මේ ලයිසන් Renew කරන විධිය

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගියා වේරහැර මෙඩිකල් ගන්න.
    26 , ඊ චැනෙලින් වෙබ් එකෙන් 30 වෙනිදා උදේ 8 ට වෙලාවක් දාගත්ත ඉස්සෙල්ලම

    උදේ 7.45 වගෙ වෙනකොට ගේට් එක ගවට සෙට් උනා.සිකුටිරි බැලුව ඊ චැනෙලින් බුක් කරපු මැසේජ් එක පෝන් එකෙන්.ඉන්පස්සෙ ඇතුලට යන්න කිව්ව.
    ගේට් එක ගාව ඉදල මිටර් 20ක් වගෙ යනකොට වම් පැත්තෙ පොඩි කාමරේක තව සිකුරිටි කෙනෙක් ඉන්නවා.එයා ගාවට ගියාම බුක් කරපු වෙලාවයි නමයි අයිඩී නම්බර් එකයිඇහුවා.එයා බලල වෙරිෆයි කරල තුන්ඩුවක් ලියලදුන්නා.
    ඒක අරන් තව ඉස්සරහට මිටර් 30 වගෙ යනකොට ඉස්සරහ මෙඩිකල් සෙන්ටර් එක.එතන සිකුරිටි තුන්ඩුව අරගෙන සපත්තු එහෙම ගලවන්න කිව්ව. බරයි උසයි මැන්න.
    ඉන්පස්සෙ ඇතුලෙ කාමරේකට යැවුවා.එතන මිස් පොටෝ එහෙම ගත්ත.අර තුන්ඩුවයි පරන ලයිසන් එකයි එකයි ගත්තා ආයෙ දුන්න.ඉන්පස්සෙ ඒ තුන්ඩුව එතන කවුන්ටරේට ද්ල බිලක් ගන්න කිව්ව. ඉන්පස්සෙ එලිවෙ වාඩි වෙලා ඉන්න කොට අර තුන්ඩුවෙ තිබ්බ නම්බර් එක කතා කරා. ඒ කාමරෙන් ලේ ගත්ත,.ඉන්පස්සෙ එතන එහා කාමරේ දොස්තර ගාවට දැම්ම.
    එතන ඉන්න මිස් කලිසම උඩට නමා ගන්න කිව්ව.පොඩි සරඹවගෙ අතපය දික් කිරිල්ලක් තිබ්බෙ.ඉන්පස්සෙ කන්නාඩි තියෙන අය කන්නාඩි දාගන්න කියල ඇස් චෙක් කරා..ඉන්පස්සෙ නම කතා කරයි වාඩි වෙලා ඉන්න කිව්ව.වාඩි වෙලා ඉන්නකොට නම්බරේ කතාකරා.සිකුරිටි අපෙන් අස්සනක් අරන් මෙඩිකල් එක දුන්න ලියුම් කවරෙක දාගන්න කියල.අස්සන් කරන්න කලින් හරිද බලන්න කිව්ව.
    උදේ 8.25 වෙනකොට ඔක්කොම ඉවරයි.එතනම ගහල තිබ්බ නම්බර් ඒකක් රිනිව් දවසක් දාගන්න. 0112677877 ඒකට කෝල් එකක් දුන්න. January දවසක් ලැබුන.

    යන්න ඉන්න අයට වැඩක් වෙයි කියල හිතුන මේක.
    ජනවාරි ඉදන් On Day service පටන් ගන්නව කිව්වා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පරණ සැහැල්ලු වාහන ලයිසන් එක තියෙන්නේ. එව්වට අලුත් කරන්න ඕනි නැහැනි අවුරුදු කීපයකට සැරයක්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පරණ සැහැල්ලු වාහන ලයිසන් එක තියෙන්නේ. එව්වට අලුත් කරන්න ඕනි නැහැනි අවුරුදු කීපයකට සැරයක්.
    oka valid da ban ?