මේ ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මචන්ලා, මේ මගේ බව්වා. මෙන්න මේකයි ස්ටොරි එක. උබලා එක්ක ඉතින් ගොඩක් දෙවල් ශ්යා කර ගන්නවානෙ. ඉටත් ලගදි බලපු මේ ෆිල්ම්
A dog's purpose 2017 /
A dogs journey 2019 2ක බොක්කටම වැදුනා. එක තමයි ගොඩක්ම ත්රේඩ් එකක් දාන්න හිතුනේ.
View attachment 89121
මේ ඉන්නෙ අපේ බව්වා. දැන් අව්රුදු 8ක් වෙනවා. මම මෙයව ගෙනාවේ 3විල් එකකට ඇක්සිඩෙන්ට් වෙලා කකුල කැඩිලා පාරෙ වැටිලා ඉන්නකොට. ගෙනකොට මාස 6-8ක් වගෙ ඇති. මේ වල් බල්ලෙක්, එත් එදා දැක්ක ගමන් මට ආදරයක් අනුකම්පාවක් හිතුනා. කවුරුත් ලගට ගියේ නැ එත් මට මෙ බල්ලාව දැක්කාම කාර් එකෙන් බැහැලා ගිහින් බලන්නම හිතුතා බන් . කාරෙකෙ දාගෙන එ වෙලෙම අරගෙන ගිහින් කකුලට බෙහෙත් දාල ගෙදර අරගෙන අවා. wife ත් කැමති උනා තියා ගන්න. මාස 2කට වැඩි කාලයක් බෙහෙත් කරා. සල්ලිත් ගොඩාක් වියදම් උනා මොකද කකුල 3කට කැඩිලා තිබුනෙ X-ray ගත්තා 3ක්ම..
ඉතින් ඔහොම යනකොට අපි දෙන්නාට බල්ලා පට්ට ආදරෙ උනා. අපිත් එහෙමයි. එතකොට අපි දෙන්නා විතරයි ගෙදර හිටියෙ. මගෙ දුවත් ඉපදිලා නැ.
විසෙ ඉවරයක් නැ. සෙරෙප්පු සපත්තු 10ක් විතර ඉවර කරා. කෙට්ටුවට හිටපු ඇට පැදිලා හිටපු එකා ටිකෙන් ටික මහත් උනා wifeට පින්සිද්ද වෙන්න. සමහර වෙලාවට මට වඩා හොදට කන්න හදනවා බල්ලාට. සිරා බන්.
කාලේ ගෙවිලා ගියා සතුටින්. පලවෙනි අවුරුද්දෙම වැඩ පෙන්නුවා. කොහොමද දන්නවද? 3විල් එලවන කොල්ලෙක්ගෙ කකුල කැවා. අඩි 6ක් විතර උස තප්පෙන් පැනලා යනවා ජරා කරන්න. එ ගිහින් එන අතුර තුර. කවදාවත් ගෙදර වත්තෙ ජරා කරන්නෙ නැ. කොහොම හරි පරන ගෙදර ඉදලා අලුත් ගෙදරට එන්න කලින් 3 දෙනෙක් කෑවා. එක කොල්ලෙක් අපෙ බල්ලාත් එක්ක පට්ට තරහයි. නිතරම බුරාගෙන යනවා කන්න මම හිතන්නෙ උ අපෙ බල්ලාට ගහලා තියෙනවා. ගෙට් එක තියෙන නිසා එලියට යන්නෙ නැ. අපි ඉන්න කොට කොහොමත් එලියට යන්නෙ නැ.
කොහොම හරි මු එක දවසක් ගලකින් ගහලා එ තරහට තාප්පෙන් පැනලා ගිහින් කැවා අපි ගෙදර ඉන්න වෙලාවක. උ පොලිසි ගියාත් එක්ක. CCTV වල සින් එක හොදට තියෙනවා උ ගලකින් ගහන එක. එ නිසා පොලිස් සින් එක අස්කර ගත්තා උන්. 3 වෙනියා උනෙ අපෙ අනවසරයෙන් ගෙට් එක ඇරගෙන අතුලට එන්න අපු සල්ලි එකතු කරන්න අපු එකෙක්. මෙ 3දෙනාටම හොස්පිටල් එකට එක්කගෙන ගිහින් බෙහෙත් දාලා. අයෙත් පිට ගැස්මට බෙහෙත් විදින්න වෙන නිසා 2500/- ගානෙ අතට දිලා තමයි ඉවර කරෙ. මෙම වෙලාවට වැක්සින් කරනවා අපෙ බව්වා එ නිසා හොස්පිටල් වලදි අව්ලක් නැ. පිට ගැස්මට විතරයි බෙහෙත් විදින්නෙ.
එ වගෙම අපේ පරන ගෙදර පැත්තෙ හරියට හොරු. අපෙ ගෙදරට දෙපැත්තෙම ගෙවල් කැඩුවා. ලග ගෙවල් ගොඩාකට හොරු පැන්නා අපෙ ගෙ තමයි පරිස්සම් උනෙ එ මොකවත් නිසා නෙවෙයි අපෙ බව්වා නිසා. උන් උනත් දන්නවා අති බව්වාගෙ තරම එ තරමට අපෙ බව්වා ෆෙමස් උනා.
අපි ඉතින් අලුත් ගෙදර වැඩ ඉවර කරලා ආවා. මගෙ දුවත් ඉපදුනා. අලුත් ගෙදරට අපු දවසෙම මෙ පැත්තෙ ඉන්න බල්ලොන් ට නම් පට්ට අපලයි. 5කට වඩා දාගෙන කැවා. එකෙක් එන්නෙ නැ අපෙ ගෙ පැත්තෙ. ගියත් පාරෙ එහා කොනට වෙලා දුවනවා නිකන් මරන්න එනවා වගෙ. එ වෙලාවට ගෙට් එකෙ ගිල් ටික ඉවරයි. හපනවා දාගේන. දැන් බොක්ස් බාර් එකෙත් ගෙවිලා වගෙ. මිනිහගෙ තරම දන්න නිසා මම තප්පෙ ටිකක් උසට බැන්නා අලුත් ගෙදර.
මෙ බල්ලා ගැන කියන්න දෙයක් නැ මචන්ලා. පට්ට කිකරුයි. මගෙ දුව ගර්ඩ්න් එකෙ ඉන්නකොට ලගින් හෙලවෙන්නෙ නැ. මාර විදියට පරිස්සම් කරනවා බන්. අපට හිතා ගන්නවත් බැ. ඔය උඩ තියෙන එකත් දුව ගර්ඩෙර්න් එකෙ ඉන්න කොට ගහපු එකක්. බලපන් බලාගෙන ඉන්න හැටි. මෙ එකක් වත් මම කියලා දිලා නෙවෙයි බන්. මම පාරෙ walk එකට ගෙනියන කොට කවදාවත් අදින්නෙ නැ. මාර කාම්. එත්කොට කටවත් පනිනෙත් නැ ගොරවන්නෙත් නැ. හෑබයි මම ඇටාක්/උසි කිව්වොත්, මවත් පෙරල ගෙන ඇදගෙන යනවා.
German Shepherd / Rotලාට ඇටාක් කරන්න යනවා ගෙමක් නැතුව. අල්ලපු ගෙදර ඉන්නෙ German Shepard එකෙක්. එ බල්ලාත් පොඩි ලමයින්ට ආදරෙයි. මගෙ දුවගෙ වොයිස් එක අහුනොත් එනවා බලන්න තාප්පෙ ගාවට. ගිය ජනවාරි මාසෙ උ තාප්පෙට කකුල තියාගෙන අපෙ පැත්තට හොම්බ දා ගෙන බුර බුර හිටියා. අපෙ බව්වා දුවලා ගිහින් තාප්පෙට පැනලා අරුගෙ හොම්බ්න් අල්ලාගෙන ඇදලා ඇදලා දා ගත්තා අපෙ වත්තට. තාප්පෙ අඩි 7.5 විතර උසයි. දාගෙන කැවා. අරුගෙ හොම්බ හොදටම තුවාල වෙලා පිට / බෙල්ලෙ යට තුවාල වෙලා හොදටම. කොහොම ඇදලා ගත්තාද මන්දා... German Shepherd අපෙ බව්වා වගෙ 2ගුනයක් වගෙ සයිස් ඇති. CCTV vid එකෙන් capture කරපු ෆොටො ටිකක් මේ. අන්තිමට වතුර ගහලා බේරාගත්තෙ.
View attachment 89125 View attachment 89126 View attachment 89127 View attachment 89128 View attachment 89129 View attachment 89130
මේ vid එක දැකලා පොලිසියට බදව ගන්න ඇහුවා මගෙන් අපේ නෑ කෙනෙක් ගෙ යාලුවෙක්. රට වෙනුවෙන් මමයි මගෙ wife ත් කැමති උනාත් මගෙ චුටි දුව කමති උනෙ නැ. එ නිසා එක එහෙම්මම නැවත්තුවා.
ඉතින් ඔන්න ඔක තමයි ස්ටොරි එක මචන්. මම ඉන්ටර්නෙට් use කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 16ක් වෙනවා. මෙ බල්ලා වෙනුවෙන් මම අකුරු පෙලියක් ලිව්වෙ නැත්තම් මම තනි කුහකයෙක් වෙනවා. තව දෙයක් කොටියක් වියදම් කරලා හොද ජාතියෙ බල්ලෙක් බල්ලෙක් ගත්තාත් මට මේ වගෙ බල්ලෙක් නම් කවදාවත් හොයා ගන්න වෙන්නෙ නම් නැ.
අද වෙනකන් මෙ බව්වාට උබ/පලයන් කියලා කතා කරලා නැ මොකද මෙයාට අපි හැමොම ගොඩක් ආදරෙ කරනවා ගොඩක්. උබලාත් සත්තුන්ට ගොඩාක් ආදරෙ කරපල්ලා මචන්ලා. එතකොට උන් අපට පන උනත් දෙනවා.
උබලා මෙයව බලන්න එනවා නම් අනිවා යොගර්ට් එකක් අරගෙන වරෙන්, යොගර්ට් තමයි මෙයා කන්න අසාම.
සමහර විට යාලු කරගන්න පුලුවන් වෙවි.
RLT4U @ Elakiri.com