මට දෙයක් දැන ගන්න ඕන? මේ වගේ අදහසක් උඹට ඇති උනේ, උඹ ඉගෙන ගත්ත දේවල් ( despite scintific and liberal ideas)කෙනෙක් ඒ විදිහට අවලස්සන ස්වරූපයකින් උපදිනව නම් ඒ විතරක් නෙමේ තව අය උපදින්නෙ අංගවිකල විදිහට මන්ද බුද්ධික විදිහට ඒ එයාගෙ අකුසල කර්මය . වගේම තමා ඒ වගේ කෙනෙක් කාගෙ හරි අම්ම කෙනෙක්ගෙ කුසට එනව නම් ඒක ඒ අම්මගෙත් තාත්තගෙත් අකුසල කර්මයක්මයි. මේ කුසල අකුසල කර්ම දෙකම අපිට විපාක දෙනව. එතකොට කවදහරි කරපු පවක අකුසලයක් විපාක දෙනකොට අපි තේරුම් ගන්න ඕන මේක අපේ අකුසලයක් ඒ නිසා අපි ඒක විදින්න වෙනව කියන තැනට එන්න ඕන. එහෙම නැතුව අකුසලයක් යටපත් කරන්න ඔය කියනව වගේ කෙනෙක් මැරුවොත් (abortion posh උනාට ක්‍රියාව ප්‍රාණ ගාතම තමා) අර අකුසලය නිසා තවත් බරපතල අපායගාමි අකුසලයක් අර අම්මයි තාත්තයි කරගන්නව. ඊට වඩා හොද දෙයක් තියනව එහෙම දෙයක් දැනගෙන මේ අපේ අකුසලයක් කියල තේරුම් අරන් අර ළමයව කොහොමහරි හදාගෙන ඒ ළමයට සලකල බලාගෙන සාත්තු කරල ඒ ළමය ඉන්නෙ ටික කාලෙද ඒ කාලෙ හොදට බලාගෙන සැලකුවොත් අර විපාක දීපු අකුසලය නිසා ඒ අම්මටයි තාත්තටයි පුළුවන් දිව්‍ය සම්පත්තිය ලබාගන්න තරමේ පිනක් කරගන්න. අන්න ඒ විදිහට තමා අපි ඒක ගළපගන්න ඕන.
මම අහන ධර්මය අනුව තේරුම් ගත්ත දේ අනුව එහෙම තමයි බන්. මම අහන්නෙ මේ බණ. ඔයාලත් අහන්නමට දෙයක් දැන ගන්න ඕන? මේ වගේ අදහසක් උඹට ඇති උනේ, උඹ ඉගෙන ගත්ත දේවල් ( despite scintific and liberal ideas)
එක්කද නැත්තන් අපේ සංස්කෘතිය & ආගමත් එක්ක ආපු අදහස් නිසාද?
කර්මයක් වෙනස් කරන එක කොහොමද පව් සිද්ද වෙන්නේ?කවුරු හරි කියනවා නම් කර්මය නිසා ඔහොම වෙනවා කියලා දොස්තරලට පුළුවන් දැන් ඒ කර්මය වෙනස් කරන්න. ආත්ම ගාණක් කරපු පව් පැය කිහිපයකදී දොස්තරලා වෙනස් කරනවා. එතකොට දොස්තරලට පව් සිද්ධ වෙන්නේ නැද්ද?
කර්මයක් වෙනස් කරන එක කොහොමද පව් සිද්ද වෙන්නේ?
doctor කෙනෙක්ට පිනක් රැස් වෙන්නෙ ඒකෙන්. අර මනුස්සයගෙ දුක නැති කරන නිසා. ඩොක්ට කෙනෙක් සෙට් වෙලා ඒ ඩොක්ට ඒක සුව කරන්න පුලුවන් වෙනව කියන්නෙ අර මනුස්සයගෙ පෙර පිනක් එතනදි මතු වෙන්වා. පව ඉවර වෙනව හරි අර බලවත් පින නිසා ඒ පව යටපත් වෙනව.කෙනෙකු කරන පව් වැඩ වලට අනුව අනික් ආත්මයේ ඔහු වෙනස් ස්වරෑපයකින් ඉපදෙනවා. ආගමට අනුව එය ඔහු ලබන්න අවශ්‍ය දඩුවමක්. කලින් ආත්මයේ කරපු පව් වලට... නමුත් ඒ කිසිවක් නොදන්නා දොස්තරලා ඒ දඩුවම අයින් කරනවා. ඒ කියන්නේ කලින් ආත්මයේ කරපු පව් සාදාරණීය කරනයක් කරනවා... karma law එක බාල්දු වීම නිසා පව් පිරෙන්නේ නැද්ද?