ඉතින් ....

පස්මහ බැලුම් හෝ එදාතිබුන දර්ශන වාද සමග බුදු දහමේ සම්බන්ධයක් නෑ. බුදු දහමේ සම්බන්ධය තියෙන්නේ චතුරාර්ය සත්යය සමග.බුදුහාමුදුරුවෝ එස්කිමෝ ජාතිකයෙක් වුනා නම් එස්කිමෝවරුන්ගේ දේව විශ්වාස වල දුර්වලතා පෙන්නලා ධර්ම දේශනා කරාවි. හැබැයි ඒක එච්චර සාර්ථක, වැඩි දෙනෙක්ට නිවණ අවබෝධ කරවන ක්‍රියාවක් නම් වෙන්නේ නෑ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

හිතන්න උන්වහන්සේ ඇස්කිමෝවරයෙක් වෙලා ඉපදුනා කියලා. ඒ සමාජයේ ඔය උච්ඡේදවාදය, ශාස්වතවාදය, භෞතිකවාදය, විඥාණවාදය වගේ දේවල් ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. එහෙම තැනක ඉන්දන් මධ්‍යම ප්‍රතිපදාවක් නිර්මාණය කරගන්නේ කොහොමද?

ඒ මොන දේ තිබ්බෙ නැති වුනත් "දුක" තිබුණා. "දුක" කියන දේ ඇස්කිමෝවරුන්ටත්, අරාබිවරුන්ටත්, දඹදිව අයටත් පොදුයි.

සිද්ධාර්ථ කුමාරයාට ඕන වුනේ මහලුවීම වළක්වීම වලක්වන්න. මහලුවීමේ දී ඇතිවන දුක නැතිකරන්න. එයා කල්පනා කරලා බැලුවා ඇයි මහලුවෙන්නෙ කියලා. ඉතිං ඇස්කිමෝවරයෙක් විදිහට ඉපදුනොත් එහෙම කල්පනා කරන්න අවස්ථාවක් ලැබෙන් නැද්ද. දඹදිව අය විතරද මහලු වෙන්නෙ. ඇක්සිමෝවරු මහලු වෙන් නැද්ද?

ඒ වගේම තමයි ලෙඩවීම, මරණය, කායික මානසික වේදනාව, බලාපොරොත්තු සුන්වීම ආදියත්. ඒවා ඇක්ස්කිමෝවරයටත්, අරාබිවරයෙක්ටත්, දඹදිව වැසියෙක්ටත්, සතා සිවුපාවටත් පොදු දේවල්.

මධ්‍යම ප්‍රතිපදාව=ආර්ය අෂ්ටාංගික මාර්ගය=දුක නැති කිරීමේ මාර්ගය

ඉතිං 'දුක නැති කිරීමේ මාර්ගය' සොයාගැනීමට මූලිකව ම සහ අත්‍යාවශයෙන්ම අත්දකින්න ඕන දේ තමයි 'දුක'. නැතිව මේ උච්ඡේද වාදය, අරවාදය, මේ වාදය නෙමේ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ඇස්කිමෝ සමාජයේ සංසාරයක් ගැන කිසිම අදහසක් තිබුනේ නෑ. එහෙම සමාජයක උන්වහන්සේ හිටියනම් සංසාරයක් නැතිව නිවනක් ගැන හිතන්නේ කොහොමද?

'නිවන' කියන වචනයේ තේරුම 'දුකින් මිදීම' මිසක් සංසාරයේ අවසානය නෙමේ.

දුකින් මිදෙන්න නං දුක අත්දැක්කම ඇති. "සංසාරය ගැන අදහස" සමාජයේ ඇතිවී තියෙන්න ඕනි නෑ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම මොනවද පටලවාගෙන තියෙන්නෙ කියල කියන්නකෝ බලන්න. ඒක කියන්නැතිව මේ වගේ කතා කියන ඔයා තමයි නන්දොඩවන්නේ.

ඔයාට මේකයි වෙලා තියෙන්නෙ.

ඔයා බලන්නෙ මෙහෙම,

මේ සංස්කෘතියට අනුව මේක නිවැරදියි.
අර සංස්කෘතියට අනුව අරක නිවාරදියි.
ඒ ඒ සංස්කෘතියට අනුව ඒ ඒ දේවල් නිවැරදියි.

ඔන්න ඔහොම තමයි ඔයා හිතන්නෙ. හැම දේම ඒ ඒ සංස්කෘතියට 'සාපේක්ශව' බලනවා මිසක්, 'යථාර්තවාදී' ව බලන් නෑ.

කවුරුහරි ඔයාට පිහියෙන් ඇන්නොත්, ඒ පිහියෙන් ඇනපු කෙනාගෙ සංස්කෘතියට අනුව ඒක නිවැරදියි කියලා ඔයා හිතන බවට අනුමාන කරන්න පුලුවන්.
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ගොඩක් හොඳ වැදගත් post එකක් අක්කේ :)
මුස්ලිම් / ඉස්ලාම් ආගම ගැන මම මෙතනදි මොකුත් කියන්න යන්නේ නෑ.. බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ලැබුන අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා.. :D

"ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා යමක් සත්‍ය යැයි පිළි නොගන්න. මෙසේ විය හැකි යැයි සිතා යමක් අනුමානයෙන් පිළි නොගන්න, තමාගේ ආගමික ග්‍රන්ථවලට එකඟ යැයි සිතා හෝ තර්කානුකූලව නිවැරැදි යැයි කියාහෝ පිළිගන්න. මේ කාරණය යහපත් වගේ යැයි සිතා හෝ තමන්ගේ අදහස්වලට එකඟ වන නිසා පිළිනොගන්න. යම් විටෙක මේ දේ අයහපත් ය. වැරැදි යැයි වැටහේ ද එවිට එය පිළිනොගෙන අතහැර දමන්න. යමක් යහපත් යැයි නිවැරැදි යැයි ඔබට වැටහෙන්නේ ද එවිට එය පිළිගෙන අනුගමනය කරන්න"

මේක නම් මම කරන කියන හැම දෙයකදීම ඔලුවෙ තියාගෙන ඉන්න දෙයක් :)
 
ghazzali

Member
Jan 2, 2010
15
0
0
Minisun wana apita onawata wadaa nidahasa deemen palak naha. Api thaamath nuugath. May lokaye yahapath lesa jeewathwannat nam, may lokaya nirmaanaya karapu deviyage upades anuwa jeewath wannata avashya wannaymaya. Udaa:- api aluth fridge ekak gaththoth, ehi thibena instruction manual eka pilipeda fridge eka install karala maintain karanawa nam, ema fridge eken uparima pala nelaa gannata puluwan. Namuth, fridge eka gana melo deyak danne nethi apata manual eka ahakata damaa api visinma fridge eka kriyaathmaka kiriimata thath karanawaanam fridge eka edaama kadena bawa noanumaanaya.