මුහුදු මහා විහාරයේ චෛත්‍යයක්

waligamaya

Well-known member
  • මුහුදු මහා විහාරයේ චෛත්‍යයක්

    මුහුදු මහා විහාරයේ චෛත්‍යයක් සෑදීමට කිසි සේත්ම ඉඩ නොතබන බවත්, චෛත්‍යයක් සෑදුවහොත් එහි කොත් පලන්දන දිනදී අනිවාර්යෙයන්ම තමන් එයට බෝම්බ ගසන බවත් එම්. එස්. ඒ වාසීත් නැමති පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති පවසා ඇත.
    ඒ මීට දින කිහිපයකට පෙර පොතුවිල්හි පැවැත්වුණු මුස්ලිම් හා දමිළ ජනතාව රැස්වුණු රැස්වීමක් අමතමිනි.
    එහි සිටි දමිල ජනතාව මේ ප්‍රකාශයට එක හෙලා විරෝධතාවය පල කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මුස්ලිම් ජාතිකයන් හැසිරෙන්නේ මෙලෙස නම් එය ඔවුන්ට පොතුවිල්හි උන්හිටි තැනුත් අහිමි කරගන්නට මුල පිරීමක් වනු ඇතියි කියාය.
    බෞද්ධ රටක හිද බෞද්ධ විහාරයකට තර්ජන එල්ල කරන්නට රජයේ පාලන ආයතනයක නිලධාරියෙකුට මේ තරම් නිදහසක් ලැබෙන්නේ කෙසේද?.
    අනෙක් අතට “බෝම්බ ගැසීමක්“ ගැන එලිපිට කියන්නට තරම් මේ රටේ ත්‍රස්තවාදයට එරෙහිව ඇති නීති රීති ලිහිල්ද?.
    බෝම්බ ගැසිය හැකි, අන්තවාදය වැපිරිය හැකි, ත්‍රස්තවාදීන්ට නිදහසේ අනෙක් ජාතීන්ට තර්ජන එල්ල කරන්නට ඉඩකඩ දී ඉහල නිලධාරීන් හා පාලන ආයතන නිහඩව හිදින්නේද?.
    ආගමික සහජීවනය ජාතික සමගිය ආරක්ෂා වෙන්නේ එසේ නිහඩව සිටිය විටදීද?


    10383079_510335595759490_3167902772057020697_n.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,778
    113
    Gampaha
    M12_zps05cc85b2.png

    මුහුදු මහා විහාරස්ථානයේ මෑතකදී විවෘත කෙරුණු අභිනව බුද්ධ ප්‍රථිමා වහන්සේ.

    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

    මෙම සිද්ධස්තානයේ වැදගත් අංගයක් වන මුලුමනින්ම නටබුන්ව ඇති දාගැබ්වහන්සේ ඉදිකිරීම දැන් ආරම්භකර ඇත. එහි උස මීටර් 65ක් සහ පලල මීටර් 65ක් වේ. මේ සදහා යන වියදම රුපියල් මිලියන 20ක් පමන වේ යැයි ගනන් බලා ඇත.

    එමනිසා මෙම පින්කමට දායකවන්නට කැමති පින්වතුන් තම ආධාර පහත ගිනුම් අංකයට බැරකල හැකි බව ශාසනලයෙන් දැනුම් දෙමු.

    8730026100 - මුහුදු මහා විහාරය කොමර්ශල් බැංකුව පේරාදෙනිය ශාකාව.

    වැඩි විස්තර සඳහා බුදුසරණ පත්තරය බලන්න හෝ පහත මහත්වරු සම්බන්දකරගන්න.

    විශේෂඥ වෛද්‍ය කපිල ගුනවර්දන (ලේකම් - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 626 146
    ඊ-මේල් - [email protected]

    විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකොන් (භන්ඩාගාරික - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 164 158
    ඊ-මේල් - [email protected]
    Link --->

    stupa2_zps87b63327.jpg


    Stupa1_zps019ad63d.jpg

    ඉදිකිරීමට නියමිත චෛත්‍යය
    Link --->

    මුහුදුමහා විහාරය පිළිබද තොරතුරු හා එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම දැනගන්න මුහුදු මහා විහාරයට යන්න. මෙය සිංහල ජාතියට අහිමි නොවී රැකගන්න වෙර දරන මෙහි වැඩ වසන හිමි වරුන් බැහැ දකින්න. එය නැවතත් නැගෙනහිර ආලෝකමත් කිරීමට; හැකි අයුරින් සහයෝගයක් දක්වන්න.

    අපි අපේ උරුමය රැකගනිමු.
    සම්මාසම්බුදු සරණයි!
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපි අපේ උරුමය රැකගනිමු.
    සම්මාසම්බුදු සරණයි!