මෙහම මිනිස්සු තාම ඉන්නවා
අපි ලඟදි ලෝකාන්තේ ගියා.. ගිහිල්ලා එනකොට හැන්දෑව උනා.. අපි ආවේ නානුඔය පැත්තෙන්, නානුඔය පාස් කරලා එද්දි එකපාරටම අපේ වෑන් එකේ බ්රේක් බින්දුවක්වත් නැති උනා.. පස්සෙ හෑන්ඩ් බ්රේක් ගහලා අයින් කරලා නැවැත්තුවා.. එතකොට වෙලාව ඇති හැන්දෑවේ 7.30ට වගේ, පල්ලමත් එක්ක, පලාතකවත් ගෙයක් කඩයක් නැහැ.. ත්‍රීවීල් වලට අත දැම්මා බාස් කෙනෙක්ව හොයාගන්න, ඒත් නැවැත්තුවේ නැහැ.. පස්සේ පාරෙ ගියපු කෙනෙක් වෙන බාස් කෙනෙක්ගේ නම්බර් එකක් දුන්නා, එයත් එන්න විදියක් නැහැ කිව්වා.. මාර විදියට අනාත උනා..
මේ අතරේ වෑන් එකේ ඩ්‍රයිවර් ගියා ත්‍රීවීල් එකක් අල්ලගෙන බාස් කෙනෙක් එක්කන් එන්න, බාස් කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා, ඌ කියනවලු උදේ වෙනකම් එන්න බැහැ, ඕක ලොකු සීන් එකක්, අනංමනං කියලා, ඌ බාස්ගේ ගෙදර ඉඳගෙන අපිට කෝල් කරලා විස්තරේ කිව්වා.. ඌ තව පහලට යනවා කිව්වා බාස් කෙනෙක් හොයන්න,
වෑන් එකේ ගෑනු අය පොඩි අය එහෙමත් ඉන්නවා, ලඟ පාතක කවුරුත් නැහැ, මාර අනාත විල්ලක් අනාත උනේ, ඔහොම ඔහොම 8.45 විතර උනා, ඩ්‍රයිවර්ට කවුරුත් සෙට් වෙලත් නැහැ,
මේ වෙලාවේ මමයි යාලුවෙකුයි වෑන් එක ගාව පාර අයිනේ හිටියා, එක පාරටම ත්‍රී වීල් එකක් ඇවිල්ලා නැවැත්තුවා, තරුණ කොල්ලෝ දෙන්නෙක් හිටියේ ත්‍රීවීල් එකේ,බහින්නේ නැතුවම එයාලා අපෙන් ඇහුවා වාහනේ කැඩිලද කියලා, අපි විස්තරේ කිව්වා, ත්‍රීවීල් එක එලවපු කෙනා අනිත් කෙනාට කිව්වා පොඩ්ඩක් බලපන් කියලා, පොර පට් ගාලා වාගනේ යට රිංගලා, ටෝච් ගහලා, රෝදෙ එහේ මෙහේ කරකවලා කිව්වා, ඩ්‍රයිවින් පැත්තේ රෝදෙ ගාව බ්රේක් හෝස් එකක් පුපුරලා, ඒකෙන් ලීක් වෙලා බ්රේක් ඔයිල් ගිහිල්ලා කියලා,
මම සීතල උනා, මොකද මම දන්නවා මේ වෙලාවේ හෝස් ගන්න, ගහන්න බැහැ කියලා කීයටවත්, මම ඇහුවා මොනවා හරි කරන් පුළුවන් දෙයක් තියෙනවද කියලා, එයාලා ඇහුවා බ්රේක් ඔයිල් තියෙද කියලා, එත් නැහැ, පස්සේ එයාලා කතා කරා නානුඔය ශෙඩ් එකට ගිහිල්ලා ඔයිල් ගේන්න, ඒ වීල් එකෙන්ම ගිහිල්ලා අපි ඔයිල් ගෙනාවා, එයා ශෙඩ් එකෙන් පොඩි යකඩ ඇනේකුත් ඉල්ල ගත්තා මම දැක්කා,
කොහොම හරි අපි ඇවිල්ලා ඒ දෙන්නා කඩියෝ වගේ වැඩ, යට රිංගනවා, බ්රේක් පැඩල් කරනවා, පට්ට වැඩ, ඔය අතරේ අපි කෝල් කරලා ඩ්‍රයිවර් ගෙන්න ගත්තා, කොහොම හරි විනාඩි20ක් පැය බාගයක් යද්දි වැඩේ ඉවර කරලා ටෙස්ට් රන් එකකුත් ගියා ඩ්‍රයිවර් එක්ක,
ඊට පස්සේ ඇවිල්ලා එයාලා යන් හදනවා, පස්සේ අපි නවත්තගෙන ගානක් ඇහුවා, කියන්නේ නැහැ, නානුඔයට හයර් එකෙකුත් ගියානේ ඒ වීල් එකේ, කොහොම හරි හයර් එක රු.200, තව රු.1000කුයි දුන්නා,
ඊට පස්සේ ඒගොල්ලොත් යන්නේ තලවාකැලේ පැත්තට අපේ වෑන් එක පස්සෙන්ම තලවාකැලේටම ආවා, තලවාකැලේදි අපි ඉන්නේ මෙතන කියලා අපිට ඉන්න තැනත් පෙන්නලා ඩ්රයිවර්ගෙන් අවුලක් නැහැ නේද කියලා අහලා එයාලා නැවතුනා, අපි නොසෑහෙන්න ස්තුති කරා,
ඔන්න ඕක තමයි උනේ,
මට හිතාගනන් බැරි දක්ෂතාවයක් ඒ අයට තිබ්බේ, හරියට ටූල් එකක්වත් නැතුව, පාර අයිනේ ඉඳගෙන මෙහෙම ඉක්මනට මේ වගේ දෙයක් හදනවා කියන එක මට නම් විශ්වකර්ම වැඩක්, අපි අනාත වෙලා හිටපු විදියට ඒ ගොල්ලෝ අපිට කරපු දේට කියන්න වචන නැහැ, ආ කියන්න බැරි උනා එයා කරේ අර යකඩ ඇනේට නූලක් ඔතලා බ්රේක් හෝස් එකට හිර කරලා අනිත් රෝද වල බ්රේක් හුලං ඇරලා තමයි කරේ, කොහොම හරි අපි කොලඹට එනකම්ම ආවා කිසිම ප්‍රශ්නයක් නැතුව,
මම ඊයේ හිතාගත්ත දෙයක් තමයි ආයේ කවදක හරි පාරකදි වාහනයක් කැඩිලා හරි, මොනවාහරි දෙයක් වෙලා උදව් ඕන උනොත් මම දෙපාරක් නොහිතා ලුළුවන් හැම උදව්වක්ම කරනවා..
ඔයාලගෙනුත් ඉල්ලන්නේ මොන වෙලාවක හරි කවුරුහරි උදව්වක් අවශ්‍යයි කියලා තේරුනොත් වෙලාව බලන්නේ නැතුව උදව් කරන්න..
මම ආයෙත් කියනවා ඒ තරුණයන් දෙන්නට ඔයාලට බොහොම පිං..
ඔයාලා වගේ දරුවෝ හදපු අම්මලා තාත්තලටත් පිං,
තව කියන්න ඕන එක ලමයෙක් දෙමල, එයාගේ නම යෝගා, අනිත් කෙනා සමීර, දෙන්නම ඉන්නේ තලවාකැලේ..
බොහොම පිං මචං..
උඹලට වරදින්නේ නෑ..

oya wage anatha unama bassla hoya ganna nethi unama kuttiya galawana un inne bn..
unge phone number ekak wath thiye nam reload ekak wath daapan .. (ubalage passen awa kiyanne ubatala phone num 1 denna athi samahara wita )