උබලට හිතෙන්නෙ නැද්ද මේක වෙන පැත්තකට කැරකෙනවා කියලා. මෙහෙම ගියොත් මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරන්න ගනී බන්. මම කියන්නෙ කඩවල් කඩලා මන්කොල්ල කාලා වගේ නිකන් බොක වෙලාම යයි වගේ හිතෙන්නෙ නැද්ද උබලට?
මෙතන මේ කාලකන්නි පන්නන මුවාවෙන් වෙනම ගේම් දෙක තුනක්ම යනවා වගේ මට දැන්නෙනෙනම්
ඔය වගේ වයිබ් එකක් යවන්න සැහෙන ගේමක් දෙනවා සෙට් එකක්. ඔකේ මුලින් ඉන්නේ කින්ග්ස්ලි ලොක්කා. පව් ඉතින්. උබම අරන් බලපන්. අද පාරට බැස්ස සෙට් එක. කැම්පස් වල සෙට් එක , ඔෆිස් වල හිටි අය . කලාකරුවෝ . මේ වගේ අය වටේ තියක කඩ කඩලා බඩු උස්සන්න යයි කියල හිතන්න බැ . අනික සමාජ මාද්ය වල වයිබ් එකක් ගියා දේපල හානි කරන එක මේක අසාර්ථක වෙන වැඩක් කියල. මිනිස්සු ගැහුවේ මැති ඇමති කඩේ යන කුක්කන්ගේ ගෙවල් වලට විතරයි. ලොකු ප්රතිශතයක් වැඩේ තේරුම් අරගෙන ඉන්නේ. බඩු කඩන එක නෙමේ මුන් පන්නන එක කියන එක තේරුම් අරන් ඉන්නේ.
අවදානම් වැඩේ මේ කාලකන්නි ආණ්ඩුව සෙට් එක දම්මලා ගේමක් ගහන්න තියන වැඩේ වැඩි. උදාහරණ ඔය රැළියක එකෙක්ට බුලට් එකක් දුන්නොත් අනික් මිනිස්සු ඇවිස්සෙනව. ඊට පස්සේ හමුදාව පොලිසිය එක්ක ගේමක් යනවා. හැබැයි මිනිස්සු අතේ කැමරා තියනවා. ඔය හැම රලියක්ම හැම එකෙක්ම වගේ වීඩියෝ කරගෙන ඉන්නේ. අනික දැන් එක පාරක් මාට්ටු උන නිසා හැම දේටම මිනිසුන්ට සැක රජය. ඒ නිසා ඒ තුරුම්පුව ගහයි කියල කියන්න අමාරුයි
3 වෙනි එක ජාතිවාදී ගේම. ඒක හොදටම චෝර වෙලා නේ තියෙන්නේ. මිනිස්සු දන්නවා බැනගෙන එනකොටම මොකාටද එන්නේ කියලා.
හැබැයි ඔය අස්සේ ජෙහාන් කෙනෙක් හෝ කණ්ඩායමක් තව ඔප්ෂන් ගැන හිතනවා කියන එක නම් ෂුවර්. මු යන්නේ නැතුව අල්ලාගෙන ඉන්න එකෙන් ඒ බව හොදටම පේනවා. ඔප්ෂන් නැත්නම් ඔච්චර් කල් අල්ලාගෙන ඉන්නේ නැ . එකට මහජනයා විදිහට අපි උන්ට කලින් ඒවා හිතලා සෝෂල් මිඩියා වල දාන්න ඕනේ. හරි සංකීර්ණ වැඩක් ඉතින්