මෙලෝ රහක් නැති පින්නවල සත්වෝද්‍යානය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මෙලෝ රහක් නැති පින්නවල සත්වෝද්‍යානය

    තකහනියක්ම ගිය පින්නවල අලුත් සත්වෝද්‍යානය බලන්න. අයියෝ සල්ලි. මුවන් ටිකකුයි, කොටි ටිකකුයි ඉන්නවා මුළු සත්තුවත්තටම. උන් ටික බලන්න ඔකටම යන එක තේරුමක් නැහැ. මම හිතුවේ දෙහිවල ඉඩ මදි නිසා එතනට ගෙනයනවා කියල.

    එකේ අදහස හොදයි. සත්තුන්ට ඉඩකඩ තියෙනවා. එත් expand කරන්න තව ඉඩ තියෙනවද? මෙන්න මේකේ fb page එකේ photo ටිකක් තියෙනවා.


    https://www.facebook.com/PinnawalaOpenAirZoo
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    copyright

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2056/2015/05/pinnawala-zoo-problm

    පින්නවල සත්ත්වෝද්‍යානය නැරඹීමට නරඹන්නෙකුගෙන් රුපියල් සියයක ගාස්තුවක් අය කළද ප්‍රමාණවත් සතුන් සංඛ්‍යාවක් එහි නරඹන්නට නැතැයි සත්ත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයෝ පවසති.

    මෑතකදී විවෘත කෙරුණු මෙම සත්ත්වෝද්‍යානයේ මුවන් කිහිප දෙනෙකු,කොටින් තිදෙනෙකු, අලි දෙදෙනෙකු,පෝනියෙකු ඇතුළුව සත්ත්ව වර්ග කිහිපයකට අයත් සතුන් කිහිප දෙනෙකු පමණක් සිටින බව ඔවුහු පවසති.

    පසුගිය රජය සමයේදී ඉදිකිරීම් ඇරඹි මෙම සත්ත්වෝද්‍යානය නව රජය විසින් විවෘත කළද මෙහි නරඹන්නන්ගෙන් අයකරනු ලබන ගාස්තුවට සරිලන සතුන් දැකබලා ගැනීමට නොමැති වීමෙන් දෙස්විදෙස් සංචාරකයන් දැඩි දෝෂ දර්ශන කරන අයුරු ද දැකගත හැකි විය.

    මෙම සත්ත්වෝද්‍යානයට ප්‍රමාණවත් සතුන් ප්‍රමාණයක් ඇතුළු කළ පසු විවෘත කළ යුතුව තිබූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ බොහෝ සංචාරකයන්ගේ මතයයි.

    සතුන් කිහිප දෙනෙකු නැරඹීමට රුපියල් සියයක් අයකිරීම සාධාරණ නොවන බවත්, සතුන් ඇතුළත් කරන තුරු එම මුදල සංශෝධනය කරන ලෙස හෝ මුදලක් අය නොකරන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    එමෙන්ම කඩිනමින් දෙහිවල සතුන් වත්තේ සිරවී සිටින සත්ත්ව විශේෂ ගෙන්වාගෙන හෝ විදේශීය සත්ත්ව විශේෂ ගෙන්වා හෝ සත්ත්වෝද්‍යානයකට ගැලපෙන තත්ත්වයක් ඇතිකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේකට ඇතුලුවුනේ බොහොම සන්තෝසෙන්. පිටරට නවීන සත්වොද්යනයක ලක්ෂණ පටන්ගන්නකොට තිබ්බ. ඇතුලුවුනේ එක්කෙනෙක්ගෙන් 100. මිනිස්සු බැන බැන යනවා. විහිළුවක්

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    සහතික ඇත්ත බන් ,,
    ඕක පටන් ගත්තු දවස්වල නම් කිව්වේ දෙහිවල එක මෙතනට අනුයුක්ත කරන්නයි හදන්නේ කියලා
    අනේ මන්දා බන් තවත් සුදු අලියෙක් වගෙයි ...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :(
    සහතික ඇත්ත බන් ,,
    ඕක පටන් ගත්තු දවස්වල නම් කිව්වේ දෙහිවල එක මෙතනට අනුයුක්ත කරන්නයි හදන්නේ කියලා
    අනේ මන්දා බන් තවත් සුදු අලියෙක් වගෙයි ...

    Maha loku idakadakuth penna naha. Okkoma saththu danna ida naha
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අරක විගබඩාවක් කරා මේක හරක් පට්ටි ගහන්නවත් යොදා ගමු.
    (දෙගොල්ලන්ටම පිස්සු)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,236
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අපිත් ගියා සහො..

    අන්තිමට කරෙ කොටියගෙ ගුහව ට යන එකෙ තිබුන AC එක ලහ පොඩි නින්දක් දාලා ගෙදර එන ගමන් වෙලාව ඉතුරු නිසා ෆිල්ම් එකකුත් බැලුවා.

    අපරදෙ බන්...ට්‍රිප් එක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,723
    113
    අරක විගබඩාවක් කරා මේක හරක් පට්ටි ගහන්නවත් යොදා ගමු.
    (දෙගොල්ලන්ටම පිස්සු)

    වී ගබඩා කරේ පාවිච්චියට ගන්නේ නැති ගබඩා කාමර විතරයි.ඒකෙන් එයාර්පෝර්ට් එකට හානියක් වෙන්නේ නෑ..
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    කිසිම සත්වෝද්යානයක් පට්ට නැත. සේරගෙම කරන්නෙ නිදහසේ ඉන්න ඕනෙ සත්තුන්ව හිරකරල ඒක දිහා බලල සතුටු වෙන මිනිස්සුන්ගෙ සතුටට මුදලක් අය කරන එක.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අපිත් ගියා සහො..

    අන්තිමට කරෙ කොටියගෙ ගුහව ට යන එකෙ තිබුන AC එක ලහ පොඩි නින්දක් දාලා ගෙදර එන ගමන් වෙලාව ඉතුරු නිසා ෆිල්ම් එකකුත් බැලුවා.

    අපරදෙ බන්...ට්‍රිප් එක

    අපිටත් ඔය සෙතේ තමයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    gohinna.. uba kiyan widiyata yanda oni na wage

    එකටම යන්න එක තේරුමක් නැහැ. වෙන ගමනක් යන ගමන් කම්මැලි හිතුනොත් ගියාට කමක් නැහැ. එත් ගාන වැඩියි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කිසිම සත්වෝද්යානයක් පට්ට නැත. සේරගෙම කරන්නෙ නිදහසේ ඉන්න ඕනෙ සත්තුන්ව හිරකරල ඒක දිහා බලල සතුටු වෙන මිනිස්සුන්ගෙ සතුටට මුදලක් අය කරන එක.

    එක ඇත්ත. එත් සත්වොද්යන් කියන ඒවා හැම රටකම තියෙනවා. කලයුත්තේ උන්ට පුළුවන් තරම් නිදහස් විදියට ඉන්න සලසා දීම. දෙහිවලනම් ඉඩ මදි