රනා- උඹට මුළු ගමම ගරු කරනවා. ගමේ කවුරු මොන දේ කරත්, එන්නේ උඹෙන් උපදෙස් ගන්න. ඇලේ- දොලේ , වෙලේ -පැලේ කතා වෙන්නේ උඹේ හොඳ .උඹ එකපාරටම මේතරම් පොරක් වුනේ කොහොමද මචං?
ඇත්තටම උඹ පොරන් වුනේ කොහොම ද?
පාල- ඒකට මම ලොකු දෙයක් කළේ නැහැ.
රනා- අගේ නොකර කියහංකො කොරමේ.
පාල - දැන් මෙහෙමයි, උඹට මතකද විජේ මහත්තයගෙ අම්මා මළා මේ ළඟදි.
රනා- මට මොකෝ අමතක. මමත් ගියානේ මළ ගෙදර.
පාල- මම ඒ මළ ගෙදරදි හොඳටම ඇඬුවා. ඇත්තටම ඇඬුවා නෙවෙයි, ඇඬුනා.නප්පියට ගහලා මළ ගෙදරට ආවම තමයි මතක් වුනේ, ගෑනිට හෙනා එකක් ගේන්න කියපු එක. මහ රෑ දෙගොඩහරි ජාමේ ආයේ කොහෙන් කියලා හෙනා හොයන්න ද?
රනා- ඉතිං?
පාල - ඉතිං මට ඉබේම ඇඬුනා යකෝ. ඇඬෙන ගමන් කිව්වා, මේ මැරිලා ඉන්නේ විජේ මහත්තයාගේ අම්මා විතරක් නෙවෙයි. මේ මගෙත් අම්මා. අපි හැමොගෙම අම්මා. මේ මුළු ගමේම අම්මා.
රනා- මටත් ඒ වගේ චෑන්ස් එකක් අරන් දියන්කො.
පාල- උඹටත් චෑන්ස් එකක් ඇවිත් තියෙන්නෙ ඕං.
රනා- ඒ මොකක් ද?
පාල- අල්ලපු ගමේ විමලේගෙ ගෑනි මැරිලා.
රනා තවම මහ ඉස්පිරිතාලේ.බොන දේවල් විතරක් අරන් යන්ඩලා.
උපුටාගැනීමක්