ලින්න
මෙක මිරිසට උයල හොදයි, මාලුත් ලාබයි ග්‍රෑම් 500ක් රුපියල් 350-400 වගෙ
මේවා ටිකක් ලොකු කෑලි කපල, ලුනු, ගම්මිරිස් කුඩු, ගොරකා, කහ ටිකක් දාලා තම්බන්න. පස්සෙ කටු අයින් කරලා සැමන් වගේ තෙල් දාන්න තක්කලි ටිකක් වැඩියෙන් දාලා. තව කට්ලට් හදන්නත් නියමයි. thank me later
පොතුබරි කියලත් කියන්වා.
------
Post added on Nov 14, 2023 at 2:10 AM
Muge channel eka maru.. dayaka sabawa case habei comment section eke

------
Post added on Nov 13, 2023 at 7:37 PM
ඔව් නියම චැනල් එකක්. කලින් නොදැන හිටපු දේවල් ගොඩක් දැන ගත්තා.
------
Post added on Nov 14, 2023 at 2:11 AM
අපේ පැති වල මාළු කපලා ඉවරවෙලා ඒ කෑලිත් හෝදලා තමයි මාළුවට දාන්නේ.
මම දැකලා තියෙනවා දකුණේ මීගමු පැතිවල අය මාලුවාව හේදුවා කැපුවා මාළුවට දැම්මා. කෑලි හෝදන්නේ නෑ. ඇයි ඒ?? එතකොට රස වැඩි ද??
තව එකක් ඒ පැතිවල අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??
මාත් අහලා තියෙනව දකුනෙ අය මාලු කෑලි හෝදන්නෙ නෑ කියලා. මචන් මාලුවගෙ ගුණම ඔලුව කියලා කියන්නෙ, ඔමෙගා 3 වැඩියෙන්ම තියෙන්න ඔලුවෙ කියලා කියන්නෙ. මාලු ඔලු උයනවා නම් අලුත් ඒවා වෙන්න ඕනා. ඔලුව උයන්න ප්‍රසිද්ද මාලු තමයි පරවා, තෝරා, කෙලවල්ලා. හොඳ ඒවා ගන්න ඉතින් මාලු ගන්න තැන එකාව සෙට් කරගන්න ඕනා.
------
Post added on Nov 14, 2023 at 2:17 AM
උයන්න ගන්නව නම් කට්ටාවා, වන්න පරවු ගන්න එපා. ඒවයේ රස කරවල. කට්ටා කරවල වලට ගහන්න කරවල නෑ ඉතින්
වන්න පරවා (mahi fish)
------
Post added on Nov 14, 2023 at 2:23 AM
බොරලුවා - ගල් මාලුවෙක්
මී වැටියා - ගල් මාලුන්ගෙන් ගණන් වැඩිම හා රහම එකා.
පොදුවේ ගත්තම හැම අතින්ම හොඳම මාලු තමයි ගල් මාලු. ගොඩක් ගුනයි කියලා කියන්වා. මාලු සැර නෑ ඒක නිසා පොඩි ලමයිටත් දෙන්න පුලුවන්. ඩෙවල්, බාබකිව් කලාම විශේශයෙන් රසයි.
------
Post added on Nov 14, 2023 at 2:30 AM
P.S: මේ කාලෙ හැටියට දවසෙ බෝට්ටු වලින් ගන්න පුලුවන්නම් මාලු තමයි වසක් විසක් නැතිව ගන්න පුලුවන් හොඳම කෑම. මේ ටිකේ නම් සෑහෙන ලාබයි මාලු.