මුහුදු මහා විහාරය.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුහුදු මහා විහාරය.

    පොතුවිල් ප්‍රදේශයෙ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය..


    කැළණියේ රජකල කැළණිතිස්ස රජු විසින් රහතන් වහන්සේ නමකට හිංසා පැමිණවීම හේතුකොටගෙන දෙව උදහසට ලක්වීමත්, ඒ හේතුවෙන් ඇතිවූ මුහුදු ගොඩ ගැලීමෙන් රටවැසියා බේරාගැනීමට තම දූ කුමරිය වන විහා මහා දේවිය ඔරුවක නංවා මුහුදට බිලිදුන් පුවත අප හොඳින් දන්නා කරුණකි.
    එවගේම ජනප්‍රවාද වලට අනුව විහාරමහා දේවිය නැවත වෙරලට සේන්දු වූයේ ශ්‍රී ලංකාවේ කිරින් ප්‍රදේශයෙන් වග මෑත වනතුරුත් පිළිගැනිම විය. නමුත් නැගෙනහිර පලාතේ වර්තමාන පොතුවිල් ප්‍රදේශයෙ ඓතිහාසික පොතුවිල් මහ විහාරයෙන් ලැබී ඇති නටුඹුන්, සාක්ෂි අනුව කුමාරිකාව සේන්දු වී ඇත්තේ කිරින්දට නොව පොතුවිල් ප්‍රදේශයට බව සැලකිය හැකිය..
    දැනට මෙම විහාර භූමියට අයත් ප්‍රදේශයේ තවමත් ඉපැරණි ගොඩනැගිලි වල නටඹුන් මතුවෙමින් පවතියි. එමෙන්ම විහාරමහා දේවිය පැමිණි ඔරුව නිධන් කොට සැකසූ දාගැබ දැකගැනීමට හැකි අතර විහාරමහා දෙවිය පැළඳ සිටි ආභරණ නිධන්කළා යයි පවසන ස්ථානයේ නටඹුන්ද, කාවන්තිස්ස රඩුගේ සහ විහාරමහා දේවියගේ පිළිරූ වල නටඹුන් දැකිය හැකිය.


    tE7BvX2.jpg


    කාවන්තිස්ස රජු සහ විහාරමහා දේවියගේ හමුවීම පිළිබඳ එම විහාරයේ ස්වාමින් වහන්සේ හෙළිකළ ජනප්‍රවාදයකි මේ.
    සුරූපී ස්ත්‍රියක් ඔරුවක් සමඟ වෙරළට සේන්දු විමේ පුවත රටවැසියන් මඟින් කාවන්තිස්ස රජු දැනගත් අතර රජු මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ අතර ඔත්තු බැලීම සඳහා තම සහචරයන් යොදවා ඒ සඳහා ඔවුනට අට්ටාල පවා සාදා දි තිබෙන බව සඳහන් වේ. මෙලෙස තොරතුරු රැස්කළ රජු ඇය සිටින්නේ යයි කියන ස්ථානයට ගෝස් ඈ කැටුව මාලිගයට පැමිණි රජු ඇය තම අගමෙහෙසිය ලෙස සරණපාවගෙන තිබේ.
    ඒ අනුව කුමරිය පිළිබඳ ඔත්තු බැලීමට රජු විසින් අට්ටාල සාදවා දුන් ප්‍රෙද්ශය අට්ටාලවෙන, ලෙසද , කුමරිය කෝයි, යයි රජු විසින් රටවැසියාගෙන් විමසුම් කළ පෙදෙස කෝමාරිය, ලෙසද අර ගමට ගියා යනුවෙන් වැසියන් විසින් පෙන්නුම් කළ ප්‍රෙද්ශය පද සහ බස බිඳී ආරුබම්බේ ලෙසද වර්ථමානයේ හැඳින්වෙන අතර රජු තමන් වෙනුවෙන් ඔත්තු බැලූ අයවලුන් සඳහා එක් පුද්ගලයෙකුට අක්කර 10 බැඟින් වනසේ ගම්වර ලබාදුන් පෙදෙස අද හැඳින්වෙන්නේ අක්කරේපත්තුව ලෙස යයි උන් වහන්සේගේ එම පැහැදිළි කිරීම විය
    .

    xaUWkpx.jpg


    s9yHxZp.jpg


    IJqy37a.jpg


    MIKTLPL.jpg


    BNsNsc5.jpg


    උපුටා ගැනීම

    facebook

    මෙහි ගෞරවය Sri Dalada Maligawa වෙබ් පිටුවට ට හිමිවිය යුතුය

    https://www.facebook.com/sridaladamaligawa
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුද්ගලයෙකුට අක්කර 10 බැඟින් වනසේ ගම්වර ලබාදුන්.....
    ලේසි නැහැ .....අද තමයි මෙච්චර විස්තරයක් දැන ගත්තේ මේ ගැන
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බම්පියක් තමයි මචං...මෙයා මෙහෙම කියනවා ' You must spread some Reputation around before giving it to maxboysl again.'
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    තව ටිකක් දාන්නම්

    ~ මුහුදු මහා විහාරය බලා - පොතුවිල් ~

    M03_zpsd95b9500.png


    පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරාණ නටබුන්, එම විහාර භුමිය හා ඒ අවට ප්‍රදේශය පුරා තැනින් තැන විසිරිලා තිබෙනවා දකින්න පුළුවන්. කිසිදු සංරක්ෂණය කල නටබුන් දකින්නටද නැහැ. වැල්ලේ තැනින් තැන මතු වී ඇති නටබුන්ද වෙනවා. අව්වට වේලෙමින්,වැස්සට තෙමමින් දිරාපත් වී පවතිනවා. මේ නටබුන් මුස්ලිම්වරු විනාශ කරනවා කිය කියා දොඩවමින් බැන බැන හිටියට අඩුම තරමින් ස්වභාවික ලෙස සිදුවන විනාශයන් නැවත් වීමටද කිසිදු පියවරක් මෙතෙක් අරගෙන නැහැ

    M12_zps05cc85b2.png

    මුහුදු මහා විහාරස්ථානයේ මෑතකදී විවෘත කෙරුණු අභිනව බුද්ධ ප්‍රථිමා වහන්සේ.

    මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිකිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

    මෙම සිද්ධස්තානයේ වැදගත් අංගයක් වන මුලුමනින්ම නටබුන්ව ඇති දාගැබ්වහන්සේ ඉදිකිරීම දැන් ආරම්භකර ඇත. එහි උස මීටර් 65ක් සහ පලල මීටර් 65ක් වේ. මේ සදහා යන වියදම රුපියල් මිලියන 20ක් පමන වේ යැයි ගනන් බලා ඇත.

    එමනිසා මෙම පින්කමට දායකවන්නට කැමති පින්වතුන් තම ආධාර පහත ගිනුම් අංකයට බැරකල හැකි බව ශාසනලයෙන් දැනුම් දෙමු.

    8730026100 - මුහුදු මහා විහාරය කොමර්ශල් බැංකුව පේරාදෙනිය ශාකාව.

    වැඩි විස්තර සඳහා බුදුසරණ පත්තරය බලන්න හෝ පහත මහත්වරු සම්බන්දකරගන්න.

    විශේෂඥ වෛද්‍ය කපිල ගුනවර්දන (ලේකම් - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 626 146
    ඊ-මේල් - [email protected]

    විශේෂඥ වෛද්‍ය විමලසිරි අබේකොන් (භන්ඩාගාරික - ඓතිහාසික මුහුදු මහා විහාර සංවර්ධන සමිතිය)
    දු.ක. - 0773 164 158
    ඊ-මේල් - [email protected]
    Link --->

    stupa2_zps87b63327.jpg


    Stupa1_zps019ad63d.jpg

    ඉදිකිරීමට නියමිත චෛත්‍යය
    Link --->

     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මමත් ඔය පන්සලට ගිහිල්ලා තියෙනවා. එතන හිටපු හාමුදුරුවෝ කිව්වා ඔය හරියේ ඉන්න මුස්ලිම් එවුන් පන්සලේ ඉඩම් හිමීට අල්ලගන්නවා කියලා :no: