මේක ගැන මොකද හිතන්නෙ

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේක ගැන මොකද හිතන්නෙ

    කාටවත් කඩේ යන්ඩ නෙවේ එෆ්බී එකේ දැකල ඇත්ත කියල හිතුන හින්ද දැම්මෙ.

    #දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික.
    (අතීත කාමය නෙ⁣වේ , සත්‍යයකි )
    JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි.

    #ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.

    #ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.

    #UniC රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.

    #රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා.

    #එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි.

    #දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා.

    #අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk.
    ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.

    #ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා.

    #වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා,

    #ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.

    #ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා.

    #බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
    ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති.

    #චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා.

    #එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි)

    #සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න).

    #කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.

    #මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.

    #එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම.
    අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ?

    Copid From FB
     
    • Like
    Reactions: IKL

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sirimawao lankawe okoma hadanna giya ratin kisi deyak genne nathuwa ekata kela una sagathin pelena eun dan ithin nagitiyau kiyala JVP eun uthgoshana karala ita passe JR awilla rate okoma ratin genana thathweta path karala JVP ekath kelawalama dana thanata wada kara.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    sirimawao lankawe okoma hadanna giya ratin kisi deyak genne nathuwa ekata kela una sagathin pelena eun dan ithin nagitiyau kiyala JVP eun uthgoshana karala ita passe JR awilla rate okoma ratin genana thathweta path karala JVP ekath kelawalama dana thanata wada kara.

    :(:(:(
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    උබ ඉතිහාසේ මොකුත් දන්නෙ නෑ වගේ මට පේන්නෙ. මේ comment එකම තව thread එකක දැක්ක. "සාගතින් පෙළෙනවුන්" කියල එකක් නෑ.. සාදුකින් පෙළෙනවුන්. JR jvp එක තහනම් කලේ නැත්නම් ඒ මැරිච්ච මිනිස්සු අදටත් ජීවත් වෙනව. ඔය jvp කලබල මොකුත් වෙන්නෙ නෑ එහෙනම්. එක්කෝ JR හෙනම මෝඩයෙක් ඒ පැත්තෙන්. නැත්නම් රට ගැන හැගීමක් නෑ. තමන්ගෙ බලය ගැන මිසක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕක කිහිප සැරයක්ම කිරියේ ගියා බන්.
    ඔය කියන කාලේ හිටපු ජේශ්ට එලකිරි මෙම්බර් කෙනෙක් ඕකේ ඇත්ත නැත්ත කීව කලින් ත්‍රෙඩ් එකක.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරිමාවෝ රට ගොඩ දාන මාවතේ අරන් යද්දි ජේආර් බල්ල රට කෑවා... සිරිමාවෝගේ හැමදේම රටේම නිපදවන යුගය වෙනුවට හැමදේම පිට රටින් ගේන ක්‍රමය ජේ ආර් ඇති කලා..කවෘවත් කියන ඒවා විශ්වාස කරන්න එක පරණ මනුස්සයෙක්ගෙන් අහල දැනගන්නකෝ. ඉස්සර ටයර් සංස්ථාවේ ගහන ටරය්1 ටෙස්ට් කරන්නේ මිචලින් ටයර1ත් එක්කලු... මිචලින් ටයර්1 කැඩෙද්දි අපෙ ටයර1 යකා වගේ වැඩලු... ලෝකෙටම ගල් ටරය් යැවුවෙ අපෙන් ඉස්සර... රශියන්කාරයෝ තමා ඔක හැදුවෙ ලංකාවේ. ඒ සිරිමාවොගෙ නොබැදි පිලිවෙත නිසා..ටයර් සංස්තාවට කියන්නේ රන් බිජුලන සංස්ථාව කියලලු.. විස්තර නම් පිටු පිරෙන්න ලියන්න පුලුවන්... අන්තිමටම කියන්න තියෙන්නේ තම්බි ජේ ආර් බල්ල රට කෑවා කියල තමා..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබ ඉතිහාසේ මොකුත් දන්නෙ නෑ වගේ මට පේන්නෙ. මේ comment එකම තව thread එකක දැක්ක. "සාගතින් පෙළෙනවුන්" කියල එකක් නෑ.. සාදුකින් පෙළෙනවුන්. JR jvp එක තහනම් කලේ නැත්නම් ඒ මැරිච්ච මිනිස්සු අදටත් ජීවත් වෙනව. ඔය jvp කලබල මොකුත් වෙන්නෙ නෑ එහෙනම්. එක්කෝ JR හෙනම මෝඩයෙක් ඒ පැත්තෙන්. නැත්නම් රට ගැන හැගීමක් නෑ. තමන්ගෙ බලය ගැන මිසක්.

    nikan palayan ban yanna danen nathi katha kiyanne nathuwa JVP eun thamai me rata kawe eka one mole thiyana ekekta therenawa JR ta nikan warada patawanna epa JVP kalakni tika thamai me rate anagathe kawe siramawo karapu de digatama karanam api ada dinunu una ratak eth ekath kawa ita passe karalla gahala lankawe anagathema kawa ugath budimath angathe bara ganna hitapu eun okoma marue eka nissa e nathi una generation gap eka thamai thama thiyenne e nathi una danuma monawa karath ganna ba.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරිමාවෝ රට ගොඩ දාන මාවතේ අරන් යද්දි ජේආර් බල්ල රට කෑවා... සිරිමාවෝගේ හැමදේම රටේම නිපදවන යුගය වෙනුවට හැමදේම පිට රටින් ගේන ක්‍රමය ජේ ආර් ඇති කලා..කවෘවත් කියන ඒවා විශ්වාස කරන්න එක පරණ මනුස්සයෙක්ගෙන් අහල දැනගන්නකෝ. ඉස්සර ටයර් සංස්ථාවේ ගහන ටරය්1 ටෙස්ට් කරන්නේ මිචලින් ටයර1ත් එක්කලු... මිචලින් ටයර්1 කැඩෙද්දි අපෙ ටයර1 යකා වගේ වැඩලු... ලෝකෙටම ගල් ටරය් යැවුවෙ අපෙන් ඉස්සර... රශියන්කාරයෝ තමා ඔක හැදුවෙ ලංකාවේ. ඒ සිරිමාවොගෙ නොබැදි පිලිවෙත නිසා..ටයර් සංස්තාවට කියන්නේ රන් බිජුලන සංස්ථාව කියලලු.. විස්තර නම් පිටු පිරෙන්න ලියන්න පුලුවන්... අන්තිමටම කියන්න තියෙන්නේ තම්බි ජේ ආර් බල්ල රට කෑවා කියල තමා..

    JR+JVP kiyala hari gasapan e degollo thamai rata kawe mathinige kale thawa aurudu 10 thibanam api ada meta wada honda thanaka inawa.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    sirimawao lankawe okoma hadanna giya ratin kisi deyak genne nathuwa ekata kela una sagathin pelena eun dan ithin nagitiyau kiyala JVP eun uthgoshana karala ita passe JR awilla rate okoma ratin genana thathweta path karala JVP ekath kelawalama dana thanata wada kara.

    "සාදුකින් පෙලෙන වුන් දැන් ඉතිං නැගිටියව්" කියන කියමන ජවිපෙ කියමනක් නොවෙයි. රෝහණ විජේවිරලා උපදින්නත් පෙර ඉඳලා ලංකා සම සමාජ පක්ෂයේ තිබුන (ලසසප ලංකාවේ පරණම දේශපාලන පක්ෂයයි, පිහිටවුවේ 1935 දීයි ) ප්‍රසිද්ධම උද්ඝෝෂණ පාඨයයි. ඒක ජවිපෙට අදාලම නැහැ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    "සාදුකින් පෙලෙන වුන් දැන් ඉතිං නැගිටියව්" කියන කියමන ජවිපෙ කියමනක් නොවෙයි. රෝහණ විජේවිරලා උපදින්නත් පෙර ඉඳලා ලංකා සම සමාජ පක්ෂයේ තිබුන (ලසසප ලංකාවේ පරණම දේශපාලන පක්ෂයයි, පිහිටවුවේ 1935 දීයි ) ප්‍රසිද්ධම උද්ඝෝෂණ පාඨයයි. ඒක ජවිපෙට අදාලම නැහැ.

    :yes: mama danna widihata "the internationale" kiyana sinduwe sinhala pariwarthanaya. Left wing song kiyalath kiyanawa.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    nikan palayan ban yanna danen nathi katha kiyanne nathuwa JVP eun thamai me rata kawe eka one mole thiyana ekekta therenawa JR ta nikan warada patawanna epa JVP kalakni tika thamai me rate anagathe kawe siramawo karapu de digatama karanam api ada dinunu una ratak eth ekath kawa ita passe karalla gahala lankawe anagathema kawa ugath budimath angathe bara ganna hitapu eun okoma marue eka nissa e nathi una generation gap eka thamai thama thiyenne e nathi una danuma monawa karath ganna ba.

    රට කෑවෙනම් මයිසුර් පරිප්පු කන්න චන්දෙ දීපු උන්. jr ට.
    අනිත් එක උබ කියන විදිහට තරුණ කොල්ලෝ ටිකක් jr ව අන්දලනේ. jr හෙන මෝඩයෙක්, හෝ බල පෙරේතයෙක් කිව්වෙ ඒක තමයි. ඔය දෙකෙන් එකෙක් පොර.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කපන්න කපන්න මුවහත් වෙනව
    ඒ ඇඩ් එක දාපල්ල හොයල මෙතන
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සිරිමාවෝ රට ගොඩ දාන මාවතේ අරන් යද්දි ජේආර් බල්ල රට කෑවා... සිරිමාවෝගේ හැමදේම රටේම නිපදවන යුගය වෙනුවට හැමදේම පිට රටින් ගේන ක්‍රමය ජේ ආර් ඇති කලා..කවෘවත් කියන ඒවා විශ්වාස කරන්න එක පරණ මනුස්සයෙක්ගෙන් අහල දැනගන්නකෝ. ඉස්සර ටයර් සංස්ථාවේ ගහන ටරය්1 ටෙස්ට් කරන්නේ මිචලින් ටයර1ත් එක්කලු... මිචලින් ටයර්1 කැඩෙද්දි අපෙ ටයර1 යකා වගේ වැඩලු... ලෝකෙටම ගල් ටරය් යැවුවෙ අපෙන් ඉස්සර... රශියන්කාරයෝ තමා ඔක හැදුවෙ ලංකාවේ. ඒ සිරිමාවොගෙ නොබැදි පිලිවෙත නිසා..ටයර් සංස්තාවට කියන්නේ රන් බිජුලන සංස්ථාව කියලලු.. විස්තර නම් පිටු පිරෙන්න ලියන්න පුලුවන්... අන්තිමටම කියන්න තියෙන්නේ තම්බි ජේ ආර් බල්ල රට කෑවා කියල තමා..

    1970-77 කාලයේ ලංකාවේ තිබුනේ සංවෘත ආර්ථිකයක්. ඒක ලංකාවේ ඉතාමත්ම අසාර්ථක උනා. නමුත් ඉන්දියාව අද ඉන්නා තැනට ආවේ, ලංකාවේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ පාලනය පැවති කාලයට සමාන්තරව එරට පාලනය කල ඉන්ධිරා ගාන්ධි මහත්මියගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වලිනුයි. ඒ ආර්ථික ප්‍රතිපත්ති සැකසී තිබුනේ USSR සමාජවාදී ප්‍රතිපත්ති මතයි. ඉන්දියාවේ ඉහල පැලැන්තිය හැරුන කොට බහුතරයක් මිනිසුන්ට සංවෘත ආර්ථිකයකින් එතරම් බලපෑමක් උනේ නැහැ. හේතුව ඔවුන්ට සුඛෝපභෝගී දේවල් තියා එදා වේල කන්නවත් දෙයක් නොතිබුන නිසයි. අත්‍යාවශ්‍ය නොවන ආනයන සම්පුර්ණයෙන්ම නවත්වා, ජීවිතය යන්තමට රැක ගැනීමට ප්‍රමාණවත් දේවල් පමණක් ලබා දීම දුප්පත් ඉන්දියානුවන්ට ඉහටත් උඩින්. නමුත් ලංකාව 1972 පමණ වනතෙක් ඉන්දියාවට වඩා හුඟක් ඉහල ජීවන මට්ටමක් තිබුන රටක්. කල්ලතෝනින් ලෙස හඳුන්වන, තම ජීවිතය පරදුවට තියලා ඉන්දියාවේ සිට ලංකාවට හොරෙන් පැනලා එන මිනිස්සු ආවේ ඒ කාලයේ හෝ ඊට පෙරයි. 70 දශකයේදී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ වතුකරයේ ලාංකික පුරවැසිභාවය නැති ඉන්දියානු ද්‍රවිඩ ජනයාගෙන් යම් ප්‍රතිශතයක් ආපසු ඉන්දියාවට යැව්වා. ඒ කාලයේ තලෙයි මන්නාරම් තොට (TMP) දුම්රියපොළ හරියට හිර ගෙදරක් වගෙයි. දුම්රියෙන් බැස්සාම ආපසු ලංකාව තුලට පැනලා එන්න බැරිවෙන්න හැමතැනම දැල් ගහලා තිබුනේ ජැටියට යන්න (නැවට නගින්න) පමණක් ඉඩ ඉතුරු කරලයි. ඔවුන් ආපසු ඉන්දියාවට ගියේ ඒ තරම් අකමැත්තෙනුයි.
    නමුත් ලාංකිකයන් ඒ දක්වා ජීවත් වූ සාමාන්‍ය ජීවිතය මේ කියන සංවෘත ආර්ථිකයෙන් සම්පුර්ණයෙන්ම කඩා වැටුනා. වැඩිහිටියෙකුට දිනකට පාං රාත්තල් බාගයක් පාං කාඩ් එක අරගෙන ගිහිල්ලා පෝලිමේ ඉඳලා (පාං ගෙඩියක් සත 35 යි, බාගයක් සත 18යි ) කාඩ් එක මාක් කරලා ගන්න තත්වෙකට පත් උනාම, අඟහරුවාදා සිකුරාදා කිසිම හෝටලයක බත් විකිණීම (විකුනනවා තියා තමන්ගේ බත් මුලක් වත් හෝටලයකදී කන්න ඒ දින දෙකේදී ඉඩ ලැබුනේ නැහැ ) තහනම් උනාම ඔය ඔය කියන දේශප්‍රේමය, "සියරටදේ සිරිසැප දේ" කියන කියමන් අවලංගු වෙලා ගියා. ඒ කාලයේ විඳින්න සිදු උන දුක් ගැහැට අත්දැකපු කිසි කෙනෙක් ඒ ක්‍රමය හොඳයි කියන්නේ නැහැ. ඊට ප්‍රතිවිරුද්ධ තර්කය තමයි ඔක්කෝටම ඉස්සර වෙලා "බඩ" ගැන හිතනවා මිසක් "රට' ගැන හිතන්නේ නැහැ, වැනි කියමන්. නමුත් බඩගින්නේ ඉඳලා රට සංවර්ධනය කරන්න බැරි බව බෞද්ධයන් වෙච්ච (බඩගින්නේ ඉන්න කෙනෙකුට බණ දෙසන්න පෙර කුසගින්න නිවිය යුතුයි කියලා බුදු හාමුදුරුවොත් කියලා තියන බව මේ ගොල්ලන්ට අමතක වෙලා ) පාලකයන්ට තේරුනේ නැතිකම මේ පාලනය කඩා වැටීමට හේතු උනා. මේ වසර හත ගැන මුළු ජීවිතය පුරාම කතා කළහැකි තරම් දේවල් තියනවා. එයින් බහුතරයක් හොඳ දේවල් නොවෙයි.

    කැළණි ටයර් කියන්නෙත් තවත් එක ටයර් වර්ගයක් පමණයි. වෙනත් කිසිම ටයර් වර්ගයක් ලංකාවට ගෙන්වීම තහනම් කලාම කැළණි ටයර් හොඳ උනත් , නරක උනත් වෙන විකල්පයක් තිබුනේ නැහැ. දැන් ලංකාවේ භාවිතා වෙන "කොට උඩ යනවා", එහෙම නැතිනම් "කොට උඩ" කියන යෙදුම භාවිතයට ආවේ 70-77 කාලයේදීයි. ඉන් පෙර එහෙම යෙදුමක් සිංහල භාෂාවේ තිබුනේ නැහැ. ඒ යෙදුමට පාදක උනේ ලංගම බස් ටයර් නැතිව කොටන් කෑලි උඩ නවතා තියන පිංතුර සමග පුවත්පත් වල පළවුන පුවත් නිසයි. කැළණි ටයර් ඉතාම පහල කොලිටියක ටයර් ලෙස එකල සැලකුණා. නමුත් මම ඉහත කිව්වා වාගේ ඒවා සාමාන්‍ය තත්වයේ ටයර්. නමුත් ඒවා බාලයි කියන්න හේතු උනේ ඒවා පදම් වීමට(ඒ කාලයේ තිබුන තාක්ෂනය අනුව ) යම් කාලයක් ගබඩා කර තැබිය යුතු උවත් රටේ (විශේෂයෙන් ලංගම) ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති නිසා මෝල්ඩ් එකෙන් ගලවපු ගමන් (විකිණීමට) වාහන වලට සවි කිරීමට සිදු උන නිසා බවයි මම අහලා තියෙන්නේ.

    1977 දී 5/6 ක බලයක් සහිතව ජේ ආර් ට බලයට පත්වෙන්න අඩිතාලම දැම්මේ ජේ ආර් වත් ආර් ප්‍රේමදාස වත් නොවෙයි. සිරිමාවෝගේ පාලනයේ තිබුන අසාර්ථක භාවයයි. අඩුම තරමින් ජේ ආර් වත් එවැනි විශාල ජයග්‍රහණයක් බලාපොරොත්තු උනේ නැහැ. කොල්වින් ට දිනන්න ඉඩ ලැබෙන්න ඕනෑ නිසා අගලවත්තට ලලිත් ඇතුලත්මුදලිව නොදා මෙරිල් කාරියවසම් දාපු එකත්, ඇන් ඇම් ට දිනන්න ඉඩ ලැබෙන්න ඕනෑ නිසා වින්සන් පෙරේරා දාපු එකත් ස්ටැන්ලි තිලකරත්නට දිනන්න මහරගමට ප්‍රේමරත්න ගුණසේකර දාපු එකත් අහම්බෙන් සිදු උන දේවල් නොවෙයි. මේ කියන එකල දේශපාලනයේ හිටපු "බලකණු" පරාද වේවි කියලා ජේ ආර් වත් නොහිතුව නිසා සිදු කල දේවල්.
    ජේ ආර් ගෙනාපු විවෘත ආර්ථික ක්‍රමය නිසා රටට උනේ හොඳක්ද නරකක්ද කියන එක විවාදාත්මකයි. අපි සම්පුර්ණ විවෘත ආර්ථිකයකට ගිය වේගය ඉතාම වැඩියි. නමුත් ඊට වෙන විකල්පයක් හැටියට 77 දක්වා තිබුන ආර්ථික ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යන්න ලැබුනා නම් 'රට මේ වෙනකොට දියුණු වෙලා කියලා' කියන අයගෙන් අහන්න තියෙන්නේ 70 ඉඳලාම වසර හතක් තිස්සේ අපි ආපස්සට ගියා මිසක් දියුණු උනේ /දියුණු කලේ මොන මොන කර්මාන්තද? ව්‍යාපාරද ? කියලා කරුණු සහිතව පෙන්වන හැටියටයි!
     
    Ethakota sirimage kaale thibba karmantha Jr awahama wahune ai?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Ethakota sirimage kaale thibba karmantha Jr awahama wahune ai?

    Better to ask why JRJ was elected with a massive majority... and Sirima's party ended up winning 10 seats or whatever. :P
    I don't like to comment on political threads because it's useless arguing with people who haven't got any of the facts right.
    All political parties made mistakes.. It happens even now. It's the mistake of the people vote idiots, crooks and thieves into power in the first place.