ඒ "පර්යේෂණ" වල යථා ස්වභාවය එළි කලේ ඒකාලෙ හිටපු අනික් විද්‍යාඥයොමයි.. ඔය කියන්නෙ ඉයන් ස්ටීවන්සන්, ජේ.බී.රයන් වගේ උන්නැහැලගෙ "පර්යේෂණ" නෙ.. කොච්චර චාටර් වුණාද කියනව නම් අන්තිමේ වර්ජිනියා විශ්ව විද්‍යාලය "අධ්‍යාත්මික පර්යේෂණ අංශය" වහල දානව, බොරු කරනව කියල.. පුර්නරුත්පත්තිය තියෙනව හරි නෑ හරි කියල මම කියන්නෙ නෑ සහෝදරය.. ඒක කියන්ඩ මම දන්නෙ නෑ.. මට (හෝ ඔයාට ) ඒක දැනගන්ඩ විදිහකුත් නෑ.. ඒක නිසා තමයි මම විශ්වාස නොකර ඉන්නෙ (එයින් අදහස් වෙන්නෙ නෑ, පුනරුත්පත්තිය බොරු කියල ෆුල් ශුවර් පිට ඉන්නව කියල, ඒත් ඒක විශ්වාස නොකර ඉන්නව ).. පුනරුත්පත්තිය ඇත්තම උණත් ඔය කරපු "පර්යේෂණ" නම් පල් බොරු කියන්ඩ සාක්ෂි ඕනෙ තරම් තියෙනව.. විද්‍යාව ක්‍රියා කරන්නෙ "අහවල් විද්‍යාඥයා හෝ ගණිතඥයා අහවල් දේ පිළිගනියි, එබැවින් එය සත්‍ය විය යුතුය" වගේ ලයින්ස් ඔස්සේ නෙමෙයි.. පුනරුත්පත්තිය විතරක් නෙමෙයි මැවීම පිළිගන්න විද්‍යාඥයොත් ඉන්නව.. ඒත් එයින් පුනරුත්පත්තිය හෝ මැවීම විද්‍යාත්මක වෙන්නෙ නෑ, මොකද ඒව ඒ ඒ අයගෙ පුද්ගලික විශ්වාස නිසා..