මෙය මුසාවක් නම් දෙජාසය විසින් එයට විරුද්ධව නඩු පවරනු ඇත. මා කියූ ජවිපේ ජාතිය ආගම ගැන මතය තහවුරු කරන කදිම සාධකයකි මෙය. අනේ අපොයි සිංහල බෞද්ධයාගේ රටට වෙන්න යන දේ.
ජනතා පීඩනය හා දුෂ්ට පාලනය පලවා හැරීම සදහා තමන් සමග වැඩ කිරීමට එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයාට සුබ පැතුම් එක් කරමින් ආරාධනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ සත්‍යය, යුක්තිය, සමානාත්මතාව යන සියල්ලන් උදෙසා වූ කල්පවත්නා ප්රතිසන්ධානය යන ප්රතිපත්තීන් පදනම්ව බහු විවිධත්වය සහිත සමාජයක් ගොඩ නැගීමේ අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර සමග වැඩ කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
දකුණේ ජනතාවගේ දුක් පීඩාවන් නිමා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අරගල කොට තිබෙන බවත් දිසානායක මහතා එම අරමුණ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වී සිටි බවත් එය රටේ ප්රගතිශීලී ගමන ශක්තිමත් කරන්නක් බවත් නිවේදනයේ සදහන්ය.
අනුර දිසානායක මහතා පාර්ලිමේන්තු කි‍්‍රයාකාරීත්වය තුළ උසස් තත්ත්වයක් ප්‍රදර්ශනය කොට තිබෙන අතර සමානාත්මතාව, ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය, යුක්තිය හා නීතියේ පාලනය යන මූලික ප්රතිපත්තීන් වෙනුවෙන් පෙනී සිට ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් වර්ගවාදී දේශපාලනය පිටු දැකීම, පසුගිය වසරක කාලයක් වධහිංසාවන්ට, ඝාතනය හා අතුරුදන් වූවන් වෙනුවෙන් අඛණ්ඩව සත්‍යය හා යුක්තිය ඉල්ලා සිටීම හා දුෂණයට එරෙහි අරගලයෙහි ප්‍රශංසනීය ලෙස නිරත වීම තම සන්ධානනය විසින් සාදර පිළිගැනීමට ලක් වන බවද එහි දැක්වේ.
ජනතා විමුක්ති පෙරමුණ් නිර්මාතෘ රෝහණ විජේවීර හෝ හිටපු නායක සෝමවංශ අමරසිංහ ගතවූ ඉතිහාසයේ කිසිදු දවසක දෙමළ බෙදුම්වාදයේ ‘සාදර පිලිගැනීමට හෝ විශේෂ ස්තූතියට ලක් නොවූ අතර වත්මන් නායක අනුර දිසානායක මහත් ඉහලින් වර්ණනා කර තිබීම අනුව ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් දිශානතිය කෙසේදැයි සිතා ගැනීම අපහසු නැත.
මීට සමගාමීව එජාප සහ කොටි හිතවාදී වෙබ් අඩවි ජවිපෙ නව නායකයා පිම්බීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින බව මෑත කාලයේ ඉතා පැහැදිලිව දැකිය හැකිය.
අද අනුර දිසානායකට සිය හද පත්ලෙන් සුභ පතන බෙදුම්වාදීන්, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්, විදෙස් කොටි ජාලය කොටි පැරදු යුද්ධය පවතිද්දී ඊට පක්ෂපාතී ලෙස විශේෂයෙන් 2008 ට පෙර ඉතා තියුණු ලෙස මත දක්වද්දී ජවිපෙට පංච නින්දාවෙන් බැණ වැදුනු බවද මතක තබාගත යුතුය.