මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    thawa bung.. kavi bana thalayak thiyenawaa eka hoyaganna search karanna danne naha ekath patta hawasata aathin aheddi.. habai kana laga set unoth nam wathayak lol..
    හොයාගත්තොත් ලින්ක් එක දාපන්.කාලයක් අර අම්මා ගැන කියන කවිබන එපා කෙරෙව්වා මෙහෙ පංසලේ හාමුදුරුවො.ඒකාලේ පොරගෙ ජාතික ගීය වගේ ඒක.හවස 5 වෙද්දි ගමටම ඇහෙන්න ඒක දානවා 🤣
    ammata siri uba alila wage neda inne @Lokka Bro
    අඩේ නෑ බන්.ඒත් අමුතුම ෆීල් එකක් ඒක අහද්දි 😁
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අමුතුයි තමයි.
    ඔටෝ ටියුන් ද මන්දා.
    මං ඉස්සර පාන්දර යන බස් එකේ ඕක දාලා තිබුණා. දැන් ඇහෙද්දිත් හරි අවුල්
     
    • Love
    Reactions: Lokka Bro

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මහ රෑ ඇහරන් ඉද්දි ඕක ලාවට ඇහෙද්දි තනියක් දැනෙන් නෑ
     
    • Love
    Reactions: Lokka Bro

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    හොයාගත්තොත් ලින්ක් එක දාපන්.කාලයක් අර අම්මා ගැන කියන කවිබන එපා කෙරෙව්වා මෙහෙ පංසලේ හාමුදුරුවො.ඒකාලේ පොරගෙ ජාතික ගීය වගේ ඒක.හවස 5 වෙද්දි ගමටම ඇහෙන්න ඒක දානවා 🤣
    අපෝ මතක් කරන්න එපා රැල්ලට ආපු කරුමයක් ඒක නම්.ඔලුව කැක්කුමයි ඇහෙද්දිත්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අඩෝ අඩෝ... කාලයක් තිබ්බ මමත් ඕකට ඇබ්බැහි වෙලා හිටියා :lol::lol:
    දැන් සෑහෙන්න කාලෙකට කලිං.. 2014/15 ද කොහෙද, මුන් තාම ඒකද ප්ලේ කරන්නෙ ?
    ඒ කාලෙ තාත්ත මට බැනගෙන යනව, පිරිතක් අහපන්කො උබ මොකටද ඔය පිරිත් කවි කරල අහන්නෙ කියල :lol:
     
    • Haha
    Reactions: Lokka Bro

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අහන්ඩ එපා ඔහොම ඇද ඇද කියන පිරිත්, ඔහොම නෙමේ පිරිත් කියන්නෙ, නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කියන පිරිත් අහන්ඩ, ඒව හරියටම කියනව.>>>> https://pitaka.lk/pirith/#/

    අංගුත්තර නිකාය

    පඤ්චක නිපාතෝ

    5.5.1.9. ගීතස්සර සුත්තං

    5.5.1.9. ගීතස්වරය ගැන වදාළ දෙසුම

    සැවැත් නුවර දී ය …..
    මහණෙනි, ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
    තමා ත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ත් ඒ ස්වරයෙහි ඇලෙති. ගිහියෝ ත් ‘අපි යම් සේ ගයමු ද එසෙයින් ම මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණවරු ත් ගයත් නොවැ’ යි අවඥා කරති. ස්වර ආකෘතිය කැමති වන්නහුගේ සමාධිය ද බිඳී යයි. පශ්චිම ජනතාව එය ආදර්ශයට ගෙන ඒ අයුරින් කටයුතු කරයි.
    මහණෙනි, මේ වනාහී ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට ආදීනව පස යි.
    මේක ඇත්ත. රේඩියෝ වල යන නන්ස්ටොප් විකාර දාගෙන ඉන්නවට වඩා හොඳයි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    "හරි පිරිත්" කියල දෙයක් නම් තියෙන්න විදිහක් නැහැ. මොකද පිරිත "හරි" වෙන්නේ මොකට සාපෙක්ෂවද කියල බලන්න ඕනේ. මුල් සූත්‍රවල "පරිත්ත" කියන වචනෙවත් තියෙනවද කියල බලන්න වටිනවා. හයවෙනි සංගායනා ත්‍රිපිටක එඩිෂන් එකෙන් අවශ්‍ය නම් වචනය සර්-ච් කරන්න පුළුවන්. ඕක පසුකාලීනව ආපු කන්සෙප්ට් එකක්. නමුත් පිරිත ගැන කතාන්තර බුද්ධ කාලයට ඈදල තියෙනවා. (උදා: රතන සූත්‍රය ගැන එන කතාව) ඒ නිසා පිරිත සජ්ඣායනා කරන විදිහේ හරි වැරැද්ද බලන්න බැහැ. අනික ගණ පිහිටුවීමෙන්, මන්ත්‍ර විදිහට යමක් ගායනා කිරීමෙන් සෙත් ලැබෙනවා කියන එක බමුණු මතයක් විතරයි!