මම ආපහු ලංකාවට ආපු එක ගැන අම්මයි තාත්තයි හුඟක් සන්තෝස වුනා[FONT=Iskoola Pota, serif].[/FONT]
“පුතා තනියම එහෙට වෙලා කොහොම ඉන්නවද කියලා හිතාගන්න බැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනා[FONT=Iskoola Pota, serif]... [/FONT]කවුරු කියලා බලන්නද[FONT=Iskoola Pota, serif]? [/FONT]කෑම ටිකවත් හරියට කනවද මන්දා[FONT=Iskoola Pota, serif]... [/FONT]අපි කොච්චර කිවුවද පොඩ්ඩක් හොයලා බලලා කටයුත්තක් කරගන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොනවයින් කියලා අඩුවක්ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අම්මා මම ලංකාවට අඩිය තිබ්බ වෙලාවේ ඉඳලා ආයෙත් පරණ කතාව මතක් කරන්න පටන් ගත්තා[FONT=Iskoola Pota, serif].
[/FONT] සමහරවිට මගේ අම්මව හුඟක් වෙලාවට ඔයාලටත් සමීප ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]මේවගේ කතාබහ ඔයාලටත් අහන්න ලැබිලා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද හුඟක් වෙලාවට දෙමව්පියන් දරුවන් සම්බන්ධ තීරණ වලදී දක්වන්නේ ඒකාකාරී හැසිරීම් රටාවක්[FONT=Iskoola Pota, serif]. [/FONT]විශේෂයෙන්ම අම්මලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද කතාවක් තියෙනවානේ අම්මලා පුතාලට විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා[FONT=Iskoola Pota, serif].
[/FONT] කොහොමවුනත් ලංකාවට ආවට පස්සේ මේ වගේ කතාබහකට යොමු නොවෙන්න මම පුලුවන් තරම් උත්සාහ ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හේතු දෙකක් නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රධානම හේතුව වුනේ හැකි පුලුවන් තරම් කාලයක් විවාහය කියන මාතෘකාව සම්බන්ධ කතාබහෙන් ඉවත්වෙලා ඉන්න මම තීරණය කරලා තිබුණ නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඒ තරම් සංවේදී වෙන මාතෘකාවක් තවත් තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම මාතෘකාවක් ගැන සාකච්ඡා කරලා මගේ වහලා දාපු හිත ආපහු ඇරලාදාලා හිත නොසන්සුන් කරගන්න මම භය වුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] අනිත් හේතුව උනේ ඇමරිකාවෙන් ලංකාවට එනකොට මගේ කරපිට පැටවිලා තිබුණ විශාල වගකීම[FONT=Iskoola Pota, serif]. [/FONT]ආයතනය සඳහා කාර්යාල පරිශ්‍රයක් කලින්ම කොළඹ ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණයක වෙන්කරවාගෙන අවශ්‍ය අලුත්වැඩියා කටයුතු කරලා තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අවශ්‍ය කෙරෙන සේවක බඳවාගැනීම් සියල්ලම වාගේ සිදුකලේ ලංකාවෙන් සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල් වලින්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ බඳවාගැනීම් කරන්න සහ වෙනත් පරිපාලන කටයුතු සඳහා පිරිසක් මාත් එක්කම ලංකාවට අනුයුක්ත කරලා ප්‍රධාන කාර්යාලයෙන් එවලා තිබුණා[FONT=Iskoola Pota, serif].
[/FONT] බොහොමයක් මේ කටයුතු මගේ සොයාබැලීම යටතේ කරන්න සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මේ හුඟක් දේවල් වලට කෙලින්ම සම්බන්ධ නොවුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]නිතරම ඒ ගැන හොයලා බලන එක මගේ වගකීමක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ ඔක්කොම කරන්න නුවර ඉඳලා බැරි නිසා ආපහු මම කොළඹ ආසන්නයෙන් ගෙයක් ඇරගෙන පදිංචි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පාරනම් අම්මයි තාත්තයි දෙන්නා මම ගාවට ගෙන්නගන්න මට පුලුවන් වුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] මේ විදිහට කාර්යබහුල වුන මට සෙනසුරාදා ඉරිදා දවස්වලත් නිවසින් බැහැරව ඉන්නට වීම ගැන අම්මාට තිබුණේ නොරිස්සුමක්[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඉඳලා ඉඳලා මේ ළමයා ලංකාවට ආවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිත් හිතන් හිටියේ පිළිවෙලක් වෙනකම් පොඩ්ඩක් අපිත් එකක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහෙද වචනයක් කතාකරන්නවත් ගෙදර ඉන්න වෙලාවක් හොයාගන්න බෑනේ[FONT=Iskoola Pota, serif]....“
[/FONT] හැබැයි මගේ තත්වය තාත්තනම් හොඳට තේරුම් අරගෙන තිබුණා[FONT=Iskoola Pota, serif].
[/FONT] “එහෙම කියන්න එපා ජයන්ති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දරුවෝ මේ කාලේ වැඩ කරන්නේ නැතුව කවද වැඩ කරන්නද[FONT=Iskoola Pota, serif]? [/FONT]අනෙක ඒ ළමයට කියලත් ජීවිතයක් තියෙනවානේ[FONT=Iskoola Pota, serif]....“ [/FONT]තාත්තා හැමවෙලේම මාව බේරන්න කතා කලා[FONT=Iskoola Pota, serif].
[/FONT] ආයතනයේ අලුත් ශාඛාවේ වැඩ කටයතු ආරම්භ කරන්න තිබුණේ තව මාසයකටත් අඩු කාලයක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා සියලුම වැඩ කටයුතු ලහි ලහියේ කෙරුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]අවශ්‍ය සේවකයින්ගෙන් මේ වෙනකොට සියයට අනූවකට ආසන්න ප්‍රමාණයක් බඳවා ගෙන අවසන් වෙලා තිබුණා[FONT=Iskoola Pota, serif].
[/FONT] “චමත්කාර[FONT=Iskoola Pota, serif], [/FONT]හෙට උදේ අපේ කන්ටෙන්ට් රයිටර්ස් ලගෙ ඉන්ටර්වීව්ස් තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]උදේ නයින් තර්ටි වලට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාට එන්න පුලුවන්ද[FONT=Iskoola Pota, serif]?
[/FONT]කොහොමත් මමයි ෆෙඩ්රිකුයි දෙන්නම හෙට ඉන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඔයා හිටියොත් හුඟක් හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හිතන් ඉන්නේ හෙටම වැඩේ ෆයිනලයිස් කරලා ක්ලෝස් කරලා දාන්න[FONT=Iskoola Pota, serif].“ [/FONT]සිකුරාදා හවසක මට කෝල් එක ආවේ අපේ එච්[FONT=Iskoola Pota, serif].[/FONT]ආර් එකේ රීජනල් මැනේජර් රෙබෙකා ගෙන්[FONT=Iskoola Pota, serif].
[/FONT] “ප්‍රශ්නයක් නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි මම තාම කැන්ඩිඩේට්ස් ලගේ ෆයිල්ස් ටික බැලුවෙවත් නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහොමත් ඔයාලා වැඩේ කරගෙන යන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මට උදේම එන්න වෙන එකක් නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි පර්සනල් වැඩක් දාගෙන ඉන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අයි විල් බී දෙයාර් අරවුන්ඩ් ටෙන් තර්ටි[FONT=Iskoola Pota, serif].“
[/FONT] පහුවැනි සෙනසුරාදා අක්කත් මගේ මස්සිනාත් ගෙදර එන්න ලෑස්ති වෙලා හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා මට උදේම ඔෆිස් එකට යන්න විදිහක් තිබුණේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ අක්කා ඒ වෙනකොට දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටපු සත්මස් ගැබිණියක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා මුලු පවුලේම අවධානය යොමුවෙලා තිබුණේ එයා වෙනුවෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැමවෙලාවෙම එයාව සන්තෝසෙන් තියන්න අපි හැමෝම උනන්දු වුනා[FONT=Iskoola Pota, serif].
[/FONT] උදේ එයාලා එනකම් ගෙදරට වෙලා හිටපු මම[FONT=Iskoola Pota, serif], [/FONT]ඔෆිස් එකට එනකොට හිතුවටත් වඩා වෙලා ගිහින්[FONT=Iskoola Pota, serif]. [/FONT]දවල් දොළහටත් ආසන්න වෙලා තිබුණ නිසා මම හිතුවේ ඉන්ටර්වීව් එකත් ඉවර ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙලින්ම මගේ රූම් එකට ගිය මම පුටුවේ ඉඳගත්තේ රෙබෙකාට කොල් එකක් ගන්න ගමන්මයි[FONT=Iskoola Pota, serif].
[/FONT] “කොහොමද වැඩේ[FONT=Iskoola Pota, serif]? [/FONT]හොඳට ගියාද[FONT=Iskoola Pota, serif]? [/FONT]අයිම් රියලි සොරි රෙබෙකා වෙලාවට එන්න බැරි වුනාට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම හිතුවටත් වඩා වෙලාව ගියා[FONT=Iskoola Pota, serif].“
[/FONT] “ඉට්ස් ඕකේ චමත්කාර[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා පහුගිය දවස් ටිකේ ඕනෑවටත් වඩා මහන්සි වෙලා වැඩ කලා නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]සෝ යූ ෂුඩ් ගෙට් සම් රෙස්ට්[FONT=Iskoola Pota, serif]. [/FONT]දැට්ස් වයි ඊවන් අයි ඩිඩ්න්ට් කොල් යූ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉන්ටර්වීව්ස් ටික නම් ප්‍රශ්නයක් වුනේ නැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මමයි[FONT=Iskoola Pota, serif], [/FONT][FONT=Iskoola Pota, serif][/FONT]ෆෙඩ්රිකුයි එකතු වෙලා ආපු අයව ෂෝට් ලිස්ට් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]එනිවේ[FONT=Iskoola Pota, serif], [/FONT]එතන එක්කෙනෙක් හිටියා අපි පොඩ්ඩක් වැඩිපුර කන්සර්න් කළොත් හොඳයි කියලා හිතෙන[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ තාම ඇඩ්වර්ටයිස් කරපු නැති සීනියර් කන්ටෙන්ට් රයිටර් රෝල් එකට කොලිෆිකේෂන් එයාට තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම එයාට පොඩ්ඩක් ඉන්න කිවුවා සෙකන්ඩ් ඉන්ටර්වීව් එකකට[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඔයත් ඉන්න එකේ පොඩ්ඩක් අපි බලමුද[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “රයිට්[FONT=Iskoola Pota, serif]. [/FONT]අයි විල් බී දෙයාර්[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහෙද[FONT=Iskoola Pota, serif]? [/FONT]මීටින් රූම් එකේද ඉන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]මම ඇහුවා[FONT=Iskoola Pota, serif].
[/FONT] “ඔවු[FONT=Iskoola Pota, serif]. [/FONT]මම දැන් මේ එතනට යන ගමන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයාත් එනවද[FONT=Iskoola Pota, serif]?“
[/FONT] “ඕකේ[FONT=Iskoola Pota, serif].“ [/FONT]කිවුව මම විනාඩි පහක් විතර කල් ඇරගෙන මගේ රූම් එකට ටිකක් ඈතින් තිබුණ මීටින් රූම් එකට ගියේ මේ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරලා දාන්න පුලුවන් වුනොත් හොඳයි කියලා හිතන ගමන්[FONT=Iskoola Pota, serif].
[/FONT] හතරවටින්ම ආවරණය වෙලා තිබුණ මීට්න් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ගිය මම බැලුවේ ඉන්ටර්වීව් එකට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]හිටපු කෙනා මට පිටුපාලා මේසේ දිහාවට හැරිලා රෙබෙකාත් එක්ක කතාවක[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඇතුළට එනවා දැක්කම රෙබෙකා පුටුවෙන් නැගිට්ටේ මාව අලුත් කෙනාට අඳුන්වලා දෙන්න[FONT=Iskoola Pota, serif].
[/FONT] “මේ අපේ සවුත් ඒෂියා රීජනල් මැනේජර්[FONT=Iskoola Pota, serif]. [/FONT]මිස්ටර් චමත්කාර[FONT=Iskoola Pota, serif].
[/FONT]චමත්කාර[FONT=Iskoola Pota, serif], [/FONT]මේ මිස් නුවණි“
රෙබෙකා එහෙම කියනවාත් එක්කම පුටුවේ වාඩිවෙලා හිටිය කෙනා මට මුහුණ දෙන්න මගේ පැත්තට හැරුණා[FONT=Iskoola Pota, serif].
[/FONT] ඒ මූන දැක්ක ගමන් ඇඟ පුරාම විදුලි කොටනවා වගේ ගැස්මක් ඇතිවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට එකපාරටම “දෙවියනේ“ කියලා කියවුනේ නොදැනුවත්වම[FONT=Iskoola Pota, serif].[/FONT]