කෝස් විකුනන්න පටන් ගන්න හැටි, මාස 6ක් විතර ඕන මේ ගේම ගහන්න (උදාහරනෙට ගන්න ඩ්‍රොප් ශිපින් කෝස් එක )
1. FB එකවුන්ට් එකේ පෝස්ට් දාන්න පටන් ගන්න ඕන (ඔන්ලයින් ඔනටපීනුවර් ක්ලබ් එකේ ශෙයා කරන්නත් ඕන), මුල්ම ඩොලර් 10 හෙවුවා කියලා පෝස්ට් එකක් දානවා(ස්ක්‍රින්ශොට් එහම හදලා දාන්න පුලුවං)
2. වැඩිය පෝස්ට් දාන්නෙ නැහැ සති දෙකකින් විතර මුල්ම ඩොලර් 100 හෙවුවා ඒකෙන් ගෙදර අයට ඇඳුම් අරන් දුන්න වගේ පෝස්ට් එකක් දාන්න පුලුවන්
3. මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාන්න ඕන හෑල්ලකුත් එක්ක, මං මේ වෙනකොට ඩොලර් 1000ක් හොයලා තියනවා ඒක ගැන තමයි පෝස්ට් එක දාන්නෙ
4. දැං පෝස්ට් දාන ප්‍රමානෙ වැඩි කරන්න ඕන, මෝටිවේශනල් පෝස්ට් නිතර ශෙයා කරන්න ඕන. ඩොලර් 2000 හෙවුවා, 5000 හෙවුවා වගේ පෝස්ට් හෑලි එක්ක දාන්න ඕන
5. නිතරම මැක්බුක්/iPhone වල ෆොටෝ දාන්න ඕන, මේ සේරම ඩ්‍රොප් ශිපින් වලින් ගනිපු ආදායමෙන් ගනිපුවා කියලා. මතක ඇතුව මෝටිවේශනල් පෝස්ට් ශෙයා කරන එක දිගටම කරන්න ඕන
5. මාස 5න් වගේ වාහනයක් ගත්තා කියලා ෆොටෝ එක්ක පෝස්ට් දාන්න පුලුවං. නිතරම වාහනේ එක්ක ෆොටෝ එක්ක මේ සේරම තනියම ගේම ගහලා හොයපු සල්ලි කියලා පොඩි හරි හෑල්ලක් දාන්න ඕන(වාහනේ අපේ වෙන්න ඕන නැහැ, ෆොටෝශොප් කරපුවා හරි තාත්තාගෙ වාහනේ හරි ඕන එකක් )
6. දැන් තමයි හොඳම හරිය, මේක තමයි හරියටම කරන්න ඕනත්, දැං පෝස්ට් දාන්න ගන්න ඕන හැම දෙනාම මට මැසේජ් කරලා අහනවා මේ විදියට ගොඩ යන්නෙ කොහොමද අහන හැමෝටම මම බොක්කෙන්ම උදවු කරනවා කියලා පෝස්ට් දාන්න ඕන. ඒ අතරෙ නිකං පොඩි පොඩි ටිප්ස් වගේ දේවල් නුත් පෝස්ට් කරන්න පුලුවන්
7. දැං මාස 6 ඉවරවේගෙන එද්දි පෝල් එකක් එහෙම දාන්න පුලුවන් මම මේ කරන සේරම දේවල් ගුරු මුශ්ටි නැතිව ටියුටෝරියල් එකක් වගේ කරන්නද කියලා වගේ.
8. දැං ගේම ගහලා ඉවරයි, දැන් තියෙන්න මොනා හරි වැල් බයිලා ටිකක් වීඩියෝ ටියුටෝරියල් එකක් හදා ගන්න ඕන, මහා හෑල්ලකුත් එක්ක පෝස්ට් එකක් දානවා මම මේ ගොඩ ගියපු හැටි හැමෝම අහනවා මැසේජ් වලින් කියන්න හරි අමාරුයි, ඒක නිසා ගුරු මුශ්ටි නැතිව සුපිරි ටියුටෝරියල් එකක් හැදුවා. මම මේකට සෑහෙන්න මගේ ටයිම් එක වියදම් කරපු නිසා 25000කට දෙන්න තීරනය කරා, පලවෙනි මාසෙ ගන්න හැමෝටම 15000ගානෙ දෙනවා කියලා පෝස්ට් එක දාන්න ඕන,
9. ඊට පස්සෙ තියෙන්න සල්ලි ගනං කරන්න තමයි, මුල් ස්ටෙප් ටිකේ තත්වය අනුව තමයි කෝස් එක විකිනෙන්නෙ
මේක ශෝට් ටර්ම් කරන්න බැහැ මාස 6ක් අඩුම ඕන නැත්තං විකුනගන්න අමාරුයි, අවුරුද්දක් දෙකක් වගේ ප්ලෑන් කරොත් තව වැඩිය හොඳයි
තව මේ පෝස්ට් වල ඉගෙනගෙන ජොබ් කරන එවුන්ට වක්‍රාකාරව, හින්ට් පාස් කරන්නත් ඕන, ටාගට් මාකට් එක තමයි A/L කරලා ගෙදර ඉන්න සෙට් එක, වැඩක් නැතිව ගෙදරින් කාල ගෙදරින් ඉන්ටනෙට් කාඩ් දාගෙන ෆේස්බුක් එන තරුණ ප්‍රජාව
නිකමට හිතපන් 15000 ගානෙ
100 දෙනෙක්ට විකුන්නොත් ලක්ශ 15ක්, 1000ක් විකුන ගත්තොතින් ලක්ශ 150ක්