රටේ පාරවල් සෑදෙන්නේ මහින්ද ජනපති වරයාගේ හොඳකමින් යයි කීම විහිලුවකි.
හැම ආණ්ඩුවක් යටතේම පාරවල් සෑදුනි. කටුනායක ගුවන්තොටුපොල නවීකරනය ආරම්භ කලේ චන්ද්‍රිකා මැතිනියයි. ඔලුවිල් වරාය, හම්බන්තොට වරාය හා කාර්මාන්ත පුරය ඇයගේ වැඩපිලිවෙලේද තිබුණි. ඒවාට සමහරකට ගිවිසුම්ද අත්සන් කර තිබුණි.
මහින්ද කයිවාරු ගසන අධිවේගී මාර්ග සියල්ලේම වැඩ ඇරැඹුනේ චන්ද්‍රිකා යුගයේය.
කරුණු නොදැන කෑ ගසන්නේ නුඹය.
ඔබ ප්‍රේමදාස ජනපති ගැන අසා ඇත. ඔබ ඔහු ගැන වැඩියෙම්ම අසා ඇත්තේ ගුණද? නුගුණද්?
නුගුණ යයි මා අනුමාණ කරමි : ඒත් ප්‍රේමදාස ජනපති තරම් මේ රටේ පාරවල් හදපු, ගෙවල් හදලා දීපු, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරපු, ගමට කර්මාන්ත ගෙනගිය නායකයෙක් තවත් නැති තරම්ය.
අද ඔය මහින්දගේ නිද්‍රාශීලී ප්‍රතිපත්ති හා ජී එස් පී කෙරුවාව නිසා වැසීයන ගමේ කර්මාන්ත ශාලා වැඩිහරියක් ප්‍රේමාදාස යුගයේ ගමට ගෙනගිය කර්මාන්ත ශාලා මිස මහින්ද චින්තන බොරුව යටතේ සිදුවුනු දේවල් නොවේ.
චින්තන කයිවාරුව යටතේ ප්‍රේමදාස කලදේවල් වලින් 10% කර නැත.
ජනතාවට ජනාධිපතිවරයෙක් සේවය කලයුත්තේ කෙසේදැයි දැනගන්න ප්‍රේමදාස චරිතාපදානය කියවන්න.
මහින්ද චින්තන බොරුව කියවා කයිවාරු නොගසන්න.
සියයට 1 ලස්සන අගයකි; අවාසනාවට නුඹට;
1] කෝටිගනන් පාඩුවුනු හෙජින් ගිවිසුම අමතක වී ඇත
2] ඉතිහාසයේ ලොකුම වංචාව වැට් වංචාකාරයෝ නිදැල්ලේය
3] මිහින්ලංකාවට යටකල මුදල කොතරම්ද යන්න නුඹ දන්නේද?
4] ජනපතිගේ, විදේශ ඇමතිගේ වට වන්දනා වලට වියද්ජම් කල කෝටි ගනන් මුද මහින්දගේ බූදලය යැයි සිතන්නේද?
5] අරලිය මන්දිරයේ දන්සැල් වලට, ජනපතිගේ රැස්වීම් වලට සෙනග අදින දහස්ගණන් ලංගම බස් ව්ලට ඩීසල් ගසන්නේ, රියැදුරන්ට කොන්දොස්තරලාට බටා ගෙවන්නේ මැදමූලන බූදලයෙන්ද?
මේ දේශපාලන ගමන් වාර නිසා ලංගමට දිනපතා අහිමිවන ආදායම කෙතරම්දැයි දන්නේද?
6] අහිංසකයින්ගේ ධනය කොල්ලකෑ සක්විතිලා, දඬුවම්ලා චින්තනයේ සුරතලුන් බව අමතකද?
6] කුඩුමුදලාලි කෙනෙක් හා පාතාල නායකයෙකු ඇමතිමණ්ඩයලට පත්කරගෙන මැරකමට ලයිසන් දුන්නේ සංවේදී නායකයා නොවේද?
ඔය කියන ක්‍රියාන්විත වල යෙදුනු නිළදාරීන්ට නායකත්වය SF දුන්නේ බව අමතක නොකරන්න.
හමුදාකඳවුරු තුල මත්පැන් බොමින්, කොල්ලන් ලව්වා බුරියානි උයවාගෙන පාටි දැමූ, කොටින්ට ඔත්තු දී කෝටි ගනන් හෙවූ සමහර හමුදා උසස් නිළධාරීන්ට SF හමුදාපති වුනු පසු බඩේ පාර වැදුනු බව අමතක නොකරන්න.
ඔවුන් දැන් පලිගැනීමේ චේතනාවෙන් චින්තනයට කඩේ යයි.
කොළඹට වී යුද්දය ගැන කතාකරමින් ආංඩුවට වන්දිභට්ටකම් කරමින් බඩවඩාගත් සමහර උසස් නිළධාරීන්ව යුධ පෙරමුණට පන්නා දමා උන්ගෙන් වැඩගත් නිසා උන් SF වෛරකිරීම සාධාරණය.
අප මනින්නේ ඔය හොරු කියනා දෙයින් නොව. අපට පෙනෙන දෙයිනි. අප ප්‍රභාගේ මළසිරුර දුටුවෙමු. ඒ මලගම සංවිධානය කරන ලද නායකයා හඳුනාගෙන සිටිමු. ඒ නායකයා ම.රා. නම් නොවේ
වැට් බදු වංචාවට, මිහින් විනාශයට, කෝටිගණන් රාජ්‍ය දේපොල අපහරණයට ලක්වීම ගැන නුඹට සාක්කි අවශ්‍යය නම්, නුඹ මේ රටේ ජීවත්වෙන මිනිහෙක් නම් නොවේ.
ලියා දුන්නු දේ කියවන්නේ නුඹයි