මුහුදෙ මාළු කකා, නැවේ විසවලින් මැරුණ මාළුන්ට අඬනවද ?

Omnitech

Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මුහුදෙ මාළු කකා, නැවේ විසවලින් මැරුණ මාළුන්ට අඬනවද ?

    ජීවිතේ එක පාරක් හරි සූරිය අරණ බලලා තියනවනං ඔබට මතක ඇති සුද්දයි, ආරච්චියි මහ කැලේ මැද්දෙ වෙඩි තියලා ඇතා මරපු තැනට සේදිරිසුයි කොල්ලයි ආව දර්ශනය.

    දළ ඇතා කැලේ මැද්දෙ වෙඩි වැදිලා වැටිලා පණ ඇද ඇද ඉන්නකොට "නූගත් වැද්දෙක්" වුණ සේදිරිස් අහන්නෙ හරි සරල ප්‍රශ්ණයයි.. මේකගෙ මොකක් කන්නද බොල ? කියලා.

    මහ ඒජන්ත උන්නාන්සෙට ඇතාගෙ දළ කපලා දෙන්න කියලා කිව්වම සේදිරිස් කියන්නෙ "ඕකගෙ අහවල් එකත් කඩාගෙන කාපියව්. පව්කාර හැ...." කියලා. මුන්ට හෙඥගහන්න කියලා සේදිරිස් දෙයියන්ට කන්නලව් කරනවා.

    අනිත් දර්ශනේදි සේදිරිසුයි කොල්ලයි දඩයමේ ගිහින් කොල්ලා මුව රංචුවකට තුවක්කුව මානගෙන ඉන්නවා. සේදිරිස් පොඩි එකාගෙන් අහනවා මොකාටද උඹ කුරුමානම් අල්ලන්නෙ කියලා. පොඩි එකා කියනවා අර පැටියා එක්ක ඉන්න එකාට කියලා.
    එතකොට සේදිරිස් කොල්ලගෙ අත අයින් කරලා අහනවා "අම්මව මැරුවම පැටියා කිරි බොන්නෙ තොයෙ අම්මගෙන් ද බොල ? " කියලා

    සේදිරිස් ගමේ නරකම මිනිහා. සේදිරිස් දඩයක්කාරයෙක්. සත්තු මරලා මස් කරලා විකුණනවා. හැබැයි සේදිරිස් පණ රැක ගන්න සත්තු මැරුවට සේදිරිස් තක්ඩියෙක් නෙමෙයි. සේදිරිස් ලොකු ඉස්කෝලෙකට නොගිහින් ඉගෙනගත්තෙ නැති ඉංග්‍රීසි බැරි නූගත් අමුඩෙ අඳින රා මදින වැද්දෙක් වුණාට සේදිරිස්ට තේරෙනවා බඩගින්නට සතෙක් මරන එකෙයි දළ ගන්න ඇතෙක් මරන එකෙයි වෙනස. කන්න මුවෙක් මරන එකෙයි පැටියෙක් ඉන්න අම්මා මරන එකෙයි වෙනස.

    සරලවම බඩගින්නට සත්තු මරලා කන එකයි, ආයෙ හරවන්න බැරි විදිහට පරිසර පද්ධතියක් විනාස කරලා, බඩටත් නැතුව, ගහටත් නැතුව ඔහේ මර මර යන එකෙයි වෙනස , කැලෙන් දර ටිකක් කපන, කිතුලක් මදින එකෙයි, හෙංචයියන්ට ගෙවල් හදලා දෙන්න , ඉස්කො කොටු දාන්න රක්ෂිතයක් ඩෝ ස කරන එකෙයි වෙනස සේදිරිස් වගේ වැද්දෙකුත් දන්නවා.

    එතකොට මෙතන තියෙන්නෙ පිං පව් කතාවක් නෙමෙයි. වැද්දෙක්ට තේරෙන සරල විද්‍යාවක්.

    වර්තමාන කතාවට ආවොත් ඔබ දන්නවා මුහුදෙ මාළු අල්ලන්න පුලුවන් වුණාට ඩයිනමයිට් දාලා මාළු අල්ලන්න දෙන්නෙ නෑ කියලා.

    එතකොට අර දරුවො ටිකගෙ ඔලුවට එන්න පුලුවන්, දැල් දාලා අල්ලලා කන්න හොඳයි, ඩයිනමයිට් දැම්මම උඹලට කහනවද කියලා.

    නෑ දරුවො ඒ දෙක දෙකක්. දැල් දැම්මම අහුවෙන්න මාළු විතරයි. ඒ අහුවෙන ප්‍රමාණය සීමා සහිතයි. නමුත් ඩයිනමයිට් දැම්මම කන මාළුයි නොකන මාළුයි දාස් ගාණක් නිකං මැරෙනවා. ඒ වගේම මුහුදෙ තියන කොරල්පර වගේ මාළුන්ගෙ වාසස්තාන විනාස වෙනවා. ඒවා විනාසවුණාම මාළු බිත්තර දාන්නෙ ඔය ප්‍රස්ණෙ අහන උන්ගෙ අම්මලගෙ බඩේද කියලා අහයි සේදිරිස් හිටියනං. බිත්තර දාන්න තැනක් නැතිවුණාම මාළු වඳවෙලා යනවා. එක ජීවියෙක්ගෙ වඳවීමක් සමස්ථ පද්ධතියටම බලපාන ආහාර දාම ආහාර ජාල පාඩම මම ඉගෙනගත්තෙ හතේ විද්‍යාවට.

    එතකොට ගිනිගත්ත නැවේ රසායනික ද්‍රව්‍ය වලින් විසවෙලා මාළු මැරෙනවා. මුහුදෙ ඔක්සිජන් ප්‍රතිසතය අඩුවෙනවා. ප්ලාස්ටික් කෑලියි, රසායනික ද්‍රව්‍යයයි ගිහින් කොරල්පර මැරෙනවා. කොරල් මැරුණම මාලුන්ගෙ අභිජනන (වර්ගයා බෝ කිරීම) ස්ථාන නැතිවෙනවා. ඊටපස්සෙ උන්ව කන ලොකු උන් වඳවෙනවා. මළ මුහුදක් බවට පත්වෙනවා. ඊළඟට කුරුල්ලන්ගෙ තටුවල තෙල් තැන්පත් වෙලා, අර මාළුන්ව කාලා වගේ දේවල්වලින් උන් මැරෙනවා. මුහුදු ශාක, ඔක්සිජන් හදන ඇල්ගි මැරෙනවා, මීගමුව වගේ කලපුවකට ගියාම කඩොලාන පරිසර පද්ධතියක් විනාස වෙනවා. අර ප්ලාස්ටික් ඇට කෑලි අවුරුදු බර ගාණක් නොදිරා තියනවා. වෙරළට ඇවිල්ලා වෙලා තියන දේ පේනවනෙ. ගිනිගත්ත ඒවා වලින් අම්ල වැසි වහිනවා.

    අන්තිමේදි ආහාර දාමයක් දිගේ ඇවිල්ලා ඔය ඇයි දුක්වෙන්නෙ කියලා අහන මන්දබුද්ධිකයෙක්ගෙ දරුවෙක් කන මාළු කෑල්ලකින් අර විස ශරීරගත වෙලා වකුඩඩු රෝග, පිළිකා, අක්මා රෝග පවා ඇතිවෙනවා.

    පරිසර පද්ධතියට හානිවෙනවා වගේම ධීවර කර්මාන්තෙ කරගන්න බැරිවෙලා රටේ ජාතික ආර්ථිකේට පවා දැඩිව බලපානවා.

    ඊටපස්සෙ ගෙදරදීම සාලයො කිලෝ එකක් හදාගමු වගේ එකක් කරන්න තමයි වෙන්නෙ.

    දැන් තේරෙනවද මාළු මැරෙනවට අඬනවා වගේ ලොන්ත තැනකින්, අවුරුදු සිය ගාණකට හරවන්න බැරි මහා විනාසයක් දිහා බැලුවම වෙන්නෙ මොකක්ද කියලා.

    ඔය ප්‍රශ්නෙ අහන අය ඕක අහන්නෙ මේවා නොදැන නෙමෙයි. කාගෙ හරි ගැලවුණ රෙද්දක් අන්දන්න ඕන හින්දා. ඒකට කමක් නැහැ.

    නමුත් ෆේස්බුක් එකට එන අනිත් දරුවොත් ඔ‍ය කතා අහලා ඒ වගේම පැපොල් ඇට ලොන්තයො බවට පත්වුණාම තමයි සිංහරාජෙ මැද්දෙ වැව් දෙකක් කපලා හිලව්වට රබර් හිටවන්නයි, ඔක්සිජන් කන්නද වගේ කතා අහන්න හිතෙන්නෙ. ඒක හින්දා මේ ගැන දන්න අය නිහඬව ඉන්න එපා. කැස්බෑවා මැරිච්ච එකට වැඩිය මේ ප්‍රශ්ණෙ සෑහෙන ලොකුයි.

    හත වසරට ඉස්කෝලෙ නොගියට කමක් නැහැ.
    නූගත් සේදිරිස් තරංවත් බුද්ධිමත් වෙන්න.
    රත්තරං බිත්තර දාන කිකිළිගෙන් බිත්තර ගන්න, බඩකපන්න යන්න එපා. !

    - චමල් අකලංක පොල්වත්තගේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Malu marena eka witharak nemei meken une.. Meka kiyawanna kalin me gena kalpana kara sahenna..
    Ubalata aththatama duka nadda me gena?

    Bathroom ekata gihin shower eka open karala angata watena wathura tikenma ape ange thiyana wedanawa 90% heal wenawa..

    Wassak wahina kota asawen eka diha balan inna kota danena feeling eka?

    Parisarayata poddak hari adare minihekta meka dara ganna bari tharam dukak..

    Meka karapu ewun salli walata karaa nam karapu ekaata me bhawayema black fungas hadila marenna ona
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුදේ මාළු කන එකද වැඩිපුර පව් නැත්තං කුකුල් මස් කන එකද?
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පින පව වත් මාලු කාල මැරෙන සින්හලුවත් නෙවෙ අවුල,

    ඒ හරියෙ වෙච්ච එකො සිස්ටම් ඩැමේජ් එකයි අවුල
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Iraj kiyanne harakek kiyala loketa pennapu thawath eka awastawak……😂 mona moda harakeda ban 🤣😂
     
    • Like
    Reactions: jay-shan

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,439
    113
    This mass-scale pollution is not only about fish. Fishing for food and "Genocide" are two different things. Marine life includes algae which provide oxygen to 70% of the atmosphere.
     
    • Like
    Reactions: jay-shan

    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    Hamadema political party ekaka side eka aran katha karana eka hodai.
    Gas kapapu den, Muhudata hukapuden.
    politicianla awilla gedara ganita huka giyath hure dana ponnayo inne
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රත්තරං බිත්තර දාන කිකිළිගෙන් බිත්තර ගන්න, බඩකපන්න යන්න එපා. !


    මුගෙ බුද්ධිය දෝරෙ ගලල නිසානෙ පිටිදූවේ සිරිධම්මව කරේ තියන් නටන්නෙ.
     
    • Sad
    Reactions: NaiRobi

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Iraj kiyanne harakek kiyala loketa pennapu thawath eka awastawak……😂 mona moda harakeda ban 🤣😂
    හරකෙක් ට rich වෙන්න බැ ඔය ගාණට. ඌ status දාන real හේතුව වෙන එකක්. මොලේ තියන උන්ට තේරෙනව ඌ ගහන්නේ වෙන ගේමක් කියල.

    අනික් උන් හිතන්නෙ iraj හරකෙක් කියල. ඔය රැල්ලට trigger වෙන බයියොන් ගෙයි , ටොයියොන් ගෙයි, ජෙප්පොන්ගෙයි, දකින දකින දේ විශ්වාස කරන් trigger වෙන ගොඩක් උන්ගේ ලොකු වෙනසක් නෑ උං ඔක්කොම එකයි.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    188520763_1586586421540185_1172465221233763848_n.jpg