මෙන්න~තවත්~මගුලක්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙන්න~තවත්~මගුලක්

බජාජ් රෝද තුන හතරක් වෙයි

ශ්‍රී ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් කිහිපයකම දුප්පතාගේ ගමනා ගමනය සඳහා භාවිතා කිරීමෙන් තුලින් ජනාදරයට පත්ව ඇති රෝදතුනේ වහනයක් වන "බජාජ් ත්‍රීරෝද " රථය නව මුහුණුවරකින් නිෂ්පාදනය කිරීමට ඉන්දියා මෝටර් රථ නිෂ්පාදන සමාගම සැරැසෙයි.

ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ බජාජ් රථයේ එක මෝස්තරයෙන් පමණක් වුවද රෝද තුනේ වෙනත් මොස්තරයන්ගේ රථ වාහන කිහිපයක්ම වෙළඳ පොළේ ඇත.

බජාජ් සමාගම රෝද තුනේ රථය වෙනුවට අලුතෙන් නිෂ්පාදනය කරනුයේ රෝද හතරක වාහනයකි. කෙසේනමුත් එහි එන්ජිමෙහි වෙනසක් සිදුකර නොමැත.

මෙනිසා ඔවුන් කියන්නේ මෙය මෝටර් රථයක් නොවන බවයි. බජාජ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන්නේ මෝටර් බයිසිකල් ය.

රෝද හතරේ වාහනය සඳහා ද යොදා ගැනෙනුයේ මෝටර් බයිසිකල් එන්ජීමකි.

අලුතෙන් නිෂ්පාදනය කරන රෝද හතරේ රථය දිගින් මිලි මීටර් 2752 ක්ද පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වෙයි. පසුපස සවිකර ඇති එන්ජිමේ බලවේගය අශ්වබල 200කි.

රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 70ක් වෙයි.

නව රෝද හතරේ වාහනයේ එන්ජිම නිර්මාණය කිරීමේදී ඉන්දන භාවිතය සහ අහිතකර වායුව පිටකිරීම සම්බන්ධයෙන් විශාල වෙනසක් සිදුකර ඇතිනිසා එය පරිසර හිතකාමී වාහනයක් බවද රෝද තුනේ වාහනයට වඩා මගී ආරක්ෂාව සහ අරපරෙස්සම සහිත වාහනයක් බවද බජාජ් සමාගම පවසයි.

අත්හදා බැලීම සඳහා මෙම වාහනය දැනටමත් බජාජ් සමාගමේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයින් වෙත සපයා ඇත. බජාජ් සමාගම ඇස්තමේන්තු කර ඇත්තේ මෙම රථය බද්දට පෙර රුපියල් 2,75,000 සිට 3,00000 දක්වා මිලකට අලෙවිකළ හැකි බවයි.

ලෝකය වටා විවිධ රටවලින් බජාජ් රෝද තුනේ වාහනය සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති නිසා රෝද හතරේ වාහනය හඳුන්වා දීමට අදහස් කල බව බජාජ් සමාගම කියයි


68(8).jpg

64(16).jpg

65(22).jpg

26(150).jpg


source: Lankadeepa.lk
 
  • Like
Reactions: nitrox

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැප්පුන ගමන් යකඩ ගුලියක් බලන්න පුලුවන්වෙයි......:baffled:
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    හැප්පුන ගමන් යකඩ ගුලියක් බලන්න පුලුවන්වෙයි......:baffled:

    sure ද බන් යකඩ තියෙය් කියල? තනිකර plastic වගෙ මටනම් පේන්නෙ
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බජාජ් රෝද තුන හතරක් වෙයි

    අලුතෙන් නිෂ්පාදනය කරන රෝද හතරේ රථය දිගින් මිලි මීටර් 2752 ක්ද පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වෙයි. පසුපස සවිකර ඇති එන්ජිමේ බලවේගය අශ්වබල 200කි.

    අහ් බන්. අශ්වබල 200ක් කියල ෂුවර් ද? :shocked::shocked: toyota supra එකක තියෙන්නෙත් 200hp :shocked:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජොනී බට්ට;16342044 said:
    අහ් බන්. අශ්වබල 200ක් කියල ෂුවර් ද? :shocked::shocked: toyota supra එකක තියෙන්නෙත් 200hp :shocked:

    hp newe ban 200cc:lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජොනී බට්ට;16342066 said:
    අශ්ව බල කියන්නේ horse power නෙවෙයිද එතකොට? :baffled::baffled:

    hp tama ban...but oya kiyala tiyenne engine capacity eka...okata koheda 200hp....enan thathu dekakuth hi karanna wenawa....:lol:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ඔය වගේ ඒවා යුරෝප් වලත් තියනවා නේද වයස අඩු license නෙති කෙල්ලෝ කොල්ලෝ පදින්නේ. ඒවාගෙන්ම් සද්දේ වැඩි
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජොනී බට්ට;16342080 said:
    ඒක මිසක්. මම බැලුව මුන් දැන් taxi හදන්නේ race යන්නද කියල :lol::lol::lol:

    ado mae supra eke accelaration eka balapan..pissu hedenwa

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    cc is the size of the engine, in cubic centimeters - literally the volume of the cylinders. A larger cylinder can ingest more air (and more fuel), thus converting more energy per cycle than a smaller one, so making more power - assuming all other factors are the same, and there are many factors that affect power output.