මෙත්තවිහාරී ස්වාමීන්වහන්සේ අපවත් වෙයි

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    මෙත්තවිහාරී කිව්වම ගොඩක් අය නොදන්නා නමක්.

    සෝෂල් මීඩියා වල රඟන ස්වාමීන්වහන්සේලා ට වඩා ධර්මයටත් රටටත් වැඩක් කරපු ස්වාමීන් වහන්සේ නමක්.

    2000 දශකයේ මුල් කාලෙ ලංකාවේ open source මුව්මන්ට් එක හැදුවෙ උන් වහන්සේ. ත්‍රිපිටකය digitize කරලා public domain එකට යොමු කළේ උන්වහන්සේ.

    ඒ සියල්ලම කලේ ඩෙන්මාක් ඉඳන් ලංකාවට සංක්‍රමණය වෙලා.

    අපේ හාමුදුරුවන්ට නිවන් සැප ලැබේවා.

    <Quote>

    කොළඹ 07 නාරද බෞද්ධ ධර්මායතනයෙහි ඉතා දීර්ඝ කාලයක් වැඩ සිටිමින්, රටට, අධ්‍යාපනයට, ශාසනයට අනුපමේය සේවයක් කළ, අතිපූජනීය ඩෙන්මාර්කයේ මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේ පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබමින්, සිය මව් බිමේ සහෝදරියගේ ඇප උපස්ථාන ලබමින් සිටියදී , අවුරුදු 80ක් ආයු වළඳා, ඊයේ රාත්‍රී අපවත් වී වදාළ බව සංවේගයෙන් දන්වා සිටිමු. අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා
    </Quote>

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    පින් පාටයි, බඩජාරි කමට කාලත් නැ වගෙ, රියල් සාදු කෙනෙක්.♥️

    Ampitiye sumane, hey sadu, rathana himi, apilage saadhu, kotuwe podi. Un sadhula da? Appiriyawe ba
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    මම ස්වාමීන්වහන්සේ පුද්ගලිකවම අඳුනගත්තෙ FOSS movement එක කාලේ.
    හැමදාම පිණ්ඩපාතයේ වැඩියා. සෙරෙප්පුවක් වත් දම්මේ නෑ. සල්ලි අතේ තියාගත්තෙ නෑ.බස් එකේ කොන්දා සල්ලි ඉල්ලුවොත් බැහැල යනවා. ධර්මයට කොච්චර සේවයක් කලත් පුද්ගලික ප්‍රසිද්ධිය කවදාවත් හෙව්වේ නෑ.

    සරලවම කිව්වොත් බුද්ධ වචනය අකුරටම පිලිපැදපු ස්වාමීන්වහන්සේ නමක්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    මම ස්වාමීන්වහන්සේ පුද්ගලිකවම අඳුනගත්තෙ FOSS movement එක කාලේ.
    හැමදාම පිණ්ඩපාතයේ වැඩියා. සෙරෙප්පුවක් වත් දම්මේ නෑ. සල්ලි අතේ තියාගත්තෙ නෑ.බස් එකේ කොන්දා සල්ලි ඉල්ලුවොත් බැහැල යනවා. ධර්මයට කොච්චර සේවයක් කලත් පුද්ගලික ප්‍රසිද්ධිය කවදාවත් හෙව්වේ නෑ.

    සරලවම කිව්වොත් බුද්ධ වචනය අකුරටම පිලිපැදපු ස්වාමීන්වහන්සේ නමක්.
    සල්ලි අතේ තියාගත්තෙ නෑ.බස් එකේ කොන්දා සල්ලි ඉල්ලුවොත් බැහැල යනවා.

    ai uba tickets gatte natte?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,062
    15,630
    113
    35
    Spain
    මට මතකයි, ඔය ප්‍රොජෙක්ට් එක දාන්න සර්වර් එකට වියදම් කරන්න සල්ලි නෑ කියල හෝම් සර්වර් එකක ප්‍රොජෙක්ට් එක හොස්ට් කළා කිව්වා නේද?