මෙන්න සිංහල ෆොන්ට් එකක් ඇවිල්ලා

මෙන්න සිංහල ෆොන්ට් එකක් ඇවිල්ලා

අළුත්ම සිංහල ෆොන්ට් එක

සිංහල යුනිකේත සම්මතයේ ඉදිරිගම‍නේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ දින, එනම් වර්ෂ දෙදහස් නවයක්වූ සැප්තැම්බර මස තුන්වන බ්‍රහස්පතින්දා දින යුනිකේත අනුගත අක්ෂර වර්ගයක් වන භාෂිත අක්ෂර වර්ගය පොදු භාවිතය සඳහා මුදා හරින ලදී.
සිංහල යුනිකේත භාවිතාකරුවන් අතර වර්තමානය වන විට භාවිතා වන්නේ ඉතාමත් සීමිත අක්ෂර හැඩතල සංඛ්‍යාවක් පමණි. එය ඉංග්‍රීසි භාෂා අක්ෂර හා සසඳන විට ඉතාමත් සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු අගයක් ගන්නා බව මෙහිදී සඳහන් කළ යුතුය. එම නිසා විවිධ නිර්මාණ කටයුතු සඳහා යුනිකේත භාවිතා කිරීමේ පසුබෑමක් දක්නට ලැබුනු අතර මින් ඉදිරියට භාෂිත අක්ෂරයේ පෙරළිය සමඟින් මින් ඉදිරියට තවත් යුනිකේත අනුගත අක්ෂර නිර්මාණයට අක්ෂර නිර්මාණකරුවන් පෙළැඹවීම නිසාවෙන් මින් ඉදිරියට එම අඩුව පිරවෙනු ඇති බව අපගේ විශ්වාසයයි.
මෙම අක්ෂර ඔබට ඉදිරි‍යේදී නිල වශයෙන් “සියබස්” වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැකිවනු ඇති අතර. දැන් ඔබට පහුත යොමුව හරහා මෙම අක්ෂර ඔබගේ පරිගණයට භාගත කරගැනීමට හැකිවනු ඇත.
(සාහිත්‍ය අනුග්‍රහයෙනි)

භාෂිත යුනිකේත අක්ෂර ලබාගන්න
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    machan sinhala blog ekakin mokak hari copy karot
    eka link eka daapan nat nam blog sangamaya oun kaagahanawa
    elakiri oun ge site copy karanawa kiyala :)
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචංස්ලා, මම දැනට පාවිච්චි කරන්නේ "සියබස්" අඩවියේ දෙන යුනිකෝඩ් එක. ඒකෙ ෆොන්ට් එක මාරු කරන්න මම දන්නෙ නෑ... ඉතින් කොහොමද මේ ෆොන්ට් එක දාගන්නේ??
    උදවුවක් කරනවද???