Part 04
ආයේ පහුවෙනිදා උදේ මැසේජ් එකක් දාලා වැඩ කරන තැනට එන්න ඇල්බම් ටික එතන වැඩ කරන ඇන්ටි පාරට ගෙනත් දෙයි කියල. පස්සේ ආයේ ඒක වෙනස් කරලා එවලා ගෙදරට ඇවිල්ල මල්ලිගෙන් ඉල්ලගන්න කියල. මාත් හා කියල මල්ලිට කෝල් කරලා ගියා ඒ ටික අරන් එන්න. මල්ලි හිටියේ නෑ උන්ගේ අම්මා ගෙනල්ල දුන්නේ. පස්සේ බලද්දී ඇල්බම් එක්ක මම දීපු ප්‍රසන්ට් වගේකුයි රිටර්න් කරලා තිබ්බ. මාත් ලැස්ති වෙලා ගියේ. මට දීල තිබ්බ ලැප්ටොප් බෑග් එකකුයි, තව බයික් එකට හයි කරන ඩිජිටල් මීටර් එකකුයි රිටර්න් කරලා ආව. ඒ සේරම මට වැඩකට ඇති තෑගී නෙමෙයි. ඒකි මට කියලා වෙනම ගත්තුවත් නෙමෙයි. ඒකි ගාව කලින් ඉඳන් තිබ්බ එව්වා වගයක්. ඒකිට වෙන කවුරු හරි දීපුවද දන්නේ නෑ.
පස්සේ මම ගෙදර ඇවිල්ල උන්ගේ තාත්තට කෝල් කරලා කිව්වා වුන සිද්දිය. මම ඇහුව අන්කල් මෙහෙම කිව්වද කියල මම කල් දානවයි කියල මේකට අකමැති කතාවක් කිව්වද කියල. නෑ නෑ එහෙම කිව්වේ නෑ කිව්වා. එයා හරි කලබලයි කිව්වා. පස්සේ හැබැයි එයාටම තේරෙනවා කිව්වා කරපු වැරැද්ද. ඒක නිසා ඉවසන එක තමා හොඳම දේ ලු. මම කිව්වා මම මෙඡ්චාර දවස් ඉවසුවා මාව don't care ගානට දාල මෙච්චර දවස් සැලකුවේ. මටත් එපා වෙලා තිබ්බේ කියලා. මම ඒත් කිව්වා පොරට කලින් එකත් පස්සෙන් ආව නිසා ඌ එක්ක ආයේ සෙට් වුනාද දන්නෙත් නෑ කියල. නෑ නෑ එයා එහෙම නරක ළමයෙක් නම් නෙමෙයි ලු. කාමරේ අතුලේමලු ඉන්නේ ගෙදර ආවත්. කොහේ හරි ගියත් අම්මත් එක්කමලු යන්නේ. මට කෝල් එකක් ගන්නම් කිව්වා එයත් එක්ක කතා කරලා. මම ඒත් හිතින් හිතාගත්තා අනේ ආයේ නම් කතා නොකලට කමක් නෑ කියල. පස්සේ එදා දවල් අරකි මැසේජ් කරලා තිබ්බ දීපු බඩුවල අඩුවක් නෑ නේද කියල. පැයකට විතර පස්සේ මම රිප්ලයි කළා නෑ කියල. ආයේ අහල තිබ්බා තාත්ත කෝල් කලාද කියල. ඒකත් පැයකට දෙකකට පස්සේ මම රිප්ලයි කළා ඔව් කියල. හැබැයි එතකොටත් මාව බ්ලොක් කරලද කොහෙද. කොහොම හරි අදට මාසයයි දවස් 4යි අද වෙනකන් සද්දයක් නෑ තාත්තයි දුවයි දෙන්නම.
නම්බර්ස් ඩිලීට් කළා, චැට් ඩිලීට් කළා, ෆොටෝස් ඩිලීට් කළා, තිබ්බ සේරම අයින් කළා.
ඔන්න ඔකයී මගේ කතාව. හිතපන් මම කොච්චර සැක කරන්න ඕන තැන් වල සැක නොකර, කතා කරන්න ඕන තැන් වලදී කතා නොකර හිටියද කියල. ඒ තරම්ම මාව controle කළා manipulate කළා මේ රිලෙෂන්ශිප් එක ඇතුලේ.
මම සාමාන්යෙන් එහෙම කෙල්ලෙක් නවත්තනවා නම් එහෙම යන්න දෙන්නේ නෑ එක පාර. තව පාරක් හිතන්න කියල තේරුම් කරලා දෙනවා. ඒත් මෙතැනදී එහෙමවත් මට වුවමනාවක් වුනේ නෑ. මට ඕන නම් ඒකි හම්බෙලා කතා කරන්න තිබ්බා. ගෙදර ගිහිල්ල අම්මා තාත්ත එක්ක කතා කරන්න තිබ්බ. ඒත් මට ඒකටවත් කැමැත්තක් තිබ්බේ නෑ. එහෙම වුවමනාවක් ආවෙත් නෑ. ඒ තරම්ම මට ඒක එපා වෙලා තිබ්බේ.
ඔව් මම පට්ට මෝඩයෙක්, පට්ටේටම ලවු කළා. පට්ටේටම ඇන්දුනා.. හැමදේටම ඉක්මන් වුනා.
හැබැයි අන්තිමට දෙයියෝ බැලුවා වගේ මාව ඒ වලට වැටෙන්නේ නැතුව බේරුනා. හදිස්සියෙවත් මම ජනවාරි 17 බැන්දා නම් මාසයක් යන්නත් කලින් බෙල්ලේ වලදාගෙන ප්‍රෙෂර් එක දාරගන්න බැරුව, නැත්තන් ඩිවෝස් වෙලා. ඔය සීන් එක නිසා අදටත් මට පරණ මනුස්සය වගේ වැඩක් කරන්න බැරිවෙලා තියෙනවා. වෙනද උදේ 8.30 වෙද්දී නැගිටින මම අද 8.30 ට ඇහැරුනත් 9.30 වෙනකන් ඇඳට වෙලා ඉන්නවා. මොකද නැගිට්ටෝත් ආයේ පරණ මගුල් මතක් වෙන නිසා. හවස් වෙනකන් ඇඟට කිසිම පණක් නැතුව ඉන්නේ අද. නිදාගන්න එක කරන්නේ දවසෙන් බාගයක්ම. මීට මාස තුනකට කලින් මම කොහ්චර ලස්සනට හිටියද මේ මරාලයක් කඩාපාත් වෙන්න කලින්. තව මාසයක්වත් යයි මට ඒ තත්වෙට එන්න.
Conclusion
මම ඕකෙන් එලියට ආවට පස්සෙයි මට හම්බුනේ narcissism කියන සබ්ජෙක්ට් එක. NPD එහෙමත් නැත්තන් Narcissistic Personality Disorder කියන ලෙඩේ ලක්ෂණ වලින් 90%ක් ම මේ කෙල්ලගේ හැසිරුණ විදිහෙන් එලියට ආවා. ඔය සම්බන්දව වීඩියෝ 50ක් වත් බලන්න ඇති මම. ආටිකල් 50ක් වත් කියවන්න ඇති මම. තාමත් බලනවා තාමත් එව්වා ගැන හොයනවා.
1. Love Bombing
2. Gaslighting
3. Manipulating
4. Cheating
5. Lying
6. Name Calling
7. Drama Queen
ඔය හැමදේම ඒකිගේ හැසිරීමෙන් පෙන්නුවා. ඒකෙ කියන විදිහට මුලින් ඉන්න චරිතේ ඇත්තටම ඉන්න චරිතයක් නෙමෙයිල්. ඒකට හේතුව ඒකි දන්නේ නෑ ඒකි කවුද කියල. ඒකි එතන කරන්නේ රඟපාන එකලූ. වැඩකට නැති තෑගී දෙන එක වගේ දේවල් Love Bombing වලට අදාළ දේවල්.
අන්තිමට දාලා යද්දී කියපු හේතුව Gaslighting වලට අදාළ දෙයක්. මොකද ඒක කිව්වම මම හිතන්න ගන්නවා මේක ඇත්තටම මගේ වැරද්දක්ද කියල. එතකොට මම මටම වරද පටවගන්නවා.
මේ දේවල් මෙයා ඉපදෙනකොට ගෙනාපුවා නෙමෙයි. මේ සේරම මෙයාගේ අම්මා කරපු වැඩ වලින් මෙයාට වුන දෙයක්. මෙයාගේ අම්මාට අම්මා තාත්ත ඉඳලා නෑ. හැදිලා තියෙන්නේ ළමා නිවාසෙක. එතකොට දන්නේ නෑ මොකක්ද ආදරේ කියල. ඉතින් එයාට ළමයි හම්බෙද්දී ළමයට ආදරේ කියන්නේ මොකක්ද කොහොමද ළමයෙක්ට සලකන්නේ කියන්නේ කියල දන්නේ නෑ. මෙයාම මට කියල තියෙනවා අම්මා ඒ කාලේ මෙයාගේ ඔලුවට දාපුවා. අම්මගේ ප්‍රෙෂර් එක මෙයාලගේ පිටින් පිට කලාලු ඒ කාලේ. අද වුනත් එහෙමයි. උදාහරනෙකට මම මෙයාලට කෑමක් දුන්නම එන්න කියල මෙයාලගේ අම්ම මෙයාට කිව්වලු එහෙම කෑමක් දුන්නේ මේක නවත්තන්නද දන්නේ නෑ කියල. ඒ වගේ සෑහෙන්න කුණු මෙයාලගේ ඔලුවට ඒ අම්මා දානවා. ඉතින් මෙයාල ලොකුවෙද්දී මෙයාලා හිස් මිනිස්සු බවට පත්වෙනවා. මෙයාලගේ හිත වල ආදරය කියල දෙයක් නෑ. මෙයාල තනිකර රොබෝලා වගේ. මෙයාලා Takers ලා. අපි වගේ Givers ලා හම්බුනාම කරන්නේ අපේ සේරම ශක්තිය උරලා ගන්න එක. හරියට Vampire ලා වගේ. මේ වගේ අයට බෙහෙත් නෑ. මෙයාලා කවදාවත් හොඳ වෙන්නෙත් නෑ. කරන්න පුළුවන් එකම දේ අප්පේ අනාගතේ ගැන හිතලා එතනින් ඉක්මනටම අයින් වෙන එක. හදිස්සියේ හරි අපි මෙයාල වගේ අය එක්ක පවුල් ජීවිතයක් ගත කරනවා නම් සාමාන්‍ය පවුල් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි තෙරපිස්ට්ලා කියන්නේ. මොකද අපේ මානසික ශක්තියෙන් 90%ක් ම මෙයාලට දෙන්න සිද්ද්ද වෙනවා.
මේ වගේ බැටළු හම් පොරොවගත්ත සැහෙන්න සත්තු ඉන්නව මේ ලෝකේ. පිටින් බැලුවම මිනිස්සු වගේ පෙනුනට ඒගොල්ලෝ ඇත්තටම මිනිස්සු නෙමෙයි. ඇතුලේ ඉන්නේ මහා ජරා අප්පිරිය ගඳ ගහන සත්තු.
මම මාස දෙකහමාරෙන් මේකෙන් ගලවුනාට ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ උන් එක්ක අවුරුදු 10-20 පවුල් කන, අන්තිමට ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්වත් නැති වෙනවලු.
ඉතින් ඔන්න ඕකයි මට කියන්න ඕන වුනේ. ගන්න දෙයක් තියේ නම් ගනින්. මිනිස්සු ලෙසියකට විශ්වාස කරන්න බෑ. හැමෝම අපි වගේ නෙමෙයි කියල හිතන්න මේක හොඳ පාඩමක් වුනා මේක. හැබැයි ඒක ඉගෙනගන්න සෑහෙන්න කැප කිරීම් කරන්න වුනා මට.
------ Post added on Jan 25, 2024 at 12:51 AM
මොන බේරිල්ලක් ද බන්?උබ මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ බන්![]()

වෙච්ච දේවල් හරියටම හිතින් අයින් කරලම දාන්න පුළුවන් වුනේ දවස් 3 - 4 කට කලින් ඉඳන් තමා. දැන් නම් මතක් වෙන්නෙම නැති තරම්.උබ මේකෙන් ගොඩ ආපු එක ගැන මට තියෙන්නේ මාර සතුටක්.ඔහොම toxic බැඳීම් ඇතුලේ හිරවෙනවට වඩා මැරෙනකම් තනියම ඉන්න එක සැපයි.
Pissuda ban ohoma hari beruna athi, oka banda nam muge life eka iwarai, suicide or homocide ekakin nawatinne. Ohoma hari beruna eka gana sathutu wenna oni. Mu set wela masen upan welawai kendarai balanna yanakotama theruna haraka pol paleta aninna enne kyala, kiwwata piligatte na, mu honeymoon phase eke hitiye.මොන බේරිල්ලක් ද බන්?![]()
දැන් නම් 98%ක් ම යතා තත්වෙට පත්වෙලා තියෙන්නේ.මොකෝ තත්ත්වේ දැන්?![]()
මේ වගේ ගෑනියෙක්ට අහුවුණ ෆර්ස්ට් එකස්පීරියන්ස් එක.ubata meka first experience eka da? karumayakin beruna kiyala hitha ganna.
එහෙනම් හොඳයි මචංදැන් නම් 98%ක් ම යතා තත්වෙට පත්වෙලා තියෙන්නේ.

උබට හිතෙන්නෙ නැද්ද උන් දෙන්නගෙ පවුල් ප්‍රශ්නෙකට උබ නිකන් ෆුට් බෝලයක් උනා කියල. මෙක ආයෙත් උඩ අරගෙන උබ හිත පාරගන්නෙපා බන්. උන් දෙන්න ආතල් එකෙ හෝ මරාගෙන හරි එකට ඉන්නව. ඔට්යිට වඩා පවුල් ප්‍රශ්න තිබිලා පවුල් පිටින් එකට ඉන්න සීන් තියෙනවා මොකුත් නොවුන ගානට. ඒක නිසා ඒව වැඩඉය හිතන්නෙපා. හොද කෙල්ලෙක් බලමු. බදින්න. උබ සදා තනිකඩ ඉන්න තිරනය කරල නෑනෙ.අලුත්ම අප්ඩේට් එක..
මම අද වෙනකන් අර බැල්ලිගෙ ෆේස්බුක් අකවුන්ට් එක සර්ච් කරලා නෑ. මොකද මට ඒකිගෙ මූනවත් දකින්න වුවමනාවක් නැති නිසා. හැබැයි අද මම ඒකිගෙ කලින් එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් එක චෙක් කලා. ඒ අකවුන්ට් එක ඒ කාලෙත් ලොක් කරලා තිබ්බෙ. දැනුත් ලොක් කරගෙන ඉන්නෙ. ප්‍රොෆයිල් පික් එකේ අරකි එක්ක ගහපු සෙල්ෆි එක්ක් දාලා. ඒ කියන්නෙ ආයෙ ඌ එක්කම ඒකි සෙට් වෙලා.
ඒකිගෙ ගෙදර උන් අරූට විරුද්දව පොලිස් එන්ට්‍රි දාලා, ඌ එක්ක වලි දාගෙන, මේකිත් ඌ එක්ක පාරෙ වලි දාගෙන අද ආයෙ ඌ එක්කම සෙට් වෙලා. එහෙව් එකාට ඒකිගෙ ගෙදර මිනිස්සු බෑනා, මස්සිනා කියන්නෙ රෙදි ඇඳගෙනද දන්නෙ නෑ. ගෙවල් පැත්තෙ උන් එහෙම පුකෙන් හිනා වෙනව ඇති. ඒකිගෙ අම්ම තාත්තා ඒකි වෙනිවෙන් පෙනී ඉන්නකොට ඒකි කරන්නෙ අම්මවයි තාත්තවයි පාවලා දෙන එක.
අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් උන්ගෙ පවුල් නම්.![]()
හොදයි.අලුත්ම අප්ඩේට් එක..
මම අද වෙනකන් අර බැල්ලිගෙ ෆේස්බුක් අකවුන්ට් එක සර්ච් කරලා නෑ. මොකද මට ඒකිගෙ මූනවත් දකින්න වුවමනාවක් නැති නිසා. හැබැයි අද මම ඒකිගෙ කලින් එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් එක චෙක් කලා. ඒ අකවුන්ට් එක ඒ කාලෙත් ලොක් කරලා තිබ්බෙ. දැනුත් ලොක් කරගෙන ඉන්නෙ. ප්‍රොෆයිල් පික් එකේ අරකි එක්ක ගහපු සෙල්ෆි එක්ක් දාලා. ඒ කියන්නෙ ආයෙ ඌ එක්කම ඒකි සෙට් වෙලා.
ඒකිගෙ ගෙදර උන් අරූට විරුද්දව පොලිස් එන්ට්‍රි දාලා, ඌ එක්ක වලි දාගෙන, මේකිත් ඌ එක්ක පාරෙ වලි දාගෙන අද ආයෙ ඌ එක්කම සෙට් වෙලා. එහෙව් එකාට ඒකිගෙ ගෙදර මිනිස්සු බෑනා, මස්සිනා කියන්නෙ රෙදි ඇඳගෙනද දන්නෙ නෑ. ගෙවල් පැත්තෙ උන් එහෙම පුකෙන් හිනා වෙනව ඇති. ඒකිගෙ අම්ම තාත්තා ඒකි වෙනිවෙන් පෙනී ඉන්නකොට ඒකි කරන්නෙ අම්මවයි තාත්තවයි පාවලා දෙන එක.
අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් උන්ගෙ පවුල් නම්.![]()
එහෙම බැලුවොත් මම විතරක් නෙමෙයි, උන්ගේ අම්මා තාත්ත පවුලේ හැමෝම ඒකිගේ ෆුට්බෝලයක් වෙලා නේද. අපි හැමෝම පාවිච්චි වෙලා ඒකිගේ වැඩ වලට.උබට හිතෙන්නෙ නැද්ද උන් දෙන්නගෙ පවුල් ප්‍රශ්නෙකට උබ නිකන් ෆුට් බෝලයක් උනා කියල. මෙක ආයෙත් උඩ අරගෙන උබ හිත පාරගන්නෙපා බන්. උන් දෙන්න ආතල් එකෙ හෝ මරාගෙන හරි එකට ඉන්නව. ඔට්යිට වඩා පවුල් ප්‍රශ්න තිබිලා පවුල් පිටින් එකට ඉන්න සීන් තියෙනවා මොකුත් නොවුන ගානට. ඒක නිසා ඒව වැඩඉය හිතන්නෙපා. හොද කෙල්ලෙක් බලමු. බදින්න. උබ සදා තනිකඩ ඉන්න තිරනය කරල නෑනෙ.