මේකට නමක් නෑ....

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    elzzz ikmanata ithuru tika oneeee....

    Niyamai bn ituru tikat ikmanatama daapan

    9+ digatama liyamu.


    liynna diuga\ta\ma\

    Loweth na.


    ohoma yamu machan...

    Ado iwaraida ban kathawa? Kiyawan yanna aasai bn uba liyala thiyena widiyta patta machoo

    අන්න හරි මචන්
    මම තව හොයලා බැලුවා මචන් ඉම්ග්‍රේෂන් එකේ යසස් කියලා කොල්ලෙකුත් වැඩ කරන්නෙ නැහැලු :D:rofl::P
    පොඩි පොඩි ඩීටේල්ස් නොහිතා කතාව කියෝපන් මචන් ;)



    අඩෝ පට්ට බන්.... මාර අසාවකින් කියෙව්වේ...
    මේක ඇත්ත සිද්දියක්ද... එහෙම නෙවේනන් තව ඉස්සරහට දාහන්.... රෙප්:)
    මම හිතන්නේ නුවනිත් කැමත්තෙන් ඉන්නැති...:sorry:

    Lassanai digatama liyapan macho

    එල එල


    Thank you machan okkolatama. Kathawa iwara na. Ada anthima kotasa ra 9ta kalin danawa. Balamu mokada wenne kiyala :) :)

    Pulu puluwan ayata rep dunna machanla
     
    • Like
    Reactions: Aruna119

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    පට්ට කතාව ෆිල්ම් එකක් බලනවා වගේ මැවිලා පේන විදියට ලියලා තියනවා මරු :yes::yes::yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    දෙවියනේ[FONT=Iskoola Pota, serif]...! [/FONT]මට ආයෙ සැරයක් කියවුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම පහුගිය අවුරුදු ගාන තිස්සෙම අමතක කරන්න හදපු ඒ රූපය[FONT=Iskoola Pota, serif]... [/FONT]ආයෙත් මගෙ ඉස්සරහ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතාගන්න විනාඩි කිහිපයක් ගියා[FONT=Iskoola Pota, serif].[/FONT]

    නුවණි ගේ ලොකු වෙනසක් පහුගිය කාලෙට වෙලා තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එකපාර අඳුනගන්න බැරිවුනේ අන්තිම පාරට අපි හම්බවෙනකොට දිගට වවලා තිබුණ කොණ්ඩය මේ වෙනකොට එයා කොටවෙන්න කපලා හිටපු නිසයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එදා දැකපු කෙළිලොල් ගතිය වෙනුවට අත්දැකීම් නිසා මුහුකුරා ගියපු පෙනුමක් එයාගේ මුහුණෙන් පෙනුනා[FONT=Iskoola Pota, serif].

    [/FONT] මම වගේම නුවණිත් මෙතනදී එකිනෙකා හම්බවෙන්න කොහොමවත් බලාපොරොත්තු වුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක පැහැදිලිව එයාගේ මූණෙනුත් පෙනුනා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සාරංග ඔයා[FONT=Iskoola Pota, serif]? “ [/FONT]නුවණිගේ අත්දෙක එයාටත් නොදැනිම කට ගාවට ගියේ පුදුමය නවත්තගන්න බැරුව[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ඔක්කොම අස්සේ රෙබෙකා සිද්ධ වුන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බල බලා හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]රෙබෙකා අපි දෙන්නගේ හැසිරීම දැකලා අන්ද මන්ද වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif].

    [/FONT] විනාඩි කීපයක් ගතවෙලා ගියත් දෙන්නගෙන් කවුරුවත් කතාවක් පටන් ගත්තේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තම කිවුවොත් මට කතාකරන්න උවමනාව තිබුණත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මම හිටියේ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “චමත්කාර[FONT=Iskoola Pota, serif], [/FONT]ඔයාලා දෙන්නා මීට කලින් අඳුනනවද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අන්තිමට රෙබෙකාම ප්‍රශ්නයක් ඇහුවා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “රෙබෙකා[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ මගේ හොඳම යාලුවෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නා මේ හම්බවෙන්නේ සෑහෙන අවුරුදු ගාණකට පස්සේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තරහා නැතුව අපි දෙන්නට පොඩ්ඩක් කතා කරන්න ඉඩදෙන්න පුලුවන්ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අන්තිමට කතාකරගන්න පුලුවන් වුන ගමන් මම කිවුවා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “නෝ ප්‍රොබ්ලම්[FONT=Iskoola Pota, serif]. [/FONT]යූ ගයිස් කීප් ටෝකින්“ එහෙම කිවුව රෙබෙකා මටත් ඔලුව වනාගෙන මීටින් රූම් එකෙන් එළියට ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]රෙබෙකා එළියට යනකම් බලාගෙන හිටිය මම ආපහු නුවණි දිහාවට හැරුණා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]... [/FONT]මෙච්චර කාලෙකට පස්සේ[FONT=Iskoola Pota, serif]? “ [/FONT]මටත් කලින් නුවණි කතාව පටන්ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට තාමත් හිතාගන්න බැහැ මම කතාව කොහෙන් පටන් ගන්න ඕනෙද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]

    මම නුවණි ඉස්සරහ තිබුණ පුටුවේ වාඩිවුනේ හිටගෙන හිටපු එයාටත් ඉඳගන්න කියලා කියන අතින් කියන ගමන්
    [FONT=Iskoola Pota, serif]. [/FONT]සෑහෙන කාලයක් මගේ කර ගන්න පෙරුම් පුරලා මට අහිමි වුන[FONT=Iskoola Pota, serif], [/FONT]කාලයක් තිස්සේ ඒ හින්දම දුක් විඳපු ඒ පුද්ගලයා ආයෙමත් මගේ ඉස්සරහ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]... [/FONT]ඇයි ඔයා නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නැත්තේ[FONT=Iskoola Pota, serif]? [/FONT]එච්චර ඉක්මණට අපේ යාලුකම අමතක වුනාද[FONT=Iskoola Pota, serif]? “ [/FONT]නුවණිගෙන් ප්‍රශ්න පත්තරයක් මට එල්ලවෙමින් තිබ්බා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට මම කතා කලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔයාට කොහොමද නුවණි[FONT=Iskoola Pota, serif]? [/FONT]සන්තෝසෙන් ඉන්නවද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]නුවණි කොච්චර කතා කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ ඒ එකම ප්‍රශ්නෙන් එයා ගොලුවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාටත් නොදැණිම එයාගේ ඇස්වලට කඳුලු පිරෙනවා මම බලාගෙන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක මට නොපෙනෙන්න එයා ඔලුව බිමට හරවගත්තා[FONT=Iskoola Pota, serif].

    [/FONT] අපි අතරෙ කතා බහක් නැතුව තවත් විනාඩි කිහිපයක් ගෙවිලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඒ නිහඬතාවය දරාගන්න බැරි තරම් තත්වයක් ඇතිවෙලා තිබුණේ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “නුවණි[FONT=Iskoola Pota, serif], [/FONT]මොකද මේ හදිස්සියේ ඔයා වෙනස්වුනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකක් හරි ප්‍රශ්නයක්ද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “ප්‍රශ්නයක් දැන්නම් නෑ සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ප්‍රශ්නයක් ඇතිවුන කාලෙදි මාත් එක්ක ඉන්න ඕනේ මගේ හොඳම යාලුවත් මාත් එක්ක හිටියේ නෑනේ[FONT=Iskoola Pota, serif]....“

    [/FONT]නුවණි හීන් ඉකිබිඳුමක් එක්ක කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කතාවෙන් මාව කරකවලා අත ඇරියා වගේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මොකක්ද මෙයා කියන්න හදන්නේ[FONT=Iskoola Pota, serif]?

    [/FONT] “මේ බලන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉස්සරත් කැමති නෑ ප්‍රශ්නයක් තියෙනවානම් වහෙන් ඔරෝ කතා කරනවට[FONT=Iskoola Pota, serif]. [/FONT]කියන දෙයක් පැහැදිලිව කියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට කතාකරලා ප්‍රශ්නයක් තියෙනවානම් විසඳගන්න බැරිතරම් නොමේරූ මිනිස්සු නෙවේනේ[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] අන්තිමට නුවණි ඔලුව ඉස්සුවේ බෑග් එකින් ගත්ත ලේන්සුවකින් කඳුලු පිහිදන ගමන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඇස් රතුවෙලා තිබුණා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔයා හුඟක් වෙනස් වෙලා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම සැරේ ඔයාව දකිනවට වඩා ඔයා හුඟක් දියුණු වෙලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු තැනකට ඇවිත්[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඇත්තටම සතුටුයි ඒක ගැන“ කඳුලු අතරින් හිනාවෙන ගමන් නුවණි කිවුවා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒක ගැන අපි පස්සේ නිවිහැනහිල්ලේ කතාකරමුකෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif], [/FONT]මොකක්ද ඔයා ඉස්සෙල්ලා කියන්න ගියේ කියලා කියන්න[FONT=Iskoola Pota, serif].“ [/FONT]මට මෙයාගේ ඔලුවට වද දෙන ප්‍රශ්නේ මොකක්ද කියලයි දැනගන්න ඕනේ වුනේ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ප්‍රශ්න ගොඩක් වුනා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම සැරේට ඔයාව එදා හම්බවුනාට පස්සේ මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ලෝකේ කියන්නේ සුන්දර තැනක් නෙවෙයි කියලා මට පේන්න ගත්තේ කවදාවත් හිතපු නැති ප්‍රශ්න ගොඩක් එකක් පස්සේ එකක් එන්න ගන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කරදර වලදී මාත් එක්ක හිටපු යාලුවොත් අහක බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අඩුම ගානේ ඔයාවත් හිටියේ නෑ නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාට වැරෑද්දක් කියනවා නෙවෙයි සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ දවස් වල ඔයා වගේ යාලුවෙක් මාත් එක්ක හිටියනම් කියලා තනියම හිතපු වෙලාවල් අනන්තවත් තිබුණා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] කතාව නවත්තලා නුවණි ආයෙත් මං දිහා බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙයියනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ඇස් තාමත් වෙනස් වෙලා නෑ නේද කියලා මට තේරුණේ එතකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මං වැඩිපුර වෙලාවක් ඒ දිහා බලන් හිටියද මන්දා කියලා හිතුනේ එයා ආයෙත් එකපාරට බිම බලාගන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම පුටුවේ ඉස්සරහට ඇවිත් අවධානයෙන් එයා දිහා බලාගෙන හිටියේ කතාවේ ඉතුරු ටිකත් අහගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවණිව හදිස්සි කරන්න උවමනාවක් තිබුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ඕනේ තරම් වෙලාව තිබුණා එදා වගේම අදත් එයා වෙනුවෙන් වෙන් කරන්න[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔයාට මතකද සාරංග ඔයා ලංකාවෙන් යන්න යනකොට මම වෙඩින් එකට ලෑස්ති වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයාටත් මම ඉන්වයිට් කරනවා කියලා කිවුවා[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] මම ඔලුව වැනුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා අන්තිමට අපි දෙන්නා කොටුව ස්ටේෂන් එකේ හම්බවුන වෙලාව තත්පරයක් අඩු නැතුව මගේ මතකයේ රෑඳිලා තිබුණා[FONT=Iskoola Pota, serif].[/FONT]
    ඒ වෙඩින් එක කවදාවත් සිද්ධ වුනේ නැහැ සාරංග“ නුවණි හෙමීට කිවුවේ මගේ ඔලුවට පොල්ලකින් ගහන්නා වගේ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මොකක්[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයා විහිලු කරනවද[FONT=Iskoola Pota, serif]? [/FONT]එදා අපි දෙන්නා අන්තිමට හම්බවෙනකොට ඔයා කාඩ්ස් බෙදන්නත් එක්ක ලෑස්තිවෙලා නේද හිටියේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ මොකක්ද ඔයා කියන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මට පුදුමය නවත්තගන්න බැරි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙයා මාත් එක්ක විහිලු කරනවද කියලා මට හිතුනා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔයා කිවුව හැමදේම ඇත්ත සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]මමත් ජීවිතේ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මම විතරක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ ගෙදර අම්මා[FONT=Iskoola Pota, serif], [/FONT]තාත්තා මේ හැමෝම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]....“

    [/FONT] “දෙයියන්ගෙ නාමෙන් මොකද වුනේ කියන්න[FONT=Iskoola Pota, serif]....“ [/FONT]එයාව හදිස්සි කරන්න උවමනාවක් නැතිවුනත් මගේ කුතුහලය මටත් නොදැනිම වචන පිටකරා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ඔක්කොම දේවල් විනාස වෙන්න ගියේ බොහොම පොඩි වෙලාවක් සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස් කියන්නේ අමුම අමු බොරු කාරයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මනුස්සයා මීට කලින් කසාද බැඳපු මිනිහෙක්[FONT=Iskoola Pota, serif]....“ [/FONT]නුවණි ආයෙත් ඉකිබිඳින්න ගත්තා[FONT=Iskoola Pota, serif].

    [/FONT] මේ ලෝකේ හැමදෙයක්ම එකපාරට නැවතුනා වගේ කියලා මට දැනුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ටීවී එකේ යන කතාවලින් මෙහෙම දේවල් අනන්තවත් දැකලා තිබුණට[FONT=Iskoola Pota, serif], [/FONT]ඇත්ත ජීවිතේ මේ වගේ දෙයක් වෙනකොට ඇතිවන හැඟීම කාටවත් පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒත් දෙයියනේ ඔයාලා මේවා දැනගන්න මෙච්චර කාලයක් ගතවුනේ ඇයි[FONT=Iskoola Pota, serif]? [/FONT]ඔයාලට දුරින් නෑදෑ වෙනවා කිවුවා නේද යසස්ව[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “ඒ ගෙදර කට්ටියවත් මේක දැනන් හිටියේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස්ගේ වයිෆ්ට ආරංචි වෙලා මිනිහා ආයෙත් බඳින්න යනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ගෑනු කෙනා අපේ ගෙදර ඇවිත් මහා ලොකු රණ්ඩුවක් පටන් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කිසිම දෙයක් පවුල් දෙකේම කවුරුත් දැනන් හිටියේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ඒ ගෑනු මනුස්සයා යසස්ට විරුද්ධව නඩු දැම්මා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ඔක්කොම සිද්ධ වුනේ වෙඩින් එකට සතියක් වගේ කාලයක් තියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ ජීවිතේ ඔක්කොම උඩ යට පෙරලුනා සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ මුලු පවුලටම උන නින්දාව[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒ ගැන හිතලා තාත්තට ස්ට්‍රෝක් එකක් ඇවිත් පැත්තක් පැරලයිස් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]තාමත් එයාට බෙහෙත් කරනවා[FONT=Iskoola Pota, serif].“ [/FONT]නුවණි එකදිගටම කියාගෙන ගියේ හිතේ ආවේගෙටත් එක්ක නිසා මම කිසිම දෙයක් කියන්නේ නැතුව එයාට හිතුමතේ කතා කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒ වෙනකොට මම ජොබ් එකෙනුත් අස්වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාත්තට වියදම් කරන්න ගිහින් අපි හරි අමාරු තත්වෙකට වැටුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහරගම පුංචිලා නොහිටින්න අපේ පවුලට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාලා දෙවිවරු වගේ මටයි අම්මටයි තාත්තටයි අමාරු කාලේ උදව් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම මේ සිද්ධියෙන් පස්සේ අපි නුවර ගෙදර කුලියට දීලා මහරගම ඇනෙක්ස් එකක් අරන් පදිංචියට ආවා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “ඒ කාලේ මම පුදුම වැටිල්ලක් වැටුනේ සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම මගේ යාලුවෝ කියලා හිතන මිනිස්සු එක එක්කෙනා මාව කොන් කරන්න ගත්තම මට දරාගන්න බැරිවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ආපහු පස්ස හැරිලා බලද්දී ඒ දවස් කොහොම ගත කරාද කියලවත් මට හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]... [/FONT]අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම ඒ වැටුණ වැටිල්ලෙන් නැගිටින්න මම උත්සාහ කරනවා සාරංග[FONT=Iskoola Pota, serif]...“ [/FONT]නුවණි කතාව අවසාන කලේ එහෙම[FONT=Iskoola Pota, serif].

    [/FONT] එයාගෙ ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු පාරවල් දෙකක් තද රතුපාට බ්ලවුස් එකේ බෙල්ල හරියෙ පැල්ලම් හදලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් මේ පාර එයා කඳුලු හංගන්න උත්සාහ කලේ නැහැ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “එතකොට යසස්ට මොකද වුනේ[FONT=Iskoola Pota, serif]....?“

    [/FONT] “එයා අන්තිමට හැමදේම කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]කලින් වයිෆ් ව ඩිවෝස් කරලා මාව බඳින්නම් කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ වගේ දේකට මම කොහොමද එකඟ වෙන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මම කොහොමටවත් කැමති වුනේ නැහැ ඒ මිනිහගේ මූණවත් බලන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාගේ ගෙදරින් පවා අන්තිමට ඒ මනුස්සයාව එලෙව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ආරංචි විදිහට රටින් ගියා කියලා තමා කියන්නේ[FONT=Iskoola Pota, serif]...“

    [/FONT] “පවුලක් තියාගෙනත් මොන එහෙකටද නුවණි ඒ මනුස්සයා ඔයාව බඳින්න කැමති වෙලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මම මගේ හිතේ තියෙන අන්තිම ප්‍රශ්නෙත් ඇහුවා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සල්ලි වලට සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා දන්නවනේ අපේ පවුලේ එකම ළමයා මම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් හැමදෙයක්ම අයිතිවෙන්නේ මට[FONT=Iskoola Pota, serif]. [/FONT]යසස් ඒ දවස් වල ඉඳලා තියෙන්නේ සෑහෙන්න සල්ලි හිඟකමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා හිතුවේ මාව බැඳලා ඒ සල්ලි අතට ගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එයා කවදාවත් හිතුවේ නැහැ ඒවා එළිවෙයි කියලා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] මට වෙලා තියෙන දේවල් හැමදේම පැහැදිලි වෙලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කෙල්ල විඳවපු කාලේ උදව්වටවත් ළඟින් ඉන්න හම්බවුනේ නැති එක ගැන මට ඇතිවුනේ වැරදිකාර හැඟීමක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මම ඒ වෙනකොට ලංකාවෙන් සෑහෙන්න දුරක් ගිහින් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: IsPra

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මගේ හිත ඇතුලේ මේ වෙනකොට ලොකු පෙරලියක් ඇතිවෙමින් තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මුලු ජීවිතේටම මම ආදරය කරපු එකම ගෑණු ළමයා මගෙන් සෑහෙන්න ඇත්වෙලා ගිහින් ආයෙත් අහම්බෙන් වගේ මගේ ජීවිතේට ආයෙත් ඇවිත්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වෙලාවේ කතාකරන්න පුලුවන් කමක් තිබුනොත් සමහර විට මම හැමදාමත් හිතපු විදිහට මෙයාව මගේම කරගන්න පුලුවන් වේවි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම නැතිවුනොත් සමහරවිට ඒ යාලුකම සදයටම නැතිවෙන්නත් ඉඩ තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මෙහෙම කල්පනා කර කර ඉද්දී මගේ ඔලුවට ආවේ මීට අවුරුදු කීපයකට කලින් කොහේදී හරි කියවපු කගේ හරි කියමනක්[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔබ යමක් ඉල්ලන තුරු පිළිතුර හැමවිටම නැත යන්නයි“

    ගියපාරත්[FONT=Iskoola Pota, serif], [/FONT]මට වැරදුනේ හැමදේම ගැන ඕනෙවටත් වඩා හිතන්න ගියපු නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම හිතේ තිබුන උකටලී කම නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා මම තීරණයක් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට තවදුරටත් නැතිවෙන්න දෙයක් තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif].

    [/FONT] “නුවණි[FONT=Iskoola Pota, serif]....“ [/FONT]මම කතා කලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] එයා බොහොම හෙමින් ඔලුව උස්සලා බැලුවේ මම මොකක්ද කියන්න යන්නේ කියලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “පහුගිය කාලේ ඔයාට වුන දේවල් ගැන මට හුඟක් කණගාටුයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊටත් වඩා මට දුකයි ඒ වෙලාවෙදී ඔයා ගාව යාලුවෙක් විදිහට උදව්වට ඉන්න බැරි වුන එකට[FONT=Iskoola Pota, serif]....“

    [/FONT] “ඒත් සාරංග[FONT=Iskoola Pota, serif]....“

    [/FONT] මම අත උස්සලා නුවණිව නැවැත්තුවා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මට කතා කරන්න දෙන්න නුවණි[FONT=Iskoola Pota, serif]. [/FONT]සමහරවිට මම මේ කියන්න යනදේ නිසා ඔයා මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]සමහරවිට මේ කියන්න යන දේ මීට අවුරුදු දෙකකට කලින් ඔයාට කියාගන්න පුලුවන් වුනානම්[FONT=Iskoola Pota, serif], [/FONT]මේ කරදර එකක්වත් ඇති නොවෙන්නත් ඉඩ තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මොනවා වුනත් ඒ දේවල් වෙලා ඉවරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හොඳට හෝ නරකට වෙන්න ඕනේ දේවල් ඒ විදිහට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මම දන්නේ නෑ මේ වගේ දෙයක් කියන්න සුදුසු වෙලාව මේකද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත්[FONT=Iskoola Pota, serif], [/FONT]හැමදේම පස්සට දදා ඉඳලා මම පහුගිය අවුරුදු ගාණම විඳෙව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඔන දෙයක් වෙද්දෙන්[FONT=Iskoola Pota, serif]....“ [/FONT]මම එක දිගට කියාගෙන ගිහින් හුස්මක් ඉහළට ඇද්දා[FONT=Iskoola Pota, serif].

    [/FONT]පපුව ඇතුලේ දෙමෝලෙන් පිටිකොටනවා වගේ මට දැනෙන්න ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවණි මං දිහා බලාගෙන හිටියේ තරමක් පුදුමයට පත්වුන පෙනුමකින්[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒ දවස් වල ඉඳලම මම ඔයාට ආදරය කරා නුවණි[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මුලු ජීවිතේටම මෙතෙන්ට තට්ටු කරන්න පුලුවන් වුන එකම ගෑණු ළමයා ඔයා විතරයි[FONT=Iskoola Pota, serif].“ [/FONT]මම පපුවට අතක් තියලා කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවණිගේ කට ඒ වෙනකොට තිබුණේ බාගයක් විතර ඇරිලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඒත් මගේ අවාසනාවට ඒක ඒ දවස්වල මට කියාගන්න පුලුවන් කමක් තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එක්කම ඔයාව මගෙන් කොහොමත් සදහටම ඈත් වෙන්න ඔයාට ප්‍රොපෝසල් එකකුත් ආවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම ඔයා ඒකට කැමති වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම හුඟක් විඳෙව්වා ඒ හින්දා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම දන්නේ නැහැ ඔයාගේ හිතේ මම ගැන මොන විදිහේ අදහසක් තියෙනවද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මම ඔයාගෙන් අවස්ථාවේ හැටියට ප්‍රයෝජන ගන්නවා කියලා හිතන්නත් එපා[FONT=Iskoola Pota, serif]. [/FONT]හිතලා තීරණයක් ගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා ගන්න මොන තීරණය වුනත් පිළිගන්න මම සූදානමෙන් ඉන්නවා[FONT=Iskoola Pota, serif]. “ [/FONT]හිතේ අවුරුදු ගාණක් හිරකරගෙන හිටපු බර මම යන්තම් බිමින් තිබ්බා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට දැනුනේ පුදුම නිදහසක්[FONT=Iskoola Pota, serif].

    [/FONT] නුවණි තාමත් හිටියේ පුදුමයට පත්වෙලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ටික වෙලාවක් එයා මන් දිහා බලාගෙන ඉඳලා අඬන්න පටන් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ හිතට දැනුනේ පසුතැවීමක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මම හින්දා මේ කෙල්ල ගේ හිතට ආයෙත් දුකක් දුන්නද මන්දා කියලා හිතෙන්න ගත්තා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “නුවණි[FONT=Iskoola Pota, serif]... [/FONT]මම වැරදි දෙයක් කිවුවානම් සමාවෙන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාට මේ වෙලාවේ මේක නොකියා ඉන්න තිබුණේ කියලා මට දැන් හිතෙනවා[FONT=Iskoola Pota, serif].“

    [/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif]...“ [/FONT]නුවණි කඳුලු අස්සෙන් කතා කලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “මම අඬන්නේ දුකට නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සතුටට[FONT=Iskoola Pota, serif]...“ [/FONT]ඇහෙන නෑහෙන කටහඬින් නුවණි එහෙම කියද්දී මම ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය ලැබුණා කියලා මට දැනෙන්න ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මීටින් රූම් එකේ මේසේ උඩට නැගලා නටන්න හිතුන විකාර අදහස බොහොම අමාරුවෙන් නවත්තගත්තේ ඉඳන් හිටපු පුටුවේ අත් ඇඳි දෙකම පුලුවන් තරම් හයියෙන් මිරිකලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] නුවණි ආයෙත් මං දිහා බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වෙලාවෙ නම් එයා කඳුලු අස්සෙන් හිනාවෙන්න අසාර්ථක උත්සාහයක් ගන්න බව පේන්න තිබුණා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “සාරංග[FONT=Iskoola Pota, serif], [/FONT]ඔයා මගේ ජීවිතේ මම දැකපු හොඳම යාලුවෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාගේ ගතිගුණ මම කවදාවත් වෙන මනුස්සයෙක් ගාවින් දැක්කේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේ හොඳ මනුස්සයෙක් ගාවට මට මේ විදිහට ලං වෙන්න පුලුවන් වේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මම හැමදාම හිතුවේ ඔයා මහා උසස් පුද්ගලයෙක් විදිහිට[FONT=Iskoola Pota, serif]. [/FONT]මට අද හරිම සන්තෝසයි සාරංග[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු දෙකකට පස්සේ මම අද පුදුම විදිහට සන්තෝස වෙනවා[FONT=Iskoola Pota, serif]...“ [/FONT]නුවණි තව තවත් මොනවදෝ ගොඩක් ඇහෙන නාහෙන ගානට කියවගෙන ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දේවල් මගේ ඔලුවට ගියේ නැහැ[FONT=Iskoola Pota, serif].

    [/FONT] අවුරුදු ගාණක් දුක් විඳපු මම අද සෑහෙන කාලෙකට පස්සේ අද සතුටු වෙනවා වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]එදා සිහින මවපු හැම දෙයක්මත් මං ගාව නේද කියලා හිතෙනකොට මට දරාගන්න බැරි තරම් ගැඟීමක් හිත ඇතුලේ තෙරපෙනවා මට දැනුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එක්කම වගේ මගේ ෆෝන් එක රිං වෙන්න ගත්තා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “පුතා[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔයා අද දවල් කෑමට එනවද[FONT=Iskoola Pota, serif]? [/FONT]අක්කලත් බලන් ඉන්නවා“ අම්මා එහා පැත්තෙන් කතා කලා[FONT=Iskoola Pota, serif].

    [/FONT] මම නුවණි දිහාට හැරිලා හිනාවුනා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “ඔව් අම්මේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං තව පැය බාගයකින් එනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ විශේෂ යාලුවෙකුත් එනවා කෑමට[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාව මට අම්මලාට අඳුන්වලා දෙන්න ඕනේ[FONT=Iskoola Pota, serif].“ [/FONT]මම එහෙම කියන ගමන් ෆෝන් එක කට් කලා වැඩිදුර විස්තර හම්බවෙලාම කියන්න හිතාගෙන[FONT=Iskoola Pota, serif].

    [/FONT] ඒත් එක්කම මම නුවණිගේ අතකින් අල්ලගත්තේ නොසන්සිඳෙන ආදරේකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]මමත් අපි දෙන්නගෙ ඇස් දෙක දිහා බලාගෙන විනාඩියක් විතර ඉන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට අපි දෙන්නටම හිනාවක් ගියා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “කවදාවත් මාව දාල යන්නේ නෑ නේද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මං හෙමීට ඇහුවා[FONT=Iskoola Pota, serif].

    [/FONT] “කවදාවත්ම නෑ[FONT=Iskoola Pota, serif]....“ [/FONT]නුවණි එහෙම කියලා මගේ අත හයියෙන් තද කලා[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    [FONT=Iskoola Pota, serif]----අවසානයි----[/FONT]
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අලුත් කතාවක් එක්ක අපි ඉක්මණටම හම්බවෙමු. මේ කතාව ගැන වචනයකින් හරි හොඳ නරක කියල යන්න පුලුවන්නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට :D
     
    • Like
    Reactions: thilihare

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අලුත් කතාවක් එක්ක අපි ඉක්මණටම හම්බවෙමු. මේ කතාව ගැන වචනයකින් හරි හොඳ නරක කියල යන්න පුලුවන්නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට :D

    PAtta. Kellata job aka denawada kolla anthimatama? :oo::confused: