මුහුදු මහා විහාරය.
පොතුවිල් ප්‍රදේශයෙ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය..
කැළණියේ රජකල කැළණිතිස්ස රජු විසින් රහතන් වහන්සේ නමකට හිංසා පැමිණවීම හේතුකොටගෙන දෙව උදහසට ලක්වීමත්, ඒ හේතුවෙන් ඇතිවූ මුහුදු ගොඩ ගැලීමෙන් රටවැසියා බේරාගැනීමට තම දූ කුමරිය වන විහා මහා දේවිය ඔරුවක නංවා මුහුදට බිලිදුන් පුවත අප හොඳින් දන්නා කරුණකි.
එවගේම ජනප්‍රවාද වලට අනුව විහාරමහා දේවිය නැවත වෙරලට සේන්දු වූයේ ශ්‍රී ලංකාවේ කිරින් ප්‍රදේශයෙන් වග මෑත වනතුරුත් පිළිගැනිම විය. නමුත් නැගෙනහිර පලාතේ වර්තමාන පොතුවිල් ප්‍රදේශයෙ ඓතිහාසික පොතුවිල් මහ විහාරයෙන් ලැබී ඇති නටුඹුන්, සාක්ෂි අනුව කුමාරිකාව සේන්දු වී ඇත්තේ කිරින්දට නොව පොතුවිල් ප්‍රදේශයට බව සැලකිය හැකිය..
දැනට මෙම විහාර භූමියට අයත් ප්‍රදේශයේ තවමත් ඉපැරණි ගොඩනැගිලි වල නටඹුන් මතුවෙමින් පවතියි. එමෙන්ම විහාරමහා දේවිය පැමිණි ඔරුව නිධන් කොට සැකසූ දාගැබ දැකගැනීමට හැකි අතර විහාරමහා දෙවිය පැළඳ සිටි ආභරණ නිධන්කළා යයි පවසන ස්ථානයේ නටඹුන්ද, කාවන්තිස්ස රඩුගේ සහ විහාරමහා දේවියගේ පිළිරූ වල නටඹුන් දැකිය හැකිය.
කාවන්තිස්ස රජු සහ විහාරමහා දේවියගේ හමුවීම පිළිබඳ එම විහාරයේ ස්වාමින් වහන්සේ හෙළිකළ ජනප්රවාදයකි මේ.
සුරූපී ස්ත්‍රියක් ඔරුවක් සමඟ වෙරළට සේන්දු විමේ පුවත රටවැසියන් මඟින් කාවන්තිස්ස රජු දැනගත් අතර රජු මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ අතර ඔත්තු බැලීම සඳහා තම සහචරයන් යොදවා ඒ සඳහා ඔවුනට අට්ටාල පවා සාදා දි තිබෙන බව සඳහන් වේ. මෙලෙස තොරතුරු රැස්කළ රජු ඇය සිටින්නේ යයි කියන ස්ථානයට ගෝස් ඈ කැටුව මාලිගයට පැමිණි රජු ඇය තම අගමෙහෙසිය ලෙස සරණපාවගෙන තිබේ.
ඒ අනුව කුමරිය පිළිබඳ ඔත්තු බැලීමට රජු විසින් අට්ටාල සාදවා දුන් ප්‍රෙද්ශය අට්ටාලවෙන, ලෙසද , කුමරිය කෝයි, යයි රජු විසින් රටවැසියාගෙන් විමසුම් කළ පෙදෙස කෝමාරිය, ලෙසද අර ගමට ගියා යනුවෙන් වැසියන් විසින් පෙන්නුම් කළ ප්‍රෙද්ශය පද සහ බස බිඳී ආරුබම්බේ ලෙසද වර්ථමානයේ හැඳින්වෙන අතර රජු තමන් වෙනුවෙන් ඔත්තු බැලූ අයවලුන් සඳහා එක් පුද්ගලයෙකුට අක්කර 10 බැඟින් වනසේ ගම්වර ලබාදුන් පෙදෙස අද හැඳින්වෙන්නේ අක්කරේපත්තුව ලෙස යයි උන් වහන්සේගේ එම පැහැදිළි කිරීම විය.
උපුටා ගැනීම
facebook
මෙහි ගෞරවය Sri Dalada Maligawa වෙබ් පිටුවට ට හිමිවිය යුතුය
https://www.facebook.com/sridaladamaligawa