මේකා මැරෙන්ඩ එපායැ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකා මැරෙන්ඩ එපායැ

    එහෙම කොහොමද?

    රොෂාන් තද ක්‍රිකට් ලෝලියෙකි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූයේ අසීමිත ඇල්මකි. දිවා රෑ ඔහු ක්‍රිකට් ගැන මිස අන් කිසිවක් ගැන සිතුවේවත් කථා කළේවත් නැත. සෑම මොහොතකම ඔහු සිටියේ සිතින් ක්‍රිකට් ගසමිනි. ඔහුගේ මෙම ක්‍රිකට් රෝගය දිනෙන් දින උග්‍ර වූයෙන් රොෂාන් මනෝ චිකිත්සකයකු වෙත යොමු කෙරිණ.


    දොස්තර මහත්තයා මම දවස පුරාම ක්‍රිකට් ගහනවා. ගිය සඳුදා මුළු දවසම මම බෝල් කළා. අඟහරුවාදා දවස තිස්සෙම මම ෆීල්ඩ් කළා. බදාදා, ඒ කියන්නෙ, ඊයෙ මම දවසම විකට් කීපර් විදියට හිටියා.
    ඔහු දොස්තර මහතාහට විස්තර කරමින් කීය.:frown:

    සාවධානව ඔහුට ඇහුම්කන් දුන් වෛද්‍යවරයා මෙසේ කීය.
    ’ඕකට තියෙනවා මිස්ටර් රොෂාන් හොඳ විසඳුමක්. දැන් ඔයාගෙ ඇස් දෙක තදින් වහගන්න. එහෙම ඇස්පියාගෙන හිතන්න, කියන්න බැරි තරම් ලස්සන තරුණියක්, ඔයාගෙ අත්දෙකෙන් අල්ලගෙන ඉන්නවයි කියලා.” :shocked:

    ’එයා මගෙ අත්දෙකෙන් අල්ලගත්තම මම කොහොමද බැට් කරන්නෙ? අද මම බැට් කරන දවස’ රොෂාන් නොඉවසිල්ලෙන් කීවේය.

    :growl::dull:

    ===================================================

    වැරැදි බෙහෙතක්


    වෛද්‍ය ගුණසේකර ඩිස්පැන්සරියේ වැඩ අවසන් කොට තම නිවෙසට ගොඩ වෙද්දී ඉදිරියට පැමිණි ඔහුගේ බිරිඳ දීපානි තම සැමියාගේ මුහුණ දෙස විමසිල්ලෙන් බලා මෙසේ ඇසුවාය.

    ”මොකද අනේ අද ඔයා බොහොම දුකෙන් වගෙ?”:(

    ”අර මගෙන් බෙහෙත් ගන්න කෝටිපති ජයසිංහ මුදලාලිට අද අතපසුවීමකින් වැරදි බෙහෙතක් දුන්නා”
    වෛද්‍යවරයා පිළිතුරු දුන්නේ කනස්සල්ලෙනි.

    ’හානේ..! ඉතින් ඒ මනුස්සය ඒකෙන් මැරෙයිද?’ බිරිඳ ඇහැව්වේ කට ඇරගෙනය.

    ’නැහැ. එහෙම වෙන්නෙ නැහැ. මිනිහට ඒකෙන් නිට්ටාවටම සනීප වෙන්ඩ පුළුවන්.’ වෛද්‍ය ගුණසේකර තද පසුතැවීමකින් යුතුව පිළිතුරු දුන්නා.

    :shocked::growl:

    ===================================================

    ඒක තමයි වුණේ

    මනෝ සති අන්තයේ තම නිවෙසට අවශ්‍ය බඩු ගෙන ඒම සඳහා බිරිඳගෙන් ලැබුණු රුපියල් තුන්දාහක් රැගෙන කෙළින්ම ගියේ තමන්ට සුපුරුදු කැසිනෝ ශාලාවටය.

    ඔහු රුපියල් 500/-ක් මුලින්ම ඔට්ටු ඇල්ලූ අතර එය දෙගුණ වී ඔහුට රුපියල් 1000/-ක් ලැබුණි. ඉන් ප්‍රමෝදයට පත් මනෝ එම රුපියල් 1000/-ම ඔට්ටු ඇල්ලීය. එවිට ඔහුට රු. 2000/-ක් ලැබුණි. ඔහු වහාම එම දෙදහස ද ඔට්ටු ඇල්ලූ අතර එය දෙගුණ වී රු. 4000/-ක් ලැබුණි. මෙලෙස රුපියල් ලක්ෂයක් දිනාගැනීමට මනෝට පැයකට වඩා කාලයක් ගත නොවීය.:)

    එක් පැයක් ඇතුළත රුපියල් ලක්ෂයක් දිනීමෙන් ප්‍රීතියෙන් පිස්සු වැටුණු හේ දෙවරක් නොසිතා එම ලක්ෂයම ඔට්ටු ඇල්ලීය. එවර ඔහු මුළු මුදලම පැරදිණ. පරාජය දරා ගත නොහැකි වූ මනෝ ඉහළට ඇදගත් හුස්ම පහළ හෙලනු නොහැකිව හෘදයාබාධයකින් මළේය.:(

    මෙම දුක්මුසු පුවත මනෝගේ බිරිඳට දැන්වීමේ වගකීම පැවරුණේ හේමන්තටය. හේමන්ත දුටු වහාම වසන්තා කේන්තියෙන් මෙසේ ඇසුවාය.

    ’හේමන්ත කෝ මනෝ?’:growl:

    ’මනෝ අද කැසිනෝ ගිහින්’
    හේමන්ත කීය.

    “එහෙම නං මම දුන්න රුපියල් තුන්දාහම ඉවර කරගෙන එයි. හොඳයි අද ආපුදෙන්කො උන්දැ ගෙදර” වසන්තා කෝපයෙන් දත්මිටි කමින් කීවාය.

    ’ඉතින් ඔයා පොඩ්ඩක් වෙච්ච දේ අහන්නකෝ. මනෝ අද කැසිනෝ ගිහින් රුපියල් ලක්ෂයක් දිනුවා.’:shocked:

    ’මොනවා? මගෙ ඩාලිං මනෝ රුපියල් ලක්ෂයක් දිනුවා!’
    වසන්තා අදහාගත නොහැකිව ප්‍රීතියෙන් කෑගැසීය.

    ’ඔව් දිනුවා. හැබැයි ඊළඟ පාර ඒ ලක්ෂයම පරාදවුණා’ හේමන්ත කීය.:frown:

    ’නොදකින් කාලකන්නියා. මේකා මැරෙන්ඩ එපායැ’ වසන්තා හූල්ලමින් කීවාය.

    ”ඉතින් ඒක තමයි වුණේ” හේමන්ත කියා ගත්තේය.

    :lol:

    එඩ්වඩ් චන්ද්‍රසිරි