මේවා හිටවන්නේ කොහොමද?

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මේ අය ගැන මරු ලිපියක් ගියා රාවය පත්තරේ මීට අවුරුදු ගානකට කලින්.

    මේ මිනිස්සු දැන් අල්ලන මාලුවෙක් නැහැ. සුද්දෝ එනකොට කණුවේ නැගලා ඉන්නවා මාළු ඇල්ලුවා වගේ. වෙන් කොහෙන් හරි ගත්තු මාළු ටිකකුත් ලග බෑග් එකක තියන් ඉන්නවා.

    සුද්දෝ ආවම උන්ව උස්සන් ගිහින් කනුව උඩ තියලා ෆොටෝ එහෙම අරගෙන සල්ලි දෙනවා. ඒක තමයි බිස්නස් එක.

    ඒක නරක එකක් එහෙම නෙවෙයි. ප්‍රදර්ශනත්මක නිරුපනයක් මේ අය කරන්නේ. ඉස්සර මාළු ඇල්ලුවේ මෙහෙමයි කියලා.

    සුද්දෝ එන බස් එකක් එනකං මුන් බිමට වෙලා ඉන්නවා. ගයිඩ් ලා එද්දී කෝල් දෙනවා. එතකොට කණුවට නැගලා ඉන්නවා.
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    http://suvinihettiarachchi.blogspot.com/2019/03/blog-post.html

    මහ සයුර මැද සිටවනු ලබන දිග රිටක බැදි හරස් ලීයක නැග මාළු බාන රිටිපන්න ධීවරයෝ දකුණු ලක අනන්‍යතාවක් බදුය. මෙකී රිටිපන්න ඉතිහාසය පිළිබද කරැණු බොහෝ දුරට අපැහැදිලි වේ. ඇතැමෙක් මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ආරම්භ වූවක් ලෙස පවසති. තවත් අය රැවල් නැව්වලින් මෙරටට පැමිණි ධීවරයන්ගෙන් ඉගෙන ගෙන ලන්දේසි යුගයේදී ඇරඹුණු බවද පවසති. කෙසේ වෙතත් දැනට තහවුරැ වෙමින් පවතින තොරතුරැවලට අනුව රිටිපන්න මසුන් ඇල්ලීමේ ක්‍රමය ශ්‍රී ලංකාවටම ආවේණික පන්න ක්‍රමයකි. ලංකාවේ සංචාරක කර්මාන්තයේදී රිටිපන්න ක්‍රමය සැබෑ ආකර්ෂණයකි. රිටිපන්න මසුන් ඇල්ලීම සෑම නොගැඹුරැ මුහුදු ප්‍රදේශවලම සිදු කරන්නේ නැත. එය විශේෂයෙන්ම වැලිගම, අහංගම, කොග්ගල, කතළුව, වැලිපැන්න, මිදිගම යන වෙරළ බඩ ප්‍රදේශවල පමණක්ම දැකගත හැකිය.

    රිටිපන්න මසුන් ඇල්ලීම සදහා සිටුවන කණු ඇට්ටෝනියා ගසක කදකි. ඇට්ටෝනියා නොමැති නම් කදුරැ සහ කඩොල් ලීද ඒ සදහා ගනු ලබයි. මෙම කණුව උපරිම අඩි 7ක් හෝ 8ක් පමණ උස වේ. සිරස්ව සිටුවන මෙම කණුවට ඉහලින් තිරස්ව බදිනා පොලු කැබැල්ලකි. එය කණුවේ සමබරතාව රැක සදහාත් ධීවරයාට කණුව මත ඉද ගැනීමටත් යොදා ගනු ලබයි. එම හරස් පොල්ල පෙත්ත ලෙස හදුන්වන්නේය. මෙම කණුව සිටුවන ස්ථානය කණුපල ලෙස හදුන්වයි. එම කණු පලේ අයිතිය පරම්පරාවෙන්පරම්පරාවට උරැම වන්නකි.

    කණු පලෙහි අයිතිය පියාගෙන් පුතාට හිමිවන අවස්ථා ඇතිමුත් ඇතැම් අවස්ථාවල කණු පල බෙදා හදා ගනිමින් මාළු ඇල්ලීමද සිදු කරයි. කෙසේ වෙතත් පියාගන් පුතාට හිමිවන කර්මාන්තයකටත් වඩා මෙය පියාගෙන් බෑනාට උරැම වන එකක් බවද රිටිපන්නයේ යෙදෙන ධීවරයෝ පවසති. මෙමගින් වක්‍රාකාරව දෑවැද්ද ලබාදීමක් සිදුවන බවද කියවේ.

    නොගැඹුරැ මුහුදේ ඇට්ටෝනියා රිට හිටවනු ලබන්නේ අමුතුම ක්‍රමයකටය. ඒ සදහා දිය යට ඇති ගල් පරයක් විදීම සිදුවෙයි. මේ සදහා අලවංගුවක් හෝ යකඩ ඉන්නක් භාවිත කරයි. ගල් පර සිදුරේ ඇට්ටෝනියා කණුව රදවනු ලබයි. එලෙස රදවනු ලබන කණුව අවුරැද්දක පමණ කාලයක් රැකගත හැකිය. කාලයත් සම්‍ග කර පණුවන් නමැති මුහුදු ජීවියා හේතුවෙන් කණුව විනාශ වේ. කර පණුවන් කෑමෙන් නැවත අලුත් කණුවක් සිටුවන්නට ධීවරයාට සිදුවේ.

    Coppied
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්‍රමයක්.
    oba tuma walle kenek da
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕක ඉපැරණි රාවණාගේ ක්‍රමයක්. කියන්න බයයි වස් වදියිද දන්නේ නැති නිසා :yes:
    @Solo Rider මෙන්න මූව අල්ලගන්න... @Stimulus mind කට ගැටගහන්න රෙදිපටියක් ගේන්න... @PrasangaSPerera වාහනයක් කතාකරගන්න ඉක්මනට... මූ දඟලනව..
    මේ අය ගැන මරු ලිපියක් ගියා රාවය පත්තරේ මීට අවුරුදු ගානකට කලින්.

    මේ මිනිස්සු දැන් අල්ලන මාලුවෙක් නැහැ. සුද්දෝ එනකොට කණුවේ නැගලා ඉන්නවා මාළු ඇල්ලුවා වගේ. වෙන් කොහෙන් හරි ගත්තු මාළු ටිකකුත් ලග බෑග් එකක තියන් ඉන්නවා.

    සුද්දෝ ආවම උන්ව උස්සන් ගිහින් කනුව උඩ තියලා ෆොටෝ එහෙම අරගෙන සල්ලි දෙනවා. ඒක තමයි බිස්නස් එක.

    ඒක නරක එකක් එහෙම නෙවෙයි. ප්‍රදර්ශනත්මක නිරුපනයක් මේ අය කරන්නේ. ඉස්සර මාළු ඇල්ලුවේ මෙහෙමයි කියලා.

    සුද්දෝ එන බස් එකක් එනකං මුන් බිමට වෙලා ඉන්නවා. ගයිඩ් ලා එද්දී කෝල් දෙනවා. එතකොට කණුවට නැගලා ඉන්නවා.
    පත්තරේක ඔය සීන් එක කියෙවුව වගේ මතකයක් තියෙනව...
    හැබැයි රාවය පත්තරේ නෙමෙයි... :unsure:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    ඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්‍රමයක්.
    මුහුදට එන්න කාර් එකක ආවත් පැය දෙකක් විතර එන්න ඕනි එකා.මූ දන්න ඒවා....උබටත් දෑවැද්දටද හම්බුනේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කණු පල කියන නම හරි. ඒත් කනුපල පරම්පරාවෙන් පරම්පරාවට යන එකක් නම් කනුව ලඟට වෙලාම හැමදාමත් මාළුත් ඉන්න ඕන කට ඇරගෙන අරුගේ පිත්තට අහුවෙන්න බලාගෙන. :ROFLMAO::ROFLMAO:

    ගල් පර හිල් කරන්න ඉතින් බ්‍රේකර් ගේන්න ඕන බන්. මේතැන හිල් කරන්නේ හිරි ගල.

    කනුව register කරන්නේ GPS දාල වෙන්න ඇති නේ ?? මොන විහිළුද බන් මේවා.. ගිහින් අහල බලපන්කො ඔය කණුවක් උඩ ඉන්න එකෙක් ගෙන් උ නැතත් උගේ අප්පා / මුත්තා වත් කනුව රේජිස්ටර් කරාද කියල. උබට හොද උත්තරයක් ලැබේවි . අනිවා මේකේ දාපන් උත්තරේ ... :ROFLMAO::ROFLMAO: (බෝට්ටු , මාදැල් රෙජිස්ටර් කරනවා).

    හරි බං. මම දන්න විදියට දේවල් කිව්වෙ. ඒ කාලේ විස්තර හොයලා බැලුවාම.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අව්ලක් ගන්න එපා බන්. ඒකනෙමෙයි උබ මොකද ඕක ගැන හොයන්න ගියේ ?? (මට තියනව පොඩි සීන් එකක්, මොකක් හරි අටමගලයක් දැක්කම එකේ සම්පුරන විස්තරේ හොයල /බලල, පුළුවන් නම් කරලත් බලනවා. මේ රිටිපන්නෙත් එහෙම හොයල /බලල ඒ මදිවට කරලත් බලපු සීන් එකක් කාලෙකට ඉහතදී).
    නෑ නෑ යකෝ මොන අවුලක්ද. 😋 මටත් ඔය හේතුවම තමා දෙයක් දැක්කම හොයලා බලන්න හිතෙනවා. මම ඕකක් දැක්ක වෙලාවක එතන හිටිය මනුස්සයෙක්ගෙන් ඇහුවෙ. පොර මට කිව්ව විස්තර ඔය. මට ඕකකට නගින්න හෙන ආසාවක් තියෙනවා.

    උබ මොනවද මේක ගැන තව දන්නෙ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්‍රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.

    තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .

    sri-gemunu-beach-resort-unawatuna-020.jpg

    IMG_8348.JPG
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    oba tuma walle kenek da
    වැල්ලෙ 😳
    මේ දවස්වල මාළු ගිනි ගණන්. අඩුවට මාළු ටිකක් දියන්කෝ ??? ඔය රිටේ අල්ලන එව්වා ටිකක් උනත් අවුලක් නෑ. ඔයා රිට උඩ ඉදන්ද එළකිරි එන්නේ ??
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක යටට වෙලා දෙන්නෙක් අල්ලන් ඉන්නවා
    genius

    @Solo Rider මෙන්න මූව අල්ලගන්න... @Stimulus mind කට ගැටගහන්න රෙදිපටියක් ගේන්න...
    වාහන ඔන නෑ
    මෙතනම පොලු පාරක් දිල කානුවට දාමු

    මට ඇතිවෙල මුගෙ පිස්සුව දැන් , මල වදෙ

    ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්‍රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.

    තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .

    sri-gemunu-beach-resort-unawatuna-020.jpg

    IMG_8348.JPG

    හපො මෙන්න වැල්ලෙ එකෙක්